(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොටහේන බෙනඩික් මාවතේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසකට මහ දවාලේ අත් මාංචු යුගලක් රැගෙන ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනකු නිවෙස් හිමියන් බිය ගන්වා රුපියල් කෝටි ගණනක රන් භාණ්ඩ සහ මුදල් තොගයක් පැහැර ගෙන ගොස් ඇතැයි කොටහේන පොලීසිය කියයි.
මෙම කොල්ලකරුවන් විසින් රුපියල් කෝටි එකහමාරකට ආසන්න වටිනා රන් භාණ්ඩ සහ රුපියල් ලක්ෂ පහළොවකට ආසන්න මුදල් තොගයක් පැහැර ගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
ටයිල් විකිණීමේ ව්‍යාපාරයක් සිදු කරන නිවෙස් හිමියාගෙන් නිවසට සුදු පාටට හුරු කමිස පැළඳ අත් මාංචු රැගෙන ඇතුළු වී තිබූ කොල්ලකරුවන් දෙදෙනා එම නිවසේ නේවාසිකව සිටින තරුණියගේ අත්දෙක රෙදි පටිවලින් බැඳ ඇය සන්තකයේ ජංගම දුරකථන තිබේදැයි පරික්ෂා කිරීමෙන් අනතුරුව නිවසේ සාලේ පුටුවක හිඳුවා තිබු බව පොලිසිය කියයි.
අනතුරු කොල්ලකරුවෝ දෙදෙනා අඹු සැමි යුවළ කාමරයකට රැගෙන ගොස් තමන් සන්තකේ ගිනි අවි තිබෙන බවට ඒත්තු ගන්වමින් ඔවුන්ට තර්ජනය කර එම කාමරයේ අල්මාරිවල බහා තිබූ රන් භාණ්ඩ සහ මුදල් තොගය පැහැරගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.
කොල්ලකරුවන් නිවසින් පිට වන අවස්ථාවේදී ව්‍යාපාරික අඹුසැමි යුවළ කාමරයේම හිඳුවා එහි දොර වසා අනතුරුව නිවසේ ප්‍රධාන ප්‍රධාන දොරටුව වසා පිටව ගොස් තිබූ බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
me wage wyaparikayakuge gedara CCTV nathi wenna widiyak nahane. a nisa horu allaganna puluwan wewi.
අද පොලීසිය හමුදාව වැඩිපුරම ඉන්නේ,පෙට්‍රල් ෂෙඩ් හා පෝලිම් අසළ යැයි කිවහොත්,එහි කිසිදු වරදක් නැහැ.ඒ හැරුණුකොට දේශපාලනඥයන් මුරකරමින්ද සිටිනු දැකිය හැකියි.පොලීසියේ අද ප්‍රධානම දේ වෙලා තියෙන්නේ රටේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවීම ද කියා පුංචි සැක සාංකාවක් සිතට ඇතිවෙනවා.එයට පොලීසියට පමණක් වැරදි කියන්නට බැහැ.වරද තියෙන්නේ මේ පවතින ක්‍රමයේයි.තම ප්‍රදේශය බාරව කටයුතු කරන පොලිස් ප්‍රධානියා එම ප්‍රදේශයේ සිටින ආරක්ෂාව දියයුතු අය කව්දැයි කියා නිසි අවබෝධයකින් යුතුව සිටිය යුතුයි.ඒ දේ ගැන හොඳ ඉවක් තිබුණේ නම්,මෙවන් දේ මෙසේ සිදු නොවීමට ඉඩ තිබුණි.ප්‍රදේශයේ පොලිස් ප්‍රධානීන් මෙන්ම ඔවුන් මෙහෙයවන ඉහළ නිලධාරීන්ට මෙවැනි ඉවක් නොතිබීම නිසා අපරාධකරුවන් ඒවායින් නිසි ප්‍රයෝජන ගන්නා බව පෙනේ.
රට රකින විරුවා රටට කරපු විනාශයේ කොටසක්