(යොහාන් භාසුර)
විදුලි ගාස්තුව සියයට 75 කින් ඉහළ දැමීමට අවසර දුන් බවත් එම ගාස්තු ඉහළ දැමීම හෙට (10) සිට ක්‍රියාත්මක වන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (9) පස්වරුවේ පැවසීය.
මෙම මිල ඉහළ දැමීමත් සමඟ ගෘහස්ථ කාණ්ඩයේ විදුලි ඒකක 30 ක් දක්වා රුපියල් 55 ක්ව පැවැති ගාස්තුව සියයට 264 කින් ඉහළ දමමින් රුපියල් 198 ක් දක්වා ද, ඒකක 31 සිට 60 ක් දක්වා රුපියල් 193 ක්ව පැවැති ගාස්තුව සියයට 211 කින් ඉහළ දමමින් රුපියල් 599 ක් දක්වා ද, ඒකක 61 සිට 90 දක්වා රුපියල් 650 ක්ව පැවැති ගාස්තුව සියයට 125 කින් ඉහළ දමමින් රුපියල් 1,451 ක් දක්වා ද, ඉහළ දැමූ බව රත්නායක මහතා කීය.
විදුලි ඒකක 91 සිට 120 දක්වා රුපියල් 1,571 ක්ව පැවැති ගාස්තුව සියයට 89 කින් ඉහළ දමමින් රුපියල් 2,976 ක් දක්වාත්, ඒකක 121 ත් 180 දක්වා රුපියල් 2,791 ක්ව පැවැති ගාස්තුව සියයට 79 කින් ඉහළ දමමින් රුපියල් 5,006 ක් දක්වා ඉහළ දැමූ බව කී රත්නායක මහතා සඳහන් කළේ ඒකක 180 ට වැඩි නිවසකට රුපියල් 8,238 ක්ව පැවැති ගාස්තුව සියයට 75 කින් ඉහළ දමමින් රුපියල් 14,396 ක් දක්වා ඉහළ දැමූ බවත්ය.
මෙම ගාස්තු ඉහළ දැමීමේදී ඒකක 90 ක් දක්වා වන පහළ මට්ටමේ විදුලි පාරිභෝගිකයන් ලක්‍ෂ 48 කට සහන හිමිකර දුන් බව කී ජනක රත්නායක මහතා රුපියල් 32 ක පිරිවැයක් අස්තුමේන්තු කර ඇති විදුලි ඒකකයක් එම කාණ්ඩවලට පිළිවෙලින් රුපියල් 8, 12 සහ 16 යන මිලකට ලැබෙන ආකාරයට මිල සංශෝධනය කළ බව ද සඳහන් කළේය.
මෙම මිල ඉහළ දැමීමට සමගාමීව ගෘහස්ථ නොවන සෙසු ආයතනවල විදුලි ගාස්තුව ද ඉහළ දැමූ බවත් සංචාරක කර්මාන්තයට සම්බන්ධ ව්‍යාපාරවල පමණක් ගාස්තුව ආරම්භයේදී සියයට 50 කින් පමණක් ඉහළ දමන බවත් සභාපතිවරයා කීය.
විදුලිබල මණ්ඩලය මේ වන විට මුහුණ දී සිටින මූල්‍ය අර්බුදය පිළිබඳව සහ ලෝක වෙළෙඳපොලේ ගල්අඟුරු සහ ඉන්ධන මිල ඉහළ යෑම පිළිබඳව අවධානය යොමු කරමින් වසර 9 කට පසුව මෙම විදුලි ගාස්තු ඉහළ දැමීම සිදුකළ බව කී රත්නායක මහතා සඳහන් කළේ මෙම ගාස්තු ඉහළ දැමීමේදී විදුලිබල මණ්ඩලය කොන්දේසි කීපයක් ද පැනවූ බවයි.
විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තුව ඉහළ දැමීමට මාර්තු මස සිට සිවුවරක් ඉල්ලීම් කර පසුගිය ජූනි මස 20 වැනිදා අවසන් වරට සියයට 229 කින් ගාස්තු ඉහළ දැමීමට ඉල්ලා සිටි බව කී රත්නායක මහතා ඒ සඳහා වන නියමිත ක්‍රමවේදනය අනුගමනය කරමින් ජනතාවට උපරිම සහනය ලබාදිය හැකි ආකාරයට ගාස්තු ඉහළ දැමූ බව ද පැවසීය.
