IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පාද යාත්‍රාවෙන් කතරගම එන බැතිමතුන්ගේ රැකවරණෙට මුදල් වෙන් කරයි

 

(අංජුල මහික වීරරත්න)

කතරගම ඇසළ උත්සවය සඳහා උතුරු නැගෙනහිර සිට පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන්ට ආරක්ෂාව හා ජල සම්පාදනය ඇතුළු යටිතල පහසුකම් සැපයීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි රුපියල් මිලියන 2.04ක මුදලක් වෙන් කර ඇත.

පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන් මුහුණපාන දුෂ්කරතා පිළිබඳව මොණරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසු ඊට අදාළ පහසුකම් සලසන ලෙස උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව අදාළ පහසුකම් සැපයීම ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ සිදු කරනු ලබයි. 

වාර්ෂිකව ඇසළ උත්සවය නිමිත්තෙන් බැතිමතුන් තිස්දාහකට අධික පිරිසක් ඔකඳ සිට පා ගමනින් කිලෝමීටර් 90කට වැඩි දුරක් ගෙවා කතරගම පූජා භූමිය වෙත පැමිණීම අතීතයේ සිට පැවත එන්නකි. එම ගමනේදී ඔවුන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙන අතර ඇතැම්විට වන සතුන්ගෙන් වන ආපදාවලට ද මුහුණ දී තිබේ.

මේ පිළිබඳ අවධානය යොමු කරමින් එම බැතිමතුන්ගේ ආරක්ෂාව සහ පහසුකම් සැපයීම වෙනුවෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා  අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දී ඇත.



අදහස් (3)

පාද යාත්‍රාවෙන් කතරගම එන බැතිමතුන්ගේ රැකවරණෙට මුදල් වෙන් කරයි

අප්පුහාමි Saturday, 06 August 2022 08:42 AM

අපි රාජකාරි කල කාලයේ වගේ දිසාපති කෙනෙක් ඉන්නවා කියලා අහන්න ලැබීම සතුටක්.

:       1       3

සනත් Saturday, 06 August 2022 11:12 AM

පාද යාත්‍රාවෙන් කතරගම පුදබිමට වාර්ෂිකව පැමිණෙන මෙම පිරිස් කඳ සුරිඳු කෙරෙහි අපමණ භක්තියකින් දේවාශිර්වාදය ලබාගැනීම සඳහා පේවී පැමිණෙන බව රහසක් නොවේ යැයි සිතමි. පැමිණෙන ගමනේ දී අනේකවිධ දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුවන බවද ඔවුහු දැනසිටිති. එවන් අපමන දුෂ්කරතා මැද පැමිනෙන මේ ගමනේ නියම දේවාශිර්වාදය ඇත්තේද ඔවුන්ට පමණක් බවද විශ්වාස කෙරේ. එසේ නම් මෙම භක්තිවන්ත පිරිසට සැපයිය යුතු වන්නේ කුමක්දැයි සිතා බැලීම වටිනා දෙයකි. ඔවුන්ගේ අරමුණට බාධාවක් නොවන සේවාවක් හෝ පහසුකමක් ලබාදීම සිදුවිය යුතුවේ.

:       1       0

kamal Saturday, 06 August 2022 12:05 PM

ජනවරමක් නැති ජනාධිපතිට යන්න පාද යාත්‍රා දෙන්න දෙයියන්ටවත් බැරිවෙනවා.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site