සුසිල් පස්සට විසි වෙයි රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ පාර්ලිමේන්තුවේ ආසනයද වෙනස් කර ඇත. 18 January 2022
හේමසිරිගේ නඩුවට මාධ්‍යවේදීන්ට අවසර නෑ පාස්කු ඉරු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කරන බවට ප්‍රමාණවත් විශ්වාස කළ හැකි බුද්ධි තොරතුරු ලැබී තිබියදී එම ප්‍රහාර වළක්වා ගැනිමට අවශ්‍ය කටයුතු නොකිරීමෙන් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර බවට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුව වාර්තා කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන් අසුන් ගෙන සිටි තැන්වලින් ඉවත් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පියවර ගත්තේය. 18 January 2022
නීලාගේ දේහය ගුවනින් මෙරටට ප්‍රවීණ ගායිකාවක සහ සංගීත අධ්යක්ෂකවරියක වූ, අභාවප්‍රාප්ත විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය ශ්‍රී ලංකාවට ගෙන්වීමට කටයුතු කරන බව විදේශ අමාත්‍යාංශය පවසයි. 18 January 2022
ඉන්ධන ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක් ඉන්ධන මිලදි ගැනීමට ඉන්දියාව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක විශේෂ ණය පහසුකමක් ලබාදී ඇතැයි ශ්‍රි ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියයි. 18 January 2022
‘‘නිශ්චිත තොරතුරු ලැබුණා නම් ප්‍රහාරය වළක්වා ගන්න තිබුණා‘‘ පාස්කු දා ප්‍රහාරයක් එල්ල කරන බවට රාජ්‍ය බුද්ධි ප්‍රධානියා විසින් නිශ්චිතව තොරතුරු දක්වා තිබුණා නම් පාස්කුදා ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා මීට වඩා පියවරක් ගැනීමට අපට හැකියාව තිබුණා යැයි බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද පැවැසීය. 18 January 2022
පළමු ගුවන් හමුදාපති දිවි සැරිය නිමාකරයි ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ පළමු ගුවන් හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළ එයාර් චීෆ් මාෂල් පත්මන් හරිප්‍රසාද් මෙන්ඩිස් ( (පැඩී මෙන්ඩිස්) (89) මහතා අද (18) අභාවප්‍රාප්ත විය. 18 January 2022
නව සාමාන්‍යාධීකාරී පත් කළාට ලංවිම සේවකයෝ විරෝධතාවක ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සහ වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කරන ලෙස ඉල්ලා විදුලි ඉංජිනේරුවෝ පිරිසක් අද ( 18) ලංවිම මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. 18 January 2022
විදුලිය නිපදවන්න අයි.ඕ.සී. ය තෙල් දෙන්නෑ විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදීම ඉන්දීය ඔයිල් සමාගම (අයි.ඕ.සී.) ප්‍රතික්ෂේප කළ බව විදුලිබල අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (18) පස්වරුවේ පැවසීය. 18 January 2022
හදිසියේ අසනීප වූ සිසුන් 12ක් රෝහලට හදිසියේ ක්ලාන්ත වීමෙන් පාසල් ළමුන් 12 දෙනෙකු වටවල ප්‍රාදේශිය රෝහලට අද (18) ඇතුළත් කළ බව වටවල බින්ඔය දමිල මහ විද්‍යාලයේ විදුහල්පතිනිය පැවසුවාය. 18 January 2022
‘සාර්ථක පාසලක් වෙන්න නම් උගත්-යහපත් පුරවැසියන් බිහිකළ යුතුයි‘ පාසලක අරමුණ විය යුත්තේ සාමාන්‍ය පෙළ ‘ඒ සාමාර්ථ’ 9ක් හා උසස් පෙළ විශිෂ්ඨ සාමාර්ථ 4ක් ලබාගන්නා සිසුන් බිහිකිරීම පමණක් නොවන බවත්, සාර්ථක පාසලක් ලෙස ආඩම්බර වීමට නම් උගත් මෙන්ම යහපත් පුරවැසියන් බිහිකළ යුතු බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 18 January 2022