ජනතාව මෙම ගාස්තු ඉහළ දැමීමට සහයෝගය දෙනු ඇති බවට විශ්වාස කරන බව ද ජනතක රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
මහජන උපයෝගීතා උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කොල්ලුපිටියේ පිහිටි එම කොමිසම් කාර්යාලයේදී අද (9) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් එසේ සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මණ්ඩලයේ හොරකමුත්, බිල් නොගෙවන ලොකු ලොක්කන්ගෙ බිලුත් සාමාන්‍ය ජනතාවට ගෙවන්න වෙලා. ඒක මරු.
හුරේ නියමයි තව අපේ බිල වැඩි කරලා 226 වරප්‍රසාද වැඩි කරමු. මාසික ඉන්ධන වියදම ලක්‍ෂ දෙකක් කලා වගේ. කොහොමද ව්‍යවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදය දැන් රට හොඳටම ගොඩ
මේකටද තෙල් මිල සහ ගෑස් මිල අඩු කලේ? හාල්මැස්සෝ දාල මෝරු අල්ලන්න වගේ වැඩ.
ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයින් පවසන අන්දමට, මෙම ආයතනය තුල පවතින හොරකම, දූෂණය සහ නාස්තිය හේතුවෙන් විදුලිබල මණ්ඩලය ලබන පාඩුව රටේ විදුලි පාරිභෝගිකයින් මත පැටවීමක් සිදු කොට ඇත. තවද සේවක උපයන විට බදු ගෙවීමද මණ්ඩලය මගින් සිදු කිරීම යනු ජනතාවට බර පැටවීමක් නොවේද ? මොනවා උනත් විදුලි බිල මෙවන් මට්ටමකින් වැඩි කිරීම ජනතාවට දරාගත නොහැකි තත්ත්වයක් බැවින් රට කරවන ඇත්තන් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුව ඇත.
ගාස්තු අධික ලෙස ඉහළ දැමීමත් මේ මෝඩයට පේන්නේ සහන දෙනව වගේ .
සෝල පවර් තියනෙ අයගෙන් ලංවිම ඒකකයකට කියක් දෙනවද? දැන්. 22.00 අපිත් කැමතියි පොඩි ලාබයක් ලබන්න.
මහජන උපයෝගිතා කොමිසමට හැකියාවක් නැද්ද හැකියාව තියෙන අයට සෝලා සිස්ටම් සවිකරන්න උනන්දුවක් ඇතිකරල ඒ විදුලිය මණ්ඩලයට ගන්න එහෙම නැත්නම් රජයේ පාසැල් ඇතුලුව සියලු රාජ්‍ය ආයතන වලට සෝලා සිස්ටම් සවිකිරීම අනිවාර්ය කිරීමට .ඒ අතරම කියන්න බලන්න 2014 න් පස්සෙ වැඩි නොකලා කියලා වැඩිකරන්න ඕනද.
විදුලිබල මණ්ඩලය පුද්ගලිකකරණය කරන්න. ඉතාමත් ඉහළ වැටුප්,ප්‍රසාද දීමනා ආදී දේ නිසා තමයි අධික වියදමක් දරන්නවෙලා තියෙන්නේ.අවසානයේදී මහජනතාවට තමයි මේ අය කරන වැරදි දේවල්වල වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ.
තවත් සහන ඉදිරියේදී බලාපොරොත්තු වන්න
කරුණාකර Online විදුලි බිල ගණනය කල හැකි වෙබ් අඩවිය යාවත්කාලීන කරන ලෙස විදුලිබල මණ්ඩලයට දැනුම් දෙන්න.
මිනිස්සු ඇයි සහන පස්සෙන් දුවන්නේ? සහන දෙන්න ගිහින් තමයි රට මෙහෙම බංකලොත්වෙලා තියෙන්නේ
It's better not to use electricity as personal can't afford to pay it. Why can't they balance it in another way. Kanaka Ratnayake, please get advice. The increase of such huge amounts, do you think that people will agree / afford. Also, will it reduces the usage of increase the usage. Please follow the Japanese methods like reasonable profits with high volume not with low profit with low volume. I request you to revise the prices.