IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


තීරණයක් ගන්න ඩයනාට කල් දෙයි

(රන්ජන් කටුගම්පොළ)

සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වයෙන් තමන් නෙරපීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම පවත්වාගෙන යනවාද? ඉල්ලා අස්කර ගන්නවාද? යන්න තීරණය කිරීමට හිටපු රාජ්‍යඇමැතිනි ඩයනා ගමගේ මහත්මියට ජුලි 07 වැනිදා තෙක් ශ්‍රේෂ්ඨාධිකරණ ඊයේ (28) කල් ලබා දුන්නේය.

මෙම පෙත්සම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට තම සේවාදායකයාට කල්  දෙන්නැයි ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා කළ ඉල්ලීමක් පිළිගනිමින් ‍‍‍ශ්‍රේෂ්ඨාධිකරණ එලෙස කල් ලබා දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි.

සමගි ජන බලවේගයේ පක්ෂයේ සාමාජිකත්වයෙන් තමන් නෙරපීම වළකාලන නියෝගය නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු රාජ්‍යඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.



අදහස් (4)

තීරණයක් ගන්න ඩයනාට කල් දෙයි

chaamara Tuesday, 28 May 2024 11:15 PM

පිස්සුද? නඩුව අස්කරගත්තොත් එදාට විසා නතුව ආපසු යන්න වෙනව. නඩුව ඇදි ඇදි ගියොත් නඩුව ඉවර වෙනකල් මෙහෙ ඉන්න පුලුවනි.

:       1       13

සෙනෙවිරත්න Wednesday, 29 May 2024 06:46 AM

සජිත් පෙත්සම අස්කරගෙන එතුමිය නැවතත් පක්ෂයට එක් කර ගනීවි

:       2       5

උපුල් Wednesday, 29 May 2024 09:55 AM

මේ රටේ ඉන්න සුරතල්ම ෆොරිනර් තමයි ඩයනා. හැමෝම ඒකිට පදිරි ිවෙනවා.

:       1       7

Rata Perata Wednesday, 29 May 2024 11:58 AM

මේ තීරණ ලෝකයේ තියෙන, ගන්න අරමුණ ඒවා වෙන්න ඇති.. ඒකනේ ජූලි 07 වෙනකන් කල් දීලා තියෙන්නේ. මේවා තමයි නියම විහිළු...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site