දරුවන්ගේ ජනවාරි සීසන් එක නැති කරලා ලංකා ගමනාගමන මණ්ඩලය ජනවාරි මාසය සඳහා නිකුත් කෙරුණු වාර ප්‍රවේශ පත්‍ර හිටිහැටියේම අවලංගු කිරීමෙන් පාසල් දරුවන් දුෂ්කරතාවයට පත්ව සිටින හෙයින් වහාම එම තීරණය වෙනස් කරන්නැයි අදාල බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය. 10 January 2024
වෙරළ රකින වැඩ ගොඩක් මේ වසරේ අරඹයි වෙරළ ආරක්ෂක ව්‍යාපෘති 9ක් සහ කඩොලාන සිටුවීම ඇතුළු තවත් වැඩසටහන් 24ක් මේ වසරේ ක්‍රියාත්මක කරන බව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුව පවසයි. 10 January 2024
රුවන්ගේ මහජන දිනයට ලොකු පිරිසක් සිරිකොත මහජන දිනය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. 10 January 2024
විල්පත්තුවේ දඩයමේ ගිය පිරිසකට අලි ප්‍රහාරයක්:අයෙක් මරුට විල්පත්තුව ජාතික වන උද්‍යානයට නීති විරෝධි ලෙස ඇතුල් වී වන සතුන් දඩයම් කිරීමේ නිරත වු සිටි පිරිසකට පුක්කුලම ආසන්න ප්‍රදේශයෙදි එල්ල වු වල් අලි ප්‍රහාරයකින් එක් දඩයක්කරුවෙකු එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව විල්පත්තුව උද්‍යාන භාරකාර සුරංග රත්නායක මහතා පවසයි. 10 January 2024
මිල්කෝ සේවකයෝ ලාබ පෙන්වන්න එක් වෙති මිල්කෝ ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීම සඳහා එහි සියලු වෘත්තිය සමිති ඒකාබද්ධව තීරණය කර ඒ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ. 10 January 2024
කලාවැවේ වාන්දොරටු යළි අරී කලාවැව හදිසි වාන් දොරටු දෙක යළීත් විවෘත කිරීමට කලාවැව ජලාශ භාර කාර්යාලය පියවර ගෙන තිබේ.්‍ර 10 January 2024
අවිගත් පිරිසක් රූපවාහිනී නාළිකාවට කඩා වදිති ලතින් ඇමෙරිකාවට අයත් ඉක්වදෝරයේ, රූපවාහිනී නාළිකාවක, සජීවී වැඩසටහනක් විකාශය වෙමින් තිබියදී, සන්නද්ධ එම වැඩසටහන විකාශය වෙමින් පැවැති මැදිරියට කඩා වැදුණාහ. 10 January 2024
මත්ද්‍රව්‍ය ජාවාම්කරුවෙක් ඔරුගොඩවත්තෙන් අල්ලයි ඔරුගොඩවත්ත ප්‍රදේශයේ ඉතා සූක්ෂම ලෙස අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි පුද්ගලයෙක් විශේෂ කර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 10 January 2024
පළාත් රැසකට අදත් තදිස් වැස්ස අද දිනයේත් උතුරු, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 10 January 2024
මැති ඇමැතිවරුන්ට කොළඹ වරායේ ලොකු පාට්යක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50 ක් පමණ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් කුඩා ප්‍රමාණයේ නෞකා දෙකක (ටග් යාත්‍රා) කොළඹ වරායේ විනෝද සංචාරයකට ඊයේ (9) පස්වරුවේ සහභාගි ඇත. 10 January 2024
ගුවන් සේවා නිලධාරිනියගේ ඝාතකයා කටුනායකදි අල්ලයි කහතුඩුව අධිවේගී පිවිසුම අසලදී ගුවන් සේවා නිලධාරිනියකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ සැකකරු කටුනායක ගුවන් තොටුපොළේ දී අද අලුයම අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි. 10 January 2024
ජනපතිවරණයට - මහ මැතිවරණයට දින දෙයි ලබන සැප්තැම්බරයේ ජනාධිපතිවරණය පවත්වා අනතුරුව 2025 ජනවාරි මාසයේදී මහ මැතිවරණය පැවැත්වීමටද එජාප කළමනාකරණ කමිටුවේදී තීරණයට එළඹිණි. 09 January 2024
බන්ධනාගාර කොමසාරිස්වරයෙක් ප්‍රසිද්ධ සැකකරුවකුගේ සාදයට ගිහිල්ලා ආගම්වලට අපහාස වන ආකාරයේ ප්‍රකාශ කළේ යැයි චෝදනාවට බන්ධනාගතව සිට ඇප මත මුදාහැර සිටින ආගමික නායකයෙක් යැයි කියන පුද්ගලයකු කොළඹ පැවැත්වූ සාදයකට සහභාගි වූ බන්ධනාගාර කොමසාරිස්වරයෙක් සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය ජනාධිපති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද (9) පෙරවරුවේ කරුණු විමසා තිබේ. 09 January 2024
රනිල් ජනපති සටනට ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට එජාප කළමනාකරණ කමිටුව අද (9) ඒකමතිකව තීරණය කළේය. 09 January 2024
ප්‍රංශයට තරුණ අගමැතිවරයෙක් ප්‍රංශ ජානාධිපති එමානුවෙල් මැක්රෝන් විසින් එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස 34 හැවිරිදි ගේබ්‍රියෙල් අතාල් අද (09) පත් කරනු ලැබ ඇත. 09 January 2024
