(යොහාන් භාසුර)
‘ජාතික ඉන්ධන බලපත්‍රය’ හෙවත් කිව්.ආර්. කේත ක්‍රමය ක්‍රියාත්මක කළ දෙවැනි දිනය වූ අද (3) පෙරවරු 6.00 දක්වා පැය 24 ක කාලය තුළ ඉන්ධන ලීටර 5,038,481 ක් නිකුත් කර ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි.
මෙම ඉන්ධන ප්‍රමාණය ‘සිපෙට්කෝ’ ඉන්ධන පිරවුම්හල් 776 ක් සහ අයි.ඕ.සී. පිරවුම්හල් 127 ක් ඇතුළු ඉන්ධන පිරවුම්හල් 903 කින් නිකුත් කර ඇති බවත් එහිදී පෙට්‍රල් ලීටර 3,486,144 ක් සහ ඩීසල් ලීටර 1,552,336 ක් නිකුත් කර ඇති බවත් බලශක්ති අමාත්‍යංශය කියයි.
බලශක්ති අමාත්‍යංශය පැවසුවේ අද පෙරවරුව වන විට කිව්.ආර්. කේතයට වාහන 5,274,730 ක් ලියාපදිංචි වී සිටි බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කේත හොඳයි. ඒත් මිනිස්සුන්ගේ ව්ස්තර, දත්තවල සුරක්ෂිතභාවය පිළිබඳ වගකීම ඇමතිවරයා, නිලධාරීන් සහ අමාත්‍යාංශය බාරගන්න ඕනේ. ඒ ඇප් එක හැදුවේ කවුද, ගිවිසුම මොකක්ද? කවුද ඒ දත්ත එකතු කර ගබඩා කරන්නේ කියලා මිනිස්සුන්ට වහාම කියන්න ඕනේ. ඒක දැනගන්න මිනිස්සුන්ට අයිතියක් තියෙනවා. ඉන්ධන ප්රශ්නය අද තිබිලා හෙට නැතිවෙයි. ඒත් දැන්ම මේ මිනිස්සු නැතිවෙන් නෑ. ඔය මොනවාට එකඟ වුණත්, ජාත්‍යන්තර නීති අනුව අමාත්‍යවරයා සහ අමාත්‍යාංශය ඒ වගකිම ගන්න ඕනේ...
QR ක්‍රමය නිසා ඉන්දන ජාවාරම් කාරයෝ අමාරුවේ වැටිලා. පිස්සු බල්ලෝ වගේ දගලනවා. ඊයේ පැයක් පමන පෝලිමේ ඉදලා ඉන්ධන ලීටර් 20ක් ලබා ගත්තා. මේ ක්‍රමය නිසා ත්‍රිරෝද රථ ධාවනය කරන්න බැරිනම් ගෙදර ඉන්න කියන්න.