(යොහාන් භාසුර)

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (8) සිට මේ මස 10 වැනිදා දක්වා දිනකට පැයක් පමණක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (6) පස්වරුවේ පැවසීය.

ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට රාත්‍රී 6.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුළ මිනිත්තු 30 බැගින් අවස්ථා දෙකකදී පැයක විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරන බව ද ජනක රත්නායක මහතා වැඩිදුරටත් කීය.