සූරාබදු නිලධාරීන් උද්ඝෝෂණයක සුරාබදු දෙපාර්තමේන්තුව මෙතෙක් රැස්කළ බදු මුදල් අමාත්‍යංශය හදුන්වාදී ඇති විශේෂ භාණ්ඩ හා සේවා බදු පනතින් මුදල් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ආයතනයක් හරහා එකතු කිරීමට කර ඇති යෝජනාවට විරෝධය දක්වමින් සුරාබදු නිලධාරීහූ මුදල් අමාත්‍යංශය ඉදිරිපිට අද (18) පස්වරුවේ උද්ඝෝෂණය කළහ. 18 January 2022
කාබනික පොහොර නිපදවන උපාධිධාරිනිය මෙරට වගාවට සරිලන දියර කාබනික පොහෙර නිෂ්පාදනය කරන උපාධි ධාරිනියක කළුතර වලල්ලාවට කටුදොර ගුලනහේන ගම්මානයෙන් අප හමුවිය. ඇය නමින් හර්ෂණී වික්රමසිංහයි. 18 January 2022
පාර්ලිමේන්තුවේ කමිටු පිහිටුවීමත් ඇරඹේ පාර්ලිමේන්තුවේ පළමුවෙනි සැසිවාරය අවසන් කිරීමත් සමග අහෝසිවුණු පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව(කෝප් කමිටුව) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝපා කමිටුව) ඇතුළු කාරක සභා පනහ නැවත පිහිටුවීම සම්බන්ධ මූලික කටයුතු ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 18 January 2022
ස්වෛරීත්ව බැඳුම්කරයට ඩොලර් මිලියන 500ක් කල්පිරුණු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සඳහා ඩොලර් මිලියන 500 ක මුදල ගෙවූ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්ටිටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි. 18 January 2022
රාජාසන කතාවට දෙදිනක කල් තැබීමේ විවාදයක් ජනාධිපතිවරයාගේ රාජාසන කතාව සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ දෙදිනක විවාදයක් හෙට (19) සහ අනිද්දා(20) පැවැත්වීමට තීරණය කොට ඇත. 18 January 2022
වන්දනාවේ ආ පිරිස් අ‘පුර පූජා භූමිය කැත කරලා තෛපොංගල් හා දුරුතු පුර පසළොස්වක පෝ දින නිමිත්තෙන් පැවති දිගු නිවාඩුවට දිවයිනේ නන්දෙසින් අනුරපුර පුදබිමට පැමිණි ලක්ෂ සංඛ්‍යාත සංචාරකයන් ජයසිරිමා බෝධි පරිශ්රරය ඇතුළු අටමස්ථානය අසල කැළි කසල තැන් තැන්වල දමා පරිසරය වනසා දමා ගොස් ඇති ආකාරය දැකිය හැකිවිය. 18 January 2022
විදුලි - තෙල් ප්‍රශ්න කැබිනෙට්ටුවේදී විසඳ ගන්නේ නැත්තේ ඇයි? විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව අතර අර්බුදය කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කොට විසඳා ගන්නේ නැත්තේ ඇයි දැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 18 January 2022
විදුලි කප්පාදුව පැය 4 ක් වන ලකුණු රටතුළ දැනට පවතින පැයක විදුලි කප්පාදුව ඉදිරියේදී පැය 4 ක් දක්වා වුවද ඉහළ යා හැකි බවත් විදුලි නිෂ්පාදනය සඳහා ඛනිජ තෙල් සංස්ථාව ලබාදී තිබූ ඉන්ධන අද අවසන් වන බවත් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ නිලධාරියෙක් පැවසීය. 18 January 2022
යෝධ ග්රහකයක් පෘථිවිය දෙසට එනවා පෘථිවිය සමග ගැටුණොත්, පරමාණු බෝම්බ 7,500 ක් එකවර පුපුරා ගියාක් මෙන් මහා විනාශයක් සිදු කළ හැකි යෝධ ග්රහකයක් හෙට (19) පැයට කිලෝ මීටර් 75639 ක වේගයකින් පෘථිවිය අසලින් ගමන් කරනු ඇත. 18 January 2022
