IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගෝඨාභයට තවත් දින 14ක් ඉල්ලයි

(අජන්ත කුමාර අගලකඩ)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැඳී සිටීමට තවත් දින 14ක කාලයක් ලබා දෙන්නැයි රජය සිංගප්පූරු රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

සිංගප්පූරුවේ රැඳී සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා සිය වීසා කාලය අවසන් වීමෙන් පසුව ලබන එකොළොස් වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව සිටියේය.

එහෙත්, රජය කර ඇති මෙම ඉල්ලීම අනුව, රාජපක්ෂ මහතා මේ මස අවසන් සතිය පමණ වන තෙක් සිංගප්පූරුවේ රැඳී සිටිනු ඇතැයි දැනගන්නට ඇත.

අරගලකරුවන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ ,හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් මස 14 වැනිදා මාලදිවයින හරහා සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර, ඔහුට සති දෙකක කාලයක් එහි රැඳී සිටීමට අවසර දී තිබිණි.පසුව එම කාලයද තව සති දෙකකින් දීර්ඝ කරනු ලැබීය.

 



අදහස් (15)

ගෝඨාභයට තවත් දින 14ක් ඉල්ලයි

Kumara Saturday, 06 August 2022 11:59 AM

අනේ ඉන්න තැනකට වෙලා හිටියානම් තමයි හොඳ... රටේ මිනිස්සුන්ට වදයක් නොවී...

:       36       24

ganegoda Saturday, 06 August 2022 01:11 PM

නීතියේ හැටියට නම්, ‘‘දැක්ක දුටු තැන වෙඩි තැබිය යුතුයි...‘‘

:       36       14

ශාන්Saturday, 06 August 2022 10:01 PM

ගෝඨාගේ පාලනය සහමුලින්ම වැරදියි. අපි ඔක්කොම එක නිසා හුඟක් විඳවනවා. නමුත් අමතක කරන්න එපා ගෝඨා ලේ වැගිරිමකින් තොරව ගෙදර ගියා කියලා. එදා මිලිටරිය දාලා වෙඩි තියලා විශාල විනාසයක් වෙන්න හැකියාවක් තිබුන දවසක්. බයට හරි මොකට හරි කාටවත් කරදරයක් නොවී පැනලා ගියා. ඉතින් ගෝඨාගේ ජිවිතයෙන් වන්දි ගෙවිය යුතුයි කියලා මම නම් හිතන්නේ නෑ. වැරදිවලට වන්දි ගෙවිම හා දඬුවම් දීම එකක්. මරා දැමීම තව එකක්. ගෝඨා සම්බන්ධයෙන් දෙවැන්න පිටු දැකිය යුතුයි.

:       3       13

ඒකනායකSaturday, 06 August 2022 10:08 PM

ඒක ඇත්ත... වෙඩි තියලා දාන්න ඕනෑ මෙච්චර සක්කිලි ඉන්න ලංකාවේ ඉන්න කලගුණ නොදන්න හැත්තක් ඉන්නවාට.. නුඹලාට ප්‍රභාකරන්ලා ගහනකොට නුඹලා වෙඩි තියන්න ගියේ නැද්ද...?

:       0       1

NihalSaturday, 06 August 2022 10:25 PM

කොටින්ට, තොප්පිකාරයින්ට සිංහල අපිට ඔහු වීරයෙක්...!

:       0       0

kamal Saturday, 06 August 2022 02:19 PM

රිදී කළේ, රන් කොතලේ බීපු මට නිකම් කළේ පන් නැතිවිය.. පිපාසෙට කොට්ටමෙට්ට ඇඳ ඇතිරිලි තිබූ අපට පණ යන්ට වීය පලු වීර ගස් යට කිව්වාලු. නුඹ නාඩන්... නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩම් කියලාත් කිව්වාලු...!

:       18       14

gampila Saturday, 06 August 2022 02:59 PM

ගෝඨා මුලු පවුලම පාර්ලිමේන්තුවේ දාගෙන ජනතාවගේ බදුමුදල් ඔවුන්ට වැටුප් හැටියට බෙදලා දුන්නා. මෙයා ගැන වෙනනම් අපි දන්න දෙයක් නෑ...

:       9       17

duminda Saturday, 06 August 2022 04:14 PM

මෙයාගේ වියදමට ඩොලර් කොහෙන්ද?

:       7       19

kamalSaturday, 06 August 2022 04:23 PM

වෙන කොහෙන්ද උගන්ඩාවෙන් මිසක්...?

:       10       15

විපරමා Saturday, 06 August 2022 05:04 PM

බැරියැ උගන්ඩාවටම ගිහින් පදින්චි වෙන්න. හොරාකාපුවා හංගලා තියෙන්නෙත් ඒ රටේනේ...?

:       12       14

ganegoda Saturday, 06 August 2022 08:13 PM

එහේ යන්න බලන්න. ඒගොල්ලෝ තාම මිනීමස් කනවලුනේ!

:       0       0

uditha Sunday, 07 August 2022 12:34 PM

උගන්ඩාවට යන්න බැහැනෙ. ඒ ගොල්ලෝ තාම මිනීමස් කනවලුනෙ.

:       0       2

de silva Saturday, 06 August 2022 09:58 PM

උගන්ඩාවට හෝ ස්වාසිලන්තයට ගිහින් පදිංචි වෙන්න...

:       0       0

චතුරි Sunday, 07 August 2022 02:56 AM

දන් ලොකුකම් කිසිම දෙයක් නැති ගානට ඉන්නෙ. ඇමරිකන් විසා නති වුන ගමන් අයියා මලෝ පීචන් වුනා. අද ඇමරිකවට එන්න ඉඩ දුන්නනම්. අද ලංකා වැසියන් හිනහා වෙනවා. මහින්ද. බැසිල් කට වහගෙන ඉන්නෙ ගෝටාට යන එන මන් නති නිසා. නැතිනම් කට්ටියගෙ හැසිරිම බලා ගන්න තිබුනා. රටට ඇතුලු වෙන්න දෙන්නම එපා මුසලම පවුලක්.

:       4       3

Saman Sunday, 07 August 2022 07:29 AM

ගෝඨාභය මහතා සමග වෛරයෙන් පසුවන ඉහත කමෙන්ට් දාපු අය කුඩ්ඩන්ද කියා සොයා බැලිය යුතුයි.

:       5       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site