
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් අලුත් කිසිවක් කියැවුණේ නැතැයි ජාතික ජන බලවෙිගයේ පත් කළ මන්ත්‍රිනී හරිනි අමරසූරිය මෙනවිය කීවාය.
ඔහුගේ දේශපාලන ඉතිහාසය තුළ පැවැති දේ මේ කතාවෙන් ඉදිරිපත් කළ බව කී හරිනි අමරසූරිය මෙනවිය දේශපාලනිකව සිදු විය යුතු පරිවර්තන ඒ කතාවෙන් ඉදිරිපත් කළ බව පැවසීය. අරගලය මර්දනය කරන ප්‍රයත්නය සාධාරණීකරණය කරමින් කතාව ඉදිරිපත් කළ අතර අද ඔහුගේ හීනය සැබෑ වූ දවසක් යැයිද ඡන්දයෙන් කර ගන්න බැරි වූ දෙයක් ඔහු අද කර ගත් බැවින් ඔහුගේ කතාව ගැන පුදුම වෙන්න දෙයක් නැති බව ද අමරසූරිය මෙනවිය කීවාය.
ජනාධිපතිවරයාගේ කතාවෙන් අනතුරුව පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටතදී මාධ්‍යයට අදහස් දක්වමින් හරිනි අමරසූරිය මෙනවිය මෙි බව කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැහැදිලි ඊර්ෂ්යාව
අලුතෙන් කියන්න ඕන දේවල් ඔයාගේ බොස් අනුරට පුද්ගලිකවම කියයි. පොඩ්ඩක් ඉවසලා ඉන්න.
තමන් වැඩකරන විශ්වවිද්‍යාලයේ හැමදාම උද්ඝෝෂණ මිසක් ඉගැන්වීමක් නැහැනේ. ඒ නිසා දරුවන්ගේ අනාගතයත් නැතිවෙනවා. අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද අදින්න ඉස්සර තමන්ලගේ ඇහේ තියෙන පරාලය අයින් කරගත්තොත් හොඳයි නේ.
ජෙප්පොන්ට හරි යන්නේ 88 කාලෙ දීපු ප්‍රකාශන විතරයි . ඒක තමා ඔය ඉල්ලන්නේ
ඔයාලට හරියන්නෙ ඔයලගේ වැඩ විතරයි. කවද හරි ඔයා තියෙන් මන්ත්‍රී ධුර 03ත් නැති කරගන්නවා ඒක නම් සිකුරුයි. මොකද ඔයලා හිතන බලය ඔයලට කවදාවත් ලැබෙන්නෙ නෑ.
මෙයලාට ඉතින් වැඩක් තියෙන්නෙ අනුර කියන ඒවා විතරයි, මුළු ලෝකෙන්ම.
සෑම විටම වෛරීව නොබලා මේ මොහොතේ රට වැටී ඇති තැනින් ගොඩ ගැනීමට සහායක් විය යුතු නොවේද ?
තනිකරම විරෝධී ආකල්ප මතම ජීවත්වන මෙවැනි අය කිසිම දවසක කිසිවකින් සෑහීමක් නොවන අතර රටටද කිසිඳු ඵලදායි දෙයක් නොකරයි. ජනාධිපති තුමාම හොඳයි කියනවා නොව. මේ අවස්ථාවේ අපට සිදු වී ඇත්තේ පිදුරු ගහෙත් එල්ලීමට මිසක නැවකට ගොඩවීමට දැඟළීම නොවේ.
බොරු ප්‍රචාර කරමින් ජනපති පුටුවට වෙලා ජනතාවගේ මුදල්වලින් සුකෝපබෝගි ජීවිත ගෙවනවා.
ඔයාලත් දගලන්නෙ ජන්දෙන් කරගන්න බැරි දේ අරගලෙන් කර ගන්න නෙ. හැබැයි රනිල් කලාට ඔයාලට නම් හීනයක් විතරයි. පලමුව ඊරිඝියාව, කුහක කම අතහරින්න.
මේ උන්දෑ කොහෙන්ද පාත් වුනේ...? හලෝ කාලයක් අනුර රනිල්ගේ හොරනෑව වුණාට රනිල් අනුර හොරණෑව නොවෙයි..
මෙයා මේ වගේ කතාවක් කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද?
ඒ කියන්නේ කතාව හරියට තේරුණේ නැතුව වද්ද? අනේ මන්ද මේ වගේ කට්ටිය නියෝජිතයෝ හැටියට යවල කවදානම් රට ගොඩගන්නද?
අනේ මැඩම් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා උත්තරයක් දෙන්න. ඔන්න එක ගෙදරකට හොරු පැනල ගෙහිමියා කපාකොටා ගෙදර තිබුනු සියල්ලම අරගෙන ගියා කවුරු හරි 119 ට ඇමතුමක් දීලා පොලිසිය එනවා. පොලිසිය කරන්න ඕන ලෙඩා රෝහල් ගතකර රෝගියා බේරා ගැනීමද නැත්නම් රෝගියා එලෙසම ඉන්න තියලා හොරා ඇල්ලීමට යාමද නැත්නම්. ලෙඩා සුවකරගෙන හොරා ඇල්ලීමට යාමද
උද්ඝෝෂණ, අරගල , පෝස්ටර්, වර්ජන, ඔය ටික ඇරෙන්න ඔයාලගෙන් වෙන මොනව බලාපොරොත්තු වෙන්නද?