(ඩයනා උදයංගනී)
කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවීම සම්බන්ධයෙන් දැනට පවතින සීමාකාරී නෛතික ප්‍රතිපාදන සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) පනත යටතේ පස්වරු 6.00න් පසුව කාන්තාවන් සේවයේ යෙදවිය හැක්කේ සීමිත රැකියා සංඛ්‍යාවකට පමණක් බැවින් එම පනත සංශෝධනය කිරීමට මේ අනුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
දැනුම් හා ව්‍යාපාර ක්‍රියාවලිය බාහිරින් සපයා ගැනීමේ ආයතන, වෙනත් රටවල පිහිටි ව්‍යාපාර ආයතන සඳහා ගිණුම්, පරිපාලන හා තාක්‍ෂණ කටයුතු කරන කාර්යාල සහ තොරතුරු තාක්‍ෂණය පදනම් කරගත් ව්‍යාපාර ආයතන රාශියක් මෙරට බිහිව ඇති අතර, ඒවායේ සේවක සේවිකාවන්ට වෙනත් රටවල කාල වේලා අනුව කටයුතු කිරීමට සිදුවන නිසා එම ආයතන කළ ඉල්ලීම් සළකා බලා මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (9) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න තවත් බැංකොක් සවාරියකට පොට පෑදුනා.
ගෙදර කටයුතු වලටත් බලපාවිද?