(ඩයනා උදයංගනී)
පසුගිය මාර්තු සිට ජූලි දක්වා ගත වූ මාස 4ක කාලයේදී මෙරට ඉන්ධන භාවිතය සියයට 65 කින් සහ විදුලිය භාවිතය සියයට 25 කින් පමණ අඩුවී ඇති බවත්, මෙය රටේ ආර්ථිකයෙහි සීඝ්‍ර කඩා වැටීම පැහැදිලි වන අවස්ථාවක් බවත් 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
පසුගිය මාර්තු සිට ජූලි දක්වා මාස 4 තුළ, දෛනික ඩීසල් පරිභෝජනය ටොන් 6,496 සිට 2,299 දක්වා සහ පෙට්‍රල් පරිභෝජනය ටොන් 3,764 සිට 1,226 ක් දක්වා තුනෙන් එකකින් පමණ පහත වැටී ඇතැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එමෙන්ම විදුලිබල මණ්ඩලය බලාගාර දුවවන්න ඩීසල් හා දැවිතෙල් නොමැති බව කීවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලුම බරපතල ලෙස කඩාවැටී ඇතැයි කී රණවක මහතා දැන් පවතින්නේ 2010 වසරේ පැවති මට්ටමේ විදුලි ඉල්ලුමක් බවත් එය සැප්තැම්බර් මාසය වන විට තවත් අඩුවිය හැකි බවත් ප්‍රකාශ කළේය.
ඉන්ධන භාවිතය හා විදුලි ඉල්ලුම මෙතරම් අඩුවන්නට නම් රටේ ආර්ථිකය කොතරම් කඩා වැටී, ධනෝත්පාදනය සහ රැකියා කොතරම් අහිමිවී, පවුල් කීයක ඉරණම විසඳී ඇත්දැයි සිතා බැලිය යුතු බව රණවක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහලුන්ට සහ 69 ලක්ෂයට මේව කියල වැඩක් නැහැ. බඩු මිල පොඩ්ඩක් අඩු කළා නම් මහ බැංකු හොරොත් ආර්ථික ඔස්තාර්ල වෙනවා.
ඇත්තනෙන්නම්, ගෑස් නැහැ ඉල්ලුමට සැපයුම නැහැ. පාරිභෝජනය අඩුයි. විදුලිය කප්පාදු කරනවා, පැය 05 පැය 3 ආදී වශයෙන්. ඒත් ඉල්ලුමට සැපයුම නැහැ. බලනකොට ඉල්ලුම නොමෙය් අඩුවෙලා තියෙන්නේ සැපයුම නේද?
ඔබ තුමා මාසයකට කලින් කිව්වා අපි අපේ ආර්ථිකය සංකෝචනය කරගන්න ඕනේ කියලා. දැන් ඒක සිදුවුනාම කියනවා ඒක හොද නෑ කියලා?
මේක හොද දෙයක් . අපි ආනයනන කරන ඉන්ධන ගෑස් වලට යන මුදල් රටේ ආර්ථිකයට දරා ගන්න බෑ. අපි වගේ ඍණ ආරථිකයක් තියන රටකට ඉන්ධන කියන්නෙ අධි සුඛෝපභෝගී දේවල්. අරපරිමැස්මෙන් පරිබෝජනය කරලා , රටේ මුදල් එකතු කරලා රට ක්‍රමවත්ව දියුණු කරන්න ඕනි
QR ක්‍රමය හරහා හරි ලංකාවේ අධික තෙල් පරිභෝජනය නතර කරන්න ඕනේ. බස් වලට GPS හයි කරලා ,ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ටික දීල ,හොරා කනවද කියල මොනිටර කරන්න ඕනේ. 3- wheel සන්ක්යව ලක්ෂ 2කටවත් අඩු කරන්න ක්‍රමයක් හොයන්න ඕනේ. ත්‍රී වීල් ප්‍රජාව රටට බරක් !! අපේ අනවශ්‍ය තෙල් පරිභෝජනය අනිවාර්යයෙන් අඩු කරන්න ඕනේ. විදුලි උත්පාදනයට /BOI / රැකියා කර්මාන්ත හැකිතරම් සහය දියයුතුයි. හිටපු ඇමති ...........ඒවාට උදවු කරන්න
මේ රට දියුණු කරන්න බැරි රජයේ අනවශ්‍ය වියදම් නිසා. කිසිම මිනිස්බල සැලසුමක් නැතිව දේශපාලන වුවමනාවන්ට සේවකයා පුරවනවා. එක්කෙනෙක් ඕන තැනකට පස් දෙනෙක් ඉන්නව. වැටුප් විශ්‍රාම වැටුප් ගෙවනවා. අනිත් වියදම් බැලුවත් කිසිම පාලනයක් නැහැ. සල්ලි අච්චු ගහලා ප්‍රශ්න විසඳන්න බැහැ. අනවශ්‍ය විදියට බඩු වැඩි කරලත් බැහැ. ලැබෙන ආදායමට සරිලන විදියට රජයේ වියදම් පාලනය කරගන්න ඕනි.