කොවිඩ් දරුවන්ගේ සංඛ්‍යාව යළි ඉහළට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාව 31ක් දක්වා ඉහළ නැග ඇතැයි එම රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය. 18 January 2022
ගිනිගත්හේන පාසලක 10-11 පන්ති වහයි ගිනිගත්හේන ජාතික පාසලේ ළමුන් 08 දෙනෙකුට සහ ගුරුවරුන් 03 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය විම නිසා එම සිසුන් අධ්‍යාපනය ලබන 10 සහ 11 පන්ති තාවකාලිකව වසා දමා මුළු පාසලම විෂබිජහරණයට ලක් කළ බව එම පාසලේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහතා පැවසිය. 18 January 2022
බෝලවත්ත දෙව් මැදුරෙන් පැරැණි සොහොනක් මතු වෙයි හලාවත පදවියේ බෝලවත්ත පරලෝකරාජේශ්වරි මැනියන් නමින් කැප කර ඇති දෙව් මැදුරේ පරණ පල්ලිය බිමෙහි සිදු කළ කැණිමක දි වසර ගණනාවකට කලින් මිහිදන් කර තිබු මෘත ශරීර තැන්පත් කර ඇති කිසියම් ඝන ද්‍රව්‍යයකින් නිර්මාණය කළ පෙට්ටියක් හමුවු ඇති බව බෝලවත්ත මීසම් පාලක නෙවිල් සෙබස්තියන් පියතුමෝ පවසති. 18 January 2022
රෝහල්වලත් උ.පෙළ විභාග මධ්‍යස්ථාන උසස් පෙළ විභාගයට පෙනී සිටින ‘කොවිඩ්’ වයිරසය වැළදුණු ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් සෑම දිස්ත්‍රික්කයකම රෝහල බැගින් වෙන්කර රෝහල තුළ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 18 January 2022
හෙදියට පහර දුන්නැයි හෙදියෝ උද්ඝෝෂණයක මහරගම අපේක්ෂා රෝහලේ ශල්‍යාගාර භාර ප්‍රධාන හෙද නිලධාරිනියට පහරදුන් විශේෂඥ වෛද්‍යවරයාට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා එම රෝහලේ හෙද කාර්ය මණ්ඩලය අද (18) දා උදෑසන සේවයෙන් ඉවත්ව විරෝධතාවක් නිරත විය. 18 January 2022
වත්මන් අභියෝග ජයගන්න නායකත්වය දෙනවා රටේ වත්මන් අභියෝග ජයගැනීම සඳහා නායකත්වය ලබාදීමට සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 18 January 2022
පළාත් කිහිපයකට අදත් වැසි පළාත් කිහිපයකට අද (18) දිනයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 18 January 2022
ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු අද අගමැති හමුවෙති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18)පෙරවරු 11 .30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත් වේ. 18 January 2022
මැතිසබය විවෘත කිරිම ජනපති අතින් අද පෙරවරුවේ නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (18) පෙරවරුවේ උත්සවාකාරයෙන් විවෘත කෙරෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය. 18 January 2022
‘කොවිඩ්’ වැළදුණත් ශිෂ්‍යත්වයට වරම් පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ‘කොවිඩ්’ වයිරසය වැළදුණු සහ නිරෝධානය වන දරුවන් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන 108 ක් හදුනාගෙන ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්යක්ෂ විශේෂඥාෂ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පවසන්නීය. 18 January 2022
ලොරි යතුරු පැදි අනතුරින් යුවළක් මරුට ඇල්පිටිය පිටිගල ප්‍රධාන මාර්ගයේ අමුගොඩ ප්‍රදේශයේදී සිදුවූ යතුරු පැදි,ලොරි රථ අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් යුවළක් මියගොස් ඇතැයි පිටිගල පොලිසිය පවසයි. 18 January 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026