(ජේ.කේ.එල්. චාමින්ද)

හික්කඩුව වවුලගොඩ ප්‍රදේශයේ හෝටලයක් අද (08) රාත්‍රියේ ගිණි ගැනිමට ලක්ව ඇති බැව හික්කඩුව පොලිසිය පවසයි.

මෙකි හෝටලය රාත්‍රි 8.30ට පමණ  එකවරම ගිණිගැනිමට ලක්ව ඇත.

මහල්හතරකින් යුත් මෙම හෝටලයේ ඉහල මාලය සම්පුරණයෙන්ම පාහේ ගිණි ගැනිමට ලක්ව ඇතැයි පොලිසිය කියයි.

ගාල්ල මහනගර සභාවේ ගිණිනිවන රථ පැමිණ මේ වනවිට ගින්න නිවිමේ කටයුතු සිදුකරන බව හික්කඩුව පොලිසිය පවසයි.

හෝටලය ගිණි ගැනිමට හේතුව මෙතෙක් අනාවරණය වි නැත.