(කේ බුද්ධික කුමාරසිරි)
විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කර ගැනීමට පක්ෂයේ විධායක සභාව ගත් තීරණයට බාධා කිරීම සියලු පාර්ශව වලට වළක්වාලමින් කඩුවෙල දිසා අධිකරණය මගින් ලබා දී තිබූ වාරණ නියෝගය ලබන (31) දින දක්වා දීර්ඝ කිරීමට කඩුවෙල දිසා විනිසුරු දුලානි වික්‍රමසූරිය මහත්මිය අද (28) දින නියෝග කලාය.
ඒ සම්බන්ධයෙන් වූ වැඩිදුර විභාගය අද (28) දින කඩුවෙල දිසා අධිකරණයේදී යළි විභාග වූ අතර විජයදාස රාජපක්ෂ මහතාට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කටයුතු බාදාවකින් තොරව කරගෙන යාමට බාදා නොකරන ලෙසට පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කරන ලෙසට ඉල්ලමින් වග උත්තරකාර පාර්ශවය විසින් ගොනුකර තිබූ පෙත්සම වෙනුවෙන් කරුණු තහවුරු කිරීම ද එහිදී සිදු විය.
එදින පස්වරු 1.30 ට ආරම්භ වූ නඩු විභාගය පැය පහකට ආසන්න කාලයක් විභාග වූ අතර ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බලා ලබන 31 වෙනි දින යළි නඩු විභාගය පවත්වා නියෝගයක් ලබා දෙන බවද අධිකරණය තීරණය කරන ලදී.
ඉකුත් 13 වෙනි දින ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයින් දෙදෙනෙකු වන ඉසුරු අබේවර්ධන සහ සුමිත් සොයිසා යන මහත්වරු විසින් තම පක්ෂයේ විධායක සභාව ගත් තීරණය අනුව විජයදාස රාජපක්ෂ මහතාට පක්ෂයේ කටයුතු කරගෙන යාමට බාධා නොකරන ලෙස වග උත්තරකරුවන් 20 දෙනෙකුට නියෝගයක් කරන ලෙස ඉල්ලා දිසා අධිකරණය හමුවේ ඉල්ලීමක් සිදු කර තිබුණි.
මෙම නඩු විභාගය වන අවස්ථාවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වැඩ බලන මහ ලේකම් දුමින්ද දිසානායක නීතිඥ පයිසර් මුස්තාපා ආදී පිරිසක් අධිකරණය වෙත පැමිණ සිටි ආකාරය දක්නට ලැබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රීලංනිප සමාජිකයන් විසින් අධිකරණය විහිළුවකට අරගෙන තියෙන්නේ දුමින්ද දිසානායක නිමල් සිරිපාල මහින්ද අමරවිර ඇතුළු අය කොළඹ දිසා අධිකරණයෙන් මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව විජේදාස රාජපක්ෂට එරෙහිව තහනම් නියෝග ගන්නවා ඊට පස්සේ මෛත්‍රී පිලේ අය කඩුවෙල දිසා අධිකරණයට ගිහින් නිමල් සිරිපාල පිලේ අයට එරෙහිව නියෝග ගන්නවා වැඩකරගෙන යන්න ඉඩදෙන්න කියලා එතකොට දෙපැත්තටම ඒ පක්ෂයේ වැඩකරගෙන යන්න බැ අධිකරණ නියෝග අනුව අනික පැහැදිලියි එකක් එක් එක් පාර්ශවයන් ඔවුන්ට වාසිදායක අධිකරණ බල ප්‍රදේශ වලින් නියෝග ගන්නා බවට එකම අධිකරණ බලයක් තිබෙන දෙකක් එකිනෙකට අභිබවා නියෝග දිය නොහැකි අධිකරණ මෙවා නිසා මිනිස්සු ඉදිරියේ අධිකරණය හැල්ලුවට ලක්වෙනවා දැන් තිබෙන්නේ ඔය අධිකරණ 2 විනිසුරුවන් දෙදෙනා කථිකාකොට ඔය නඩු දෙක මධ්‍යස්ථ එක අධිකරණයකට යොමුකිරීමයි නැතිනම් මේ දේශපාලකයන් නිසා අධිකරණය ජනතාව අතර විහිළුවකට ලක්විම වැලැක්වීමට නොහැකිය
අධිකරණ ඇමති කම දීපන් විජේ ළමයෙකුට