මෙවර වී අස්වැන්න ගැන ඇමති සහ කෘෂි මහාචාර්යවරු මත දෙකක කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී අස්වැන්න මෙවර සියයට 10ත් 15ත් අතර ප්‍රමාණයකින් අඩුවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 21 January 2022
ජාතික රෝහලේ එච්.ඩී.යූ ‘කොවිඩ්’රෝගීන්ගෙන් පිරිලා කොළඹ ජාතික රෝහලේ අධි සත්කාර ඒකක (එච්.ඩී.යූ.) දෙකේම ඇඳන් සියල්ලම අද වන විට ‘කොවිඩ්’ රෝගීන්ගෙන් පිරීගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍ය ඇන්තනී මෙන්ඩිස් මහතා පැවසීය. 21 January 2022
’’මේ රටට ඕන හිට්ලර් වගේ නායකයන්’’ අද පවතින ප්‍රශ්න දිහා බැලුවම මේ රටට අවශ්‍ය වන්නේ හිට්ලර්ලා වැනි නායකයන් බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවේදී අද ( 21) පැවැසීය. 21 January 2022
’’මට කාගෙවත් බඩට ගහන්න ඕනෙ නෑ’’ විපක්ෂනායක ධූරය භාරගෙන කාගෙවත් බඩට ගැසීමේ අවශ්‍යතාවයක් තමන්ට නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 21 January 2022
‘පාස්කු ලේ-මජර බලේ, ප්‍රොජෙක්ට් එකට දින 1000’ මිනිස් ජීවිත 200 කට අධික සංඛ්‍යාවක් බිලිගත් ‘පාස්කු දින’ ත්‍රස්ත ප්‍රහාරය සිදුවී දින 1000 ක් ගතවී තිබුණ ද එම ප්‍රහාරයේ වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීමට විරෝධය දක්වමින් ‘අලුත් පියාපත්’ නම් සංවිධානයක් කොළඹ විහාරමහාදේවී උද්‍යානය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් අද (21) පස්වරුවේ පැවැත්වීය. 21 January 2022
මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිත ගණන ලක්ෂ 6 ඉක්මවයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 840 දෙනකු අද (21) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 21 January 2022
කොවිඩ් මරණ 17 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 17 දෙනකු ඊයේ (20) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (21) තහවුරු කළේය. 21 January 2022
මුද්‍රණ සංස්ථාවේ හිටපු සභාපති නඩු 10කින් නිදහස් රාජ්‍ය මුද්‍රණ නිතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව විසින් පැවරූ නඩු 10කින් ඒ මහතා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද (21) නියෝග කළේය. 21 January 2022
ලංකා පොහොර සමාගමට නව සභාපතිවරයෙක් මිල්කෝ සමාගමේ සභාපති ධූරයෙන් ඉවත්කළ ලසන්ත වික්‍රමසිංහ මහතා සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්කර ඇති බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 21 January 2022
මහින්දානන්දගේ අභියෝගය හරීන් බාරගනියි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ රූපවාහිනී විවාදයකට එන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ අභියෝගයක් සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (21) බාරගත්තේය. 21 January 2022
ජනපතිට අමතර දෙවසරක් රට බාර දෙමු කොවිඩ් නිසා ජනාධිපතිවරයාට නැතිවූ වසර දෙකක කාලය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ලබාදීමට යෝජනාවක් ගෙන ආ යුතු බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (21) පැවසුවාය. 21 January 2022
කෝටි 7 ක මත් කුඩු සමඟ අයිය- මලෝ පොලිස් දැලේ අළුබෝමුල්ල, ශාන්ති මාවතේ දෙමහල් නිවසක මත්කුඩු පැකට් කරමින් සිටියදී රුපියල් කෝටි 7 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමග අයියා මලෝ දෙදෙනෙකු අද (21) අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි. 21 January 2022
ඖෂධ ආනයනයට ඩොලර් මිලියන 16ක් සෞඛ්‍ය අමාත්‍යංශයට ඖෂධ ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් මිලියන 16.3 ක් හෙවත් රුපියල් කෝටි 350 ට ආසන්න මුදලක් මහා භාණ්ඩාගාරයෙන් මුදාහැරි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 21 January 2022
ඇමැති බන්දුල කරච්චි වෙළඳ නියෝජිතයෝ සමඟ සාකච්ඡාවක පාකිස්තානයේ නිල සංචාරයක නිතරව සිටින වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කරච්චි වෙළෙඳ හා වාණිජ සංගමයේ නියෝජිතයන් සමඟ කරච්චි නුවරදී අද (21) විශේෂ සාකච්ඡාවකට සහභාගි විය. 21 January 2022
දේවස්ථාන බෝම්බ සිද්ධියේ සැකකරුවෙකුගෙන් රහස් ප්‍රකාශයක් බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානයට ජීව අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු අද (21) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබා දුන්නේය. 21 January 2022
