
(නිමල කොඩිතුවක්කු)
පවතින තත්ත්වයෙන් රට ගොඩ ගැනීම සදහා රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සර්ව පාක්ෂික, ඒකාබද්ධ රට ගොඩනගන වැඩපිළිවෙළක එකඟ වුවත් එහි දී කිසිදු ආකාරයක ඇමති ධුර ආදී තනතුරු බෙදා ගැනීම වැනි ඩීල්වලට එකතු නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමගි ජන බලවේගයේ යෝජනාව වන්නේ සවිබල ගැන්වූ බලයක් සහිත විධායක පාර්ලිමේන්තු කමිටු නැවත ආරම්භ කළ යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
එහි දී මැති ඇමතිකම් ලබාගෙන ඒ බර ජනතාවට පැටවීමක් අවශ්‍ය නොවන බවත් පාර්ලිමේන්තුවේ බලයක් සහිත කමිටු හරහා රට ගොඩනගන හොද වැඩවලට සහාය දිය හැකි බවත් සමගි ජන බලවේගයේ දැරණියගල ආසන සංවිධායක රංජිත් පොල්ගම්පල මහතාගේ ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
පසුගිය කාලයේ තිබූ කැදර ඇමති තනතුරු ලබා ගැනීමට යොමු නොවී රට සෞභාගය සම්පන්න රටක් බවට පත්කර ගැනීම උදෙසා පොදු වැඩපිළිවෙලකට සහාය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා කීවේය.
2019 ජනාධිපතිවර්නයේදී ජනතාව ගත් වැරදි තීරණයක් හේතුවෙන් අසාර්ථක පාලකයකු බලයට පත් වූ බවත් ඔහුගේ දුර්වල රාජ්‍ය පාලනය හේතුවෙන් මුළු රටම අන්ත අසරණ භාවයට පත්ව ඇති බවත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.
2019 දෙසැම්බර් රට තිබු තත්ත්වයට ගෙන ඒමට වසර 5කට වැඩි කාලයක් ගත වන බවත් මාස 2න් 3න් රට ගොඩ නගන සිහින කතාවලට නොරැවටෙන ලෙසත් විපක්ෂ නායකවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි ඕකේ ඉන්න අය නම් පනීන්නයි ලෑස්ති
මේ තියෙන ප්‍රශ්න අස්සේ රට්ටු දිනපතා හිනස්සන කතා කියන්න මෙයා තරම් කෙනෙක් නම් ඉන්නවද මන්දා තව. පක්ෂය සහ තමුන්ගේ මන්ත්‍රී කණ්ඩායමවත් එකම මතයකට ගේන්න බැරි බව මෙයා ඔප්පු කරලා ඉවරයි. එහෙව් ඔයා කොහේද රටේ බලය අල්ලන්නේ. පුළුවන් නම් ඔයා ව්පක්ෂ නායකකමවත් ආරක්ෂා කරගන්න බලන එකයි ඇත්තේ.
එක්සත් ජාතික පක්ෂයේ ඉන්න කාලේ රනිල්ගෙන් කාපු කෑමට සජිත්ට තවම වම දකුණ සොයා ගන්න බැරිව ඉන්නේ. එකයි ඔය ඇල්වතුරත් නිවල බොන්නේ.
අමාත්‍යධුරයක් බාරගත්තොත් ජනතාවට තමන්ගේ අදක්ෂතාවය පෙනෙයි කියලා මේ විශාරද තුමා බයයි ... තනතුරු බාර නොගෙන, ජීවිත කාලය පුරාම අනුන් විවේචනය කරමින් ඉන්න පුළුවන්නේ ... අගමැතිධුරය බාරගත්තේ නෑ ... ජනාධිපති ධුරයට තරග කළේ නෑ ... ඇමතිකම් ගන්නෙ නෑ ... දේශපාලනයෙන් අයින් වෙනවා නං තමයි හොඳම ...
ඔහොම තමයි කිව්වෙ වරිනුයි , අමානුසියි යන්න ඉස්සෙල්ල , තමුන්ගෙ පක්ෂෙ කිසිම විනයක් නැ. ඇමති කම දුන්න නම් උන් පැන්න , උන්ට මොන ප්රතිපත්තිද, සැප ගන්න තියෙනව නම් එච්චරයි.
විපක්ෂ නායකයාට බුදුහාමුදුරුවෝ අනුමත කල සප්ත අපරිහානීය ධර්ම තෙරුම්ගන්න අමාරුයි නේද ඒ ධර්මය කියවා බලා රටට ඇල්මක් තිබේනම් තීරණක් ගනීවි කියලා හිතෙනවා ධර්මය නොදැන අරුණ කිරණ වැඩක් නැහැ
රඟපාද්දී තව ටිකක් ජනතාව ආකර්ෂණය වෙන විදියට මූණ හදාගන්න පුළුවන් නම් ඉතාම අගෙයි...
එජාපය නැවත හිස ඔසවනවා. තමුන්නැහැලට යනඑන මං නැති වෙනවා ෂුවර්...
මේ යොදයට බැලුවාම මෙලෝ දෙයක් කරන්න බෑනේ... බෑමයි කියන්නේ..!