ගුවන් සේවා නිලධාරිනිය ගෙළ කපා මරලා දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිටවීම අසලදී සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරිනියකගේ ගෙල කපා මරා දමා ඇතැයි පොලිසිය කියයි. 09 January 2024
කෝටියක මුහුදු කූඩැල්ලන් සමඟ 6ක් අල්ලයි නීති විරෝධී ලෙස මෙරටට මුහුදු මගින් ප්‍රවාහනය කරමින්තිබූ මුහුදු කූඩැල්ලන් කිලෝ 2032 සහිත උර 71ක්,කල්පිටිය උච්චිමුනේ දූපත ආසන්න මුහුදේදී වයඹ නාවුක විධානයට අයත් විජය නාවුක නෞකාව මගින් අත් අඩංගුවට ගෙන ඇත. 09 January 2024
සත්‍ය කොමිසම පනත වැඩි ඡන්දයෙන් සම්මතයි යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාවේ සත්‍ය, සමගිය සහ ප්රතිසන්ධාන කොමිෂන් සභාව නමින් නව කොමිෂන් සභාවක් පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (9) වැඩි ඡන්ද 41 කින් සම්මත විය. 09 January 2024
මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාරට අලුත් වගකීමක් යුද්ධ හමුදා ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් නව අධ්යක්ෂ ජෙනරාල්වරයා ලෙස මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර මහතා අද (9) යුද හමුදා මූලස්ථානයේදී වැඩ බාරගත්තේය. 09 January 2024
කෝටි හතරක කුඩු වැල්ලවත්තෙන් හමු වේ වැල්ලවත්ත පොලිසියට ලද තොරතුරකට අනුව වැල්ලවත්ත ෆෙඩ්රිකා පාරේ නිවෙස සිදුකළ මෙහෙයුමකදී කෝටි හතරකට වැඩි කොකෝන් සමග ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි. 09 January 2024
පුටුවක් හිස්වූ බව ලේකම් මැකෝට දන්වයි චමින්ද විජේසිරි මහතාගේ ඉල්ලා අස්වීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දුන්නාය. 09 January 2024
නැව යැවීම ගැන සජිත්ගෙන් දෝස් මුරයක් රට බංකොලොත්වී ඇති අවස්ථාවක හූති සටන්කාමීන් මෙල්ල කිරීමට රුපියල් කෝටි 25 කට වැඩි මුදලක් වැයකර නාවික යාත්‍රා යැවීම සාධාරණදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (9) ප්‍රශ්න කළේය. 09 January 2024
ටොරින්ටන් හොකී පිටියට නොමිලේ තණ තීරුවක් ටොරින්ටන් හොකී පිටිය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 January 2024
යුද්ධයට අදාළ සියලු ප්‍රශ්න වලට 2025දී විසඳුම් නිදහස් ජාතියක් ගොඩනැගීම සඳහා“ලාංකීය” සංකල්පය “ලාංකීය අනන්‍යතාව” දක්වා දියුණු කිරීමට කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 09 January 2024
ලංකාවේ රිලවුන්ට චීනය පොරකයි චීනයේ පෞද්ගලික සත්වෝද්‍යාන රැසක් ශ්‍රී ලංකාවෙන් රිලව් ගැනීමට බොහොම කැමැත්තෙන් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය. 09 January 2024
දඬුවම ගැන නීතිපති මතය මැතිසබයට යම් මන්ත්‍රීවරයකු එකිනෙකට වෙනස් වැරදි දෙකක් හෝ වැඩි ගණනකට වැරදිකරු වුවහොත් ඒ මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු සේවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මාස තුනක උපරිම කාලයකට අත්හිටුවිය හැකි බව නීතිපතිවරයා සිය මතය ඉදිරිපත් කරමින් දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය. 09 January 2024
ලක් ගුවන් යානා වලට නරීටා ගුවන් තොටේ යාළුවෙක් ලැබෙයි ජපානයේ ටෝකියෝ නරීටා ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ගුවන් යානා සඳහා බිම් මෙහෙවර සේවා සපයා ගැනීම පිණිස වන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 09 January 2024
‘INS KABRA’ කොළඹ වරායට ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KABRA’ නෞකාව නිල සංචාරයක් සඳහා අද උදෑසන කොළඹ වරායට සේන්දු විය. 09 January 2024
‘අපිට යුක්තිය කෙහෙළියට මුට්ටිය’ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය අඹුක්වැල්ල මහතා වාහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් සිවිල් සංවිධාන සහ සමාජ ක්රියාකාරිකයන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අද (9) පෙරවරුවේ උද්ඝෝෂණයක් පැවැත්වූහ. 09 January 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026