IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


පුත්තලමේ රසායනාගාර මාෆියාවක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම මූලික රෝහලට නේවාසික ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණේන රෝගීන්ගේ රසායනාගාර පරික්ෂණ සඳහා පෞද්ගලික රෝහලකට යැවිමේන් රෝගීන්ට අනවශ්‍ය මුදලක් දැරිමට සිදුව ඇතැයි රෝගීහු චෝදනා කරති.

මෙම තත්වය මාපියාවක් බවට පත් කර ඇති බවත් මේ හේතුවෙන් රොගීන් මෙන්ම ඔවුන්ගේ ඥාතීන් අන්ත අසරණ තත්වයට පත්ව සිටිති.

රෝගීන් පවසන්නේ තමන්ගේ රුධිර සාම්පල, මුත්‍රා සම්පල ඇතුළු රෝහල තුළ ඇති රසායනාගාරවලින් කර ගත හැකි සියලු පරික්ෂණ රෝහල තුළ කර ගැනිමේ සියලු පහසුකම් තිබියදී රෝහලේ කිසියම් පිරිසක් මැදිහත් වී අදාල පෞද්ගලික රෝහලට යැවිම නිරන්තරයෙන් සිදුව ඇති බවයි.

මේ සම්බන්ධව පුත්තලම මූලික රෝහලේ අධ්‍යක්ෂ සුමිත් ඇන්ටන් ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසිමේදි පවසා සිටියෙ මෙවැන්නකී.

“ඇත්තටම මෙවැනි තත්වයක් තිබේන බව මටත් වාර්තා වුණා.ඒ ගැන වාර්තා විමත් සමග මේ පිළිබදව අවධානය තදින් යොමු කළා.නමුත් මෙවැනි තත්වයක් නැවත නොවන්නට කිසිම ලෙසකින් රෝහල තුළ කළ හැකි සියලුම පරික්ෂණ රෝහල තුළින් පමණක් කිරීමට මම රසායනාගාරට දැන්වුවා. දැනුවත් කලාට ස්තුතියි එවැනි තත්වයක් නැවත සිදු නොවන්නට අපි කටයුතු කරනවා

 



අදහස් (2)

පුත්තලමේ රසායනාගාර මාෆියාවක්

Suranga Monday, 08 August 2022 04:31 PM

පුත්තලමේ විතරක් නෙවෙයි .රට වටේම වෙන්නෙ ඕක.පෞද්ගලික රසායනාගාර වලින් ලැබෙන අල්ලසට යට වෙලා වාට්ටුවල ඉන්න දොස්තරල නර්ස්ලා ඇටෙන්ඩන්ලා ඔක්කොම පොරකන්නෙ එළියෙන් පරීක්ෂණ කරගෙන එන්න කියල.ඒකත් අපිට ඕන එකෙන් නෙවෙයි ..ඕව ලොකු තැන්වලින් නොදන්නව නෙවෙයි .දැන දැන නිකන් ඉන්නෙ එයාලටත් හොඳට සලකන නිසා.

:       3       9

ranjith Monday, 08 August 2022 06:41 PM

බොහෝ රෝහල්වල ලොකු ගොඩනැගිලිවල රසායනාගාර තියෙනවා.. ඒ වුණාට රෝහල් අවට තියෙන පෙට්ටි කඩ වගේ තියෙන පුද්ගලික රසායනාගාරවල කෙරෙන තරම් පරීක්ෂණ රෝහලේ කරන්නේ නැහැ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 215 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 405 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 170 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site