IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


කොටියාගේ මරණය ගැන අමාත්‍යාංශයෙන් විමර්ශනයක්

(අංජුල මහික වීරරත්න)

හැටන් සමර්හිල් වතුයායේ තේ වත්තක දී මරණයට පත් වූ කඳුකර කොටියාගේ මරණය සිදු වු ආකාරය සැළකිල්ලට ගනිමින් ඒ සම්බන්ධව වහාම විමර්ශණයක් කරන ලෙස කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (08) එම අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් දුන්නේය.

දඩයක්කරුවෙකුගේ මන්දකට හසුවී සිටි මෙම කඳුකර කොටියා අසල තිබු යුකැලිප්ටස් ගසකට නැඟ සිටිය දී මන්ද එම සත්වයාගේ ඉණ ප්‍රදේශයෙන් තද වී තිබේ.

නමුත් එම සතාගේ ජීවිතයට හානියක් සිදුවීම වළක්වා ගනිමින් බේරා ගැනීමට අවස්ථාව තිබිය දී වනජීවි නිලධාරින් ගස කපා බිම හෙළිම නිසා ඊට යට වී එම කඳුකර කොටියා මරණයට පත් වු බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

කෙසේ වුවද මේ සම්බන්ධව වහාම විමර්ශනයක් කරන කරන ලෙසත්, අදාල නිලධාරින්ගේ නොසැලකිල්ල නිසා එම සත්වයා මරණයට පත් වූ බව සනාථ වන්නේ නම් එම වනජීවි නිලධාරීන් සම්බන්ධව විනයානුකූල පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා ලේකම්වරියට උපදෙස් දී තිබේ.

සිද්ධිය සම්බන්ධව විශේෂ විමර්ශනයක් සඳහා අද දින ම අතිරේක ලේකම්වරයෙකුගෙන් සමන්විත පිරිසක් හැටන් සමර්හිල් වතුයාය බලා පිටත් කර හැරීමට කටයුතූ කළ බව අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

 



අදහස් (17)

කොටියාගේ මරණය ගැන අමාත්‍යාංශයෙන් විමර්ශනයක්

saman Monday, 08 August 2022 08:42 AM

මේ අය කාලා මහදැන මුත්තා මුට්ටිය ගන්න එළුවගෙ බෙල්ල කැපුවා වගේ වැඩක්...

:       0       9

kandukara diviya Monday, 08 August 2022 08:59 AM

මේ වගේ මෝඩ හරක් රැළක්... ගහ උඩ හිටිය කොටියා බේරගන්න හැටි... කැකිල්ලේ තීන්දුව ගත්ත අය අනිවාර්යයෙන්ම 69 ලක්ෂයෙන් එකෙක් දූරදර්ශී නැහැ...

:       0       9

janaka Monday, 08 August 2022 10:27 AM

තාමත් මහදැන මුත්තයි, ගෝලයෝ රොත්තයි වනජීවි එකේ ඉන්නවා කියලා අදයි දැනගත්තේ...!

:       0       13

Sam Monday, 08 August 2022 10:43 AM

කොටියා බේරගන්ඩ කියලා ඌත් එක්කම ගහ කැපුවේ මුට්ටිය බේරගන්ඩ අන්දරේ එළුවාගේ බෙල්ල කපපන් කිව්වා වාගේ . මේක සතා ගේ හම ගන්ඩ හිතා මතා සතා මැරීමක් බව රූප රාමු දැකපු ඕනෑම කෙනෙකුට තේරෙනවා . වහා ඒම නිලධාරීන් වැඩ තහනම් කොට දඬුවම් දෙන්න . බේරාගත හැකිව තිබු සතා සිතාමතා නිසි පියවර නොගෙන මරා දැමීමක් .

:       2       15

අයිරිස්Monday, 08 August 2022 03:07 PM

එළුවගේ බෙල්ල කපන්න කිව්වේ අන්දරේ නොවෙයි බං... මහදැන මුත්තා. කොහේද සෑම් ඉස්කෝලේ ගියේ...?

:       0       4

ravin Monday, 08 August 2022 11:03 AM

කවුරු කොහොම කිව්වත් බැලූ බැල්මට පෙනෙන දෙයක් තමයි කොටියාගේ බඩ ප්‍රෙද්ශයේ තදබල අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවිය හැකි බව.

:       6       2

Ruhunu Monday, 08 August 2022 11:08 AM

වනජීවී නිලධාරීන්ට අහුවුණොත් ඉතින් හොඳට ඉන්න සත්තුත් මැරෙනවා...

