
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කසිප්පු ව්‍යාපාරිකයකුගේ බිංගිරිය ප්‍රදේශයේ නිවෙසට ගොස් කසිප්පු පානය කරමින් සිටියේයැයි කියන බිංගිරිය පොලිසියේ සැරයන්වරයකුගේ සහ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ පෙරේදා (27) සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙම පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා බිංගිරිය ප්‍රදේශයේ පදිංචි නීති විරෝධී ක්‍රියා කිරීමට ප්‍රසිද්ධියක් උසුලන්නකුගේ නිවෙසට ගොස් මත්පැන් කරමින් සිටින බවට බිංගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හැරිසන් සෝමසිරි මහතාට තොරතුරක් ලැබීමෙන් පසු පොලිස් කණ්ඩායමක් එම නිවෙස වටලා ඇත.
මෙම වැටලීම කරන අවස්ථාවේ එම නිවෙසේ කසිප්පු පානය කරමින් සිටියේ යැයි කියන මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා ඔවුන් පැමිණි යතුරුපැදිය ද එහි දමා පලා ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියා කීය.
එම යතුරුපැදිය පසුව පොලිස් භාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක මොකක්ද? මීට කලින් පොලිස්පති තනතුරේ හිටපු කෙනෙක් කුඩු මුදලාලි කෙනෙක්ගෙ ගෙදර පාටියකට ගිහිං ආතල් අරං තිබුණෙ. වල් ෆැන්ටා, ත්‍රයිලෝක විජයපත්‍ර, කුඩු, නීති විරෝධී පස් බිස්නස් කරන මොනතරම් කට්ටිය රටකරවන 226 ය අතරේ යහතින් ඉන්නවාද? එහෙම එකේ පහළම ඉන්න නිලධාරීන්ගේ වැරදි ගැන මොකට කතා කරනවද ?