කුඩා විදුලි බලාගාර වලින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 440ක් කුඩා විදුලි බලාගාර මගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 440ක ධාරිතාවයක් එක්කිරීමට සැලසුම් කර ඇතැයි සූර්ය බල සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය. 21 January 2022
සදාචාරයක් නැති වෘත්තිය සමිති තියන රටකට ආයෝජකයෝ ඒවිද? යන දුම්රිය මග පැය තුනක් නවත්වන වෘත්තීය සමිති සිටින රටකට ආයෝජකයන් පැමිණේවීදැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 21 January 2022
රාසමාණික්යම්ටත් කොවිඩ් දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී එස්.රාසමාණික්‍යම් මහතාටද කොවිඩ් ආසාදනයවී ඇතැයි වාර්තා වේ. 21 January 2022
කුඩු අංජුගේ දේපොළ තහනම් කරයි ඩුබායි රටේ සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන රත්මලානේ කුඩු අංජු නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මිලදී ගත් බව කියන රුපියල් කෝටි 3කට ආසන්න දේපල අද ( 21 ) තහනම් කරනු ලැබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී දේපල හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි. 21 January 2022
මුදල් වංචා කළ තරුණියක් අත්අඩංගුවට ශ්‍රී ලංකාව තුළ ‘කොවිඩ්’ වයිරසය සීඝ්රයෙන් පැතිර යෑම ආරම්භ වූ 2020 වසරේ මුල කාලයේ මුව ආවරණ (මාස්) සැපයීම සඳහා මාලිගාවත්ත ප්‍රදේශයේ වෛද්‍යවරයෙක්ගෙන් ලබාගත් රුපියල් ලක්ෂ හතහාමාරක් වංචා කළේ යැයි චෝදනාවට වයස අවුරුදු 20 ක කාන්තාවක් සහ ඇගේ සැමියා කොළඹ මධ්‍ය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන තිබේ. 21 January 2022
ආංශික අධීක්ෂණ කාරක සභා ගැන චෝදනාවක් පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා වසර දෙකකින් පත් කර නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (21) චෝදනා කළේය. 21 January 2022
මසුන් මරන්න ගත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ශ්‍රී ලංකා නාවික හමුදාව පසු ගිය දින දෙකක් තුළ මන්නාරම සහ එරක්කන්ඩි ප්‍රදේශයන්හි කළ විශේෂ සෝදිසි මෙහෙයුම්වලදී පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදු කිරීම සඳහා සූදානම් කර තිබූ වෝටර් ජෙල් නැමැති වාණිජ පුපුරණද්‍රව්‍ය කූරූ 11 ක් සමඟ පුපුරණ ද්‍රව්‍ය ආම්පන්න රැසක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 21 January 2022
’’ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හොරා කෑම-ණයට කෑම සහ විකුණාගෙන කෑමයි’’ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වන්නේ හොරා කෑම, ණයට කෑම සහ විකුණාගෙන කෑම බව ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 January 2022
ශානිගෙන් පෙත්සමක් දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව විසින් තමන් සම්බන්ධයෙන් කරනු ලැබූ නිර්දේශයක් බලරහිත කරන ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා රහස් පොලිසියේ හිටපු අධ්යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අද (21) අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. 21 January 2022
කුරුදු කම්හලක ගින්නක් කිරිදිවැල, පැපිලියවල පිහිටි කුරුදු කම්හලක අද (21) උදෑසන සිදුවූ ගිනි ඇවිලීමකින් හානි සිදුව ඇත. 21 January 2022
බොරැල්ල නිවාස පෙළක ගින්නක් බොරැල්ල කිතුල්වත්ත ප්‍රදේශයේ අද (21) හදිස්සියේ ඇතිවූ ගින්නකින් නිවාස තුනකට පමණ දැඩිහානී සිදුවී තිබේ. 21 January 2022
‘කොරියානු කතානායක එනවිට සභා ගැබේ පුටු හිස්‘ දකුණු කොරියාවේ කතානායකවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණෙන අවස්ථාවේ සභා ගර්භය හිස් ව පැවතීම ශ්‍රී ලංකාවට නිග්‍රහයක් බව හිටපු අග්‍රාමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 21 January 2022
පාර්ලිමේන්තු මුදල් කාරක සභාව පත් කරයි පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමත් සමග අහෝසිවූ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (21) නැවත පිහිටවනු ලැබීය. 21 January 2022
දක්ෂිණ අධිවේගීයේ වාහන 4ක් ගැටේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කහතුඩුව අතර වාහන හතරක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් කොළඹ දෙසට දැඩි වාහන තදබදයක් නිර්මාණය වී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 21 January 2022
විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද දහවල් පාර්ලිමේන්තුවේදී වැදගත් තීරණ කිහිපයක් ගැනීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීම (පක්ෂ නායක රැස්වීම) අද (21) දහවල් පැවැත්වීමට නියමිතය. 21 January 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026