
(ලසන්ත නිරෝෂණ පෙරේරා )
කහවත්ත ඕපාත වතුයායේ අංක තුන කොටසේ තේ ගස්වලට පොහොර දමමින් සිටි කාන්තාවන් පිරිසක් මතට මාරගසක් කඩා වැටීමෙන් ඵක් කාන්තාවක ඡීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනකු බරපතල තුවාල ලබා ඇතැයි කහවත්ත පොලීසිය කියයි.
තද සුළගක් සමග මෙම දැවැන්ත මාර ