(යොහාන් භාසුර)

සංචාරක කර්මාන්තයේ ඉන්ධන අවශ්‍යතාව සම්පුර්ණ කිරීමට නව ඉන්ධන කාඩ් පතක් එළඹෙන සතියේ හඳුන්වා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ජාතික ඉන්ධන අවසරපත් කිව්.ආර්. ක්‍රමවේදය පිළිබඳව අද පෙරවරුවේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අමාත්‍යවරයා එහිදී පැවසීය.

බහු රථ  වාහන එක් දුරකථන අංකයක් ඔස්සේ ලියාපදංචි කිරීම, විශේෂිත අවශ්‍යතා ඛාණ්ඩයක් ඇති කිරීම, රථ වාහන නොවන ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් කිව්.ආර්. ක්‍රමවේදය හඳුන්වාදීම ඇතුළු විශේෂ යෝජනා කිහිපයක් සාකච්ඡාවේදී ඉදිරිපත් විය.