(ඉන්දිකා රාමනායක, නිමල කොඩිතුවක්කු සහ යොහාන් භාසුර)

ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශයේ අනවසරයෙන් සිදුකර ඇති ඉදිකිරීම් හා බෝග වගා වහාම ඉවත් කරගන්නා ලෙස ගාලු මුවදොර  විරෝධතා ස්ථානයේ රැඳී සිටින විරෝධතාකරුවන් වෙත පොලීසිය අද (3) පස්වරුවේ දැනුම් දී තිබේ.

අනිද්දා (5) පස්වරු 5.00 ට පෙර මේ සම්බන්ධයෙන් අනිවාර්යෙන් පියවර ගත යුතු බවත් කොටුව පොලිසිය මගින් විරෝධතාකරුවන්ට දැනුම් දී ඇත.

එසේම රටේ පවතින නීතියට අනුකූලව හා මහජනතාවට පීඩාකාරී නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බවත් පොලිසිය නිවේදනය කර තිබේ.

මෙම උපදෙස් අනුව කටයුතු නොකරන පිරිස් සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගන්නා බවත් උද්ඝෝෂණකරුවන් වෙත පොලිසිය දැනුම් දී ඇත.

මහජනයාගේ අද්‍රව්‍යමය අයිතිවාසිකම් අහිමි කිරීම වහාම නවතාලන ලෙස ද එහිදී පොලිසිය දැනුම් දී තිබේ.
ගාලු මුවදොර  පිටිය හා ඊට ආසන්න ප්‍රදේශවල අප්‍රේල් නම වන දා සිට විරෝධතාකරුවන් අඛණ්ඩව රැඳී සිටිනු ලැබීය.

(ඡායාරූප ශාන්ත රත්නායක)