IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පොහොට්ටු මන්ත්‍රීවරු පොලිස්පති ගැන කනස්සල්ලෙන්

(අජන්ත කුමාර අගලකඩ)

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් වහාම තීරණයක් ගන්නැයි පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ .

මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ඉකුත් බදාදා( 03) පැවැති ආණ්ඩු පක්ෂය මන්ත්‍රීවරුන්ගේ රැස්වීමකදී ඔවුන් මෙම ඉල්ලීම කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉකුත් මැයි මස නව වැනිදා මැති ඇමතිවරුන් රැසකගේ නිවාසවලට පහර දී ,හානි කිරීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ හරියාකාරව සිදු නොවන බවට එම මන්ත්‍රීවරුන් එහිදී චෝදනා කර ඇතැයිද දැනගන්නට ඇත.

එබැවින් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්නැයි එම මන්ත්‍රීවරුන් මහජන ආරක්ෂාව භාර ඇමතිවරයාගෙන් ඉල්ලීමක්කර ඇති බව එම ආරංචි මාර්ග කියයි.

 



අදහස් (5)

පොහොට්ටු මන්ත්‍රීවරු පොලිස්පති ගැන කනස්සල්ලෙන්

D P P Prasad Saturday, 06 August 2022 11:08 AM

පොලිස්පතිවරයා කටයුතු කල යුත්තේ රටේ පවතින නිතීය හා ව්‍යවස්ථාවට අනුකූලවයි. ඇමැතිවරුන්ට හා මන්ත්‍රීවරුන්ට අවශ්‍ය පරිදි නොවේ. රටේ ඇතිවී තිබෙන ඉන්ධන ගැටළුව පාතාලය සමග ක්‍රියාත්මක මිනිමැරීම් සම්බන්ධව ප්‍ර්‍රමුඛත්වයක් ලබාදිමේදී ඇතැම් පරික්ෂණ ප්‍ර්‍රමාද විය හැක. එමනිසා පොලිස්පති ඉවත්කිරීම මේ අවස්ථාවේ කාලොචිත නොවේ..

:       86       48

ganegoda Saturday, 06 August 2022 01:29 PM

පොහොට්ටුවෝ ඔක්කොම අනාගෙන හුඟක් කල්...! ඔය හොරුන්ට කිසිම ආරක්ෂාවක් නොදිය යුතුයි...!

:       46       34

sirisena Saturday, 06 August 2022 01:33 PM

පොලිසිය කියන්නේ හැමදාම රාජකාරියේ නියුතු බලකායක්... පොහොට්ටුවන් ගහලා එළවනකන් බලයේ ඉන්න ජාතියක් නෙවෙයි.

:       36       21

sirisena Saturday, 06 August 2022 02:51 PM

පොලීසිය කියන්නේ සදාකාලික රාජකාරියේ නියුතු බලකායක්... පොහොට්ටුවන් වගේ ගහලා එළවනකන් බලයේ ඉන්න ජාතියක් නෙවෙයි...!

:       22       11

දේශපාළුවන්ගෙ නීතිය Sunday, 07 August 2022 01:00 AM

මේ දේශපාළුවො එක්ක පොලිස්පතිට වගේම නීතිපතිටත් රාජකාරිය කරන්න අපහසුයි. උන් කරන හැම මගඩියම කවර් කරන එක ආණ්ඩු මාරුවූ දාට අතේ මාට්ටු වෙනවා. ඒ නිසා මේ නිලධාරීන්ට පැති ගන්න බැරි බව වැටහෙන්නෙ නැද්ද්‍ර?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site