(අජන්ත කුමාර අගලකඩ)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනකු සඳහා මාස දෙකක කාලයකට අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් ප්‍රවාහන පහසුකම් ලබාදීමට අග්‍රමාත්‍ය කාර්යාලය තීරණය කර ඇතැයි වාර්තා වේ.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බාධාවකින් තොරව සහභාගිවීම සඳහා ඉකුත් මස 19 සහ 20 යන දිනයන්හි අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් ප්‍රවාහන පහසුකම් ලබා දුන් අතර,එසේ ලබාදී ඇති මන්ත්‍රීවරුන් පස්දෙනකු සඳහා තවත් මාස දෙකක කාලයක් වාහන ලබා දීමට තීරණය වී තිබේ.

එම මන්ත්‍රීවරුන්ට ප්‍රවාහන පහසුකම් සදහා විකල්ප ප්‍රවාහන පහසුකම් සලසා ගන්නා තෙක් තවත් මාස දෙකක කාලයක් සඳහා මෙම ප්‍රවාහන පහසුකම් ලබාදීම වැදගත් බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දී ඇත.