:       0       12

wimal Monday, 08 August 2022 11:33 AM

ඇරුම පුදුම අසිරි ලන්තෙ වැඩ තමා ලෝකප්‍රකට වෙන්නෙ,,, අයියෝ මෙව්ගෙ හිගන්නො ඉන්න රටක්.... සතා මරල ඉවරවෙලා දැන් බොරුවට ෂෝ පෙන්නන්න හදනව

:       0       15

ganegoda Monday, 08 August 2022 11:57 AM

මහදැනමුත්තා එළුවා බේරගත්ත වගේ නේද?

:       0       13

anura Monday, 08 August 2022 12:22 PM

මහදැනමුත්තා හා ගෝල පිරිස මුට්ටියෙන් එළුවාගේ ඔළුව ගන්න එළුවාගේ බෙල්ල කැපුවා වාගේ වැඩක් මේ කරලා තියෙන්නේ. මේවාගේ අඥාන නිලධාරීන් වහාම සේවයෙන් ඉවත් කළ යුතුයි.

:       0       13

nishani Monday, 08 August 2022 01:01 PM

ගහයි එළුවයි දෙකම නැති වුණා...

:       0       6

පිටිගල මිලානෝ Monday, 08 August 2022 01:23 PM

මොවුන්ව කැලේට දාලා සත්තුන්ට කාර්යාල ටික බාර දුන්නා නම් හරි..!

:       0       11

Rohana Monday, 08 August 2022 03:23 PM

වනජීවියේ මහදැනමුත්තයි, ගෝලයෝ රොත්තකුයි ඉන්නබව අදයි දැනගත්තේ...

:       0       1

ganegoda Monday, 08 August 2022 03:30 PM

මේ මෝඩ ගොරකයින්ට වන රක්ෂණයෙන් පඩිත් ගෙවනවා නේද?

:       0       3

Darshana Monday, 08 August 2022 05:04 PM

රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීමේදී විභාගයක් පවත්වනවා කියලා අහලා තියෙනවා. ඒ විභාගයෙදී අපේක්ෂකයාගේ බුද්ධිමත් බව බලන්න ක්‍රමයක් නැද්ද? එහෙම තියෙනවා නම් මෙහෙම වෙන්නේ කොහොමද? කෙනෙකුට ප්‍රශ්න පත්‍රය හා උත්තර පත්‍රය ලැබුණොත් විභාගය සමත්වෙන්න පුළුවන් දැනුම නැහැ. අදාල සේවය සඳහා ගැලපෙන බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න ඇතුළත් කරන්න. ඒ වගේම තමයි එක්එක් තනතුරු සඳහා දැනට කරන්නේ පරණ ප්‍රශ්නපත්‍ර උත්තර සමග කට පාඩම් කරලා ලියලා සමත්වීම මිස අවබෝධයක් ඇතිව කරනවා නොවෙයි.. සමහර විටක දේශපාලන හිතවතුන්ට රැකියා දීම නිසාද මෙහෙම අය බඳවා ගන්නවා වෙන්න ඇති..

:       0       0

kamal Monday, 08 August 2022 05:21 PM

ලෝකයේ හොඳම අධ්‍යාපනේ තියෙන රටනේ... මේ වනජීවියේ අය ටියුෂන් ගිහින් නැහැ වගේ...!

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Monday, 08 August 2022 07:49 PM

රථමයෙන්ම,මේ වඳවී යන සතුන් ආරක්ෂා කර ගැනීමට පුඩු තබන නරුමයින්ට නිසි අයුරින් දඬුවම් කළ යුතුයි.ඒත්,වගකිවයුතු අය මේ ගැන දක්වන්නේ මන්දෝත්සාහී බවක්.සතා බේරාගැනීමට ගිය අය සිදුකළේ මෝඩම මෝඩ ක්‍රියාවකි.සතාගේ ඇඟටම වැටෙන ලෙස ගස කපා දැමුවා.මන්දේ හිරවී සතාගේ බෙල්ල ගැස්සීම නිසා උගුරුදණ්ඩ කැඩී ගියා වෙන්නට පුළුවන්.පව් ... වටිනා සතාගේ දිවි තෝරා වුණා.දැන් කෙරෙනා පරීක්ෂණ කුමටද ? සිදුවිය යුත්තේ,මේ වැනි සේවකයන් අර සතුන්ගේ ගණයට දමා කුඹුරු හාන්නට දැමීමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 212 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 405 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 170 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site