
(දීපාල් ද සිල්වා)
අම්බලන්ගොඩ මාදමපාගම නීග්‍රෝධාරාම මාවතේ දුම්රිය හරස් මාර්ගයේ දි මෝට රථයක් දුම්රියේ ගැටි ඇතැයි පොලිසිය කියයි.
එහි ගමන් කල රියදුරු හා ඔහුගේ දරුවා කිසිදු අනතුරක් නොවී බෙරි ඇත.
මෝටර් රථයේ පිටුපස කොටස දුම්රියේ ගැටිම නිසා රියදුරු සහා දරුවා තුවාල නොලබා දිවි ගලවා ගෙන තිබේ.
ප්‍රදෙශවාසින් කියා සිටියේ දුම්රිය හරස්මාර්ගයේ සංඥා පද්ධතිය මාසකිහිපයක් ක්‍රියා විරහිතව ඇති නිසා අනතුරු සිදුවන බවයි.
අලුත්ගම සිට ගාල්ල බලා ධාවනය වන මන්දගාමි දුම්රියට මෝටර් රථය ගැටි තිබෙන බව අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය පවසයි.
සංඥා ලාම්පු ක්‍රියා විරහිත බැවින් ඉටිකොලවලින් වසා දමා තිබෙනු දැක ගත හැකිවිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය මාර්ග වල ආලෝක ලාම්පු ප්‍රමාණවත් ආලෝකයක් දෙන්නෙ නැහැ එම තත්වය අණතුරු වලට හේතුවක් වෙනවා .දවසක් මම ගමනක් ගොස් එද්දී දුම්රිය පාරට වාහනය ඇතුළු කරනවිට තමා දැක්කෙ ආලෝකය දල්වා තියෙනවා ඒ තරමට ආලෝකය අඩුයි අඩු ගණනේ මීටර් 50ක් වත් දුරට පෙනෙන ලෙස ආලෝකය දීම ගැන අවධානය යොමුවේවා
නව නිපැයුම් තරගයකදී අපේ රටේ මහත්තයෙක් හැදුවා ස්ව්‍යංක්‍රීය ගේට්ටුව්ක් දුම්රිය හරස් මාර්ගවල සවි කරන්න. ඔහුට සම්මානයකුත් දීලා නිර්මානයත් එක්ක ගෙදර යැව්වා. කිසිම ප්‍රවාහන ඇමතියක්වත් නිසි බලධාරියෙක් වත් ඒක පාවිච්චි කිරන්න එදා මෙදා තුර කිසිම උත්සහයක් ගත්තේ නෑ. බොරු වැඩවලට අපේ බදු මුදල් කාබාසිනියා කරමින් ජන ජීවිත අනතුරේ දමමින් උන් වැජබෙනවා. උන්ගේ එකෙක් දෙන්නෙක් මේ වගේ හැප්පිලා මැරුනනම් ලෝකේ වටේ දුවලා පිටරට නිශ්පාදනයක් හරි ගෙනල්ලා සවිකරයි. සාක්කුවට කුට්ටියයි. විදෙශ් සවාරි කිහිපයකුයි හදාගෙනම.
"සංඥා ලාම්පු ක්‍රියා විරහිත බැවින් ඉටිකොලවලින් වසා දමා තිබෙනු දැක ගත හැකිවිය". තව පොඩ්ඩෙන් ජීවිත දෙකක් තමයි ඉටිකොලවලින් වහන්න වෙන්නේ. මෙවැනි අර්බුධත් විසදීමට බළධාරින්ගේ ඇස් යොමු වේවා..!
මේ රියදුරා තමයි මේකට වගකියන්න ඕන ඕන කෙනෙක් දුම්රිය පාර හරහා යද්දී සිග්නල් නැහැ කියල යන්න පාර දෙපැත්ත බලන්න ඕන එහෙම සැලකිල්ලට හත්ත නම් මේදේ සිදුනොවෙන්න තිබුණෙ
පිටරටවල මිනිස්සු අඟහරුවලට යන්න හදනවා ලංකාවේ?