
(සුජිත් හේවාජුලිගේ සහ යොහාන් භාසුර)
ආණ්ඩුවට සහ ආණ්ඩුව සිදු කරන්නේ යැයි පැවසෙන මර්දනයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී පක්ෂය මූලික කරගත් ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය සහ වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන උද්ඝෝෂණ මාලාවක් හෙට (9) රටපුරා ප්‍රධාන නගරවලදී පැවැත්වේ.
"ජාතික විරෝධතාව" යන තේමාව යටතේ සංවිධාන කෙරෙන මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය අනුරාධපුර දඹුල්ල හුංගම, කටුබැද්ද කන්තලේ බලංගොඩ කෑගල්ල පිළියන්දල මහියංගනය කැකිරාව කලවාන පේරාදෙණිය, මාරවිල තිරප්ප්නේ ,මැදවච්චිය සෙවණගල, වැල්ලවාය ,මාතලේ, හොරණ මහරගම ඇතුළු ප්‍රධාන නගර රැසක පැවැත්වේ.
උද්ඝෝෂණ ව්‍යාපාරයට අමතරව පෙළපාළි හා රැස්වීම්ද සංවිධාන කෙරෙන බව ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය පවසයි.
රටේ ආර්ථික ප්‍රශ්න විසඳන ලෙස බල කිරීමද මෙම උද්ඝෝෂණවල තවත් ප්‍රධාන අරමුණකි.
මේ උද්ඝෝෂණ ව්‍යාපාරය සඳහා එක්වන ලෙස දැනුම් දෙමින් සමිති සංවිධාන ගණනාවක් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය සතිය පුරා පුළුල් ප්‍රචාරක ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරනුද දැකගත හැකිවිය.
උද්ඝෝෂණ ව්‍යාපාරය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා පෝස්ටර් ව්‍යාපාරයක්ද රට පුරා ක්‍රියාත්මක කරනු ලැබ ඇත.
මේ අතර මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය හේතුවෙන් රටපුරා ආරක්ෂක විධිවිධාන හෙට (9) දින දැඩි කෙරෙන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
පොලිසිය නිලධාරීන්ට අමතරව ත්‍රිවිධ හමුදා නිලධාරීහුද රටේ ආරක්ෂාව වෙනුවෙන් අද දිනයේ කැදවෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහ ආණ්ඩුව සිදු කරන්නේ යැයි පැවසෙන “ අනේ වහල් රිපොටරයෝ
රට වලපල්ලට දාලා පසුත් දාලා තමයි පස්ස බලන්නේ
ජෙප්පන්ට පෙරෙට්ටන්ට වෙන වැඩකුත් නැහැනෙ කණ්ඩායමක් විදියට එකමුතුව ප්‍රස්න විසඳන්න තේරෙන්නෙත් නැහැනෙ. පුළුවන් ඔච්චරයි
ෆීල්ඩ් මාෂල්තුමා 9 වනදා හෙට අරගලය යුද තත්ත්වයකට ආදේශ කලේය...! එවිට එන මිනිසුන්ගේ පවුල් ජීවිතද යුද්ධ භූමි බවට පත්වන බව ඔහුට අමතකය..! හෙට ඔය එන අය අතරේ යුඬ කාලයේ වගේ බඩේ බෝම්බ බැඳගෙන අය ආවොත් ෆීල්ඩ් මාෂල් නාමය දුන්න එකටත් අවමානයකි..!
වෙන රටවල් වල විරෝධතාව කරලා අවශ්‍ය පාලන වෙනස සිද්ධ උනාම උන් ඒව අමතක කරලා තමන්ගේ වැඩ පටන් අරන් රට ආපහු ගොඩ ගන්නව. අපේ රටේ හැමදාම 9 වෙනිදා නරි පෝය හඳට හූ කියනව වගේ එකතු වෙලා එන එන එකා එලවනව. උන් කරන්නෙත් නෑ, කරන එකාට කරන්න දෙන්නෙත් නෑ. ඕවට කියන්නේ ජාතික විරෝධතා නෙමේ අවජාතක විරෝධතා.
කොළඹට එන පාලම් තුන් ගාව රැඳිලා මොවුන්ට දුවනකම් ගහමු.
පරට එන්නෙ රටෙ ජනතව නම්. . ත්‍රිවිද හමුදාවෙන් ආරක්ශාව දෙන්න යන්නෙත් පාරට එන අපිටම ද නැතිනම් අපිව පාරට දාපු නරියන්ට ද?