
(අංජුල මහික වීරරත්න)
ලබන මාස් කන්නයේ දී වගාවට අවශ්‍ය බඩ ඉරිඟු බීජ ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පොලොන්නරුව කන්දකාඩු ගොවිපළේ අක්කර 100ක බීජ බඩඉරිඟු මේ වගා කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කන්දකාඩු ගොවිපොළට ගොස් මෙම බීජ බඩ ඉරිඟු වගාව නිරීක්ෂණය කළේය.
එම වගාවට අවශ්‍ය යුරියා පොහොර සැපයීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාට උපදෙස් දුන්නේය.
කන්දකාඩු ගොවිපොළේ අක්කර 10,000ක් පමණ තිබෙන අතර ඉන් අක්කර 3000ක් ලබන මහ කන්නයේ දී බඩඉරිඟු වගා කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට පැවරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල් පෝච්චි වල කහ වවල ඉවරද ?
May we know the daily fee for these officers (average laborer get about Rs. 1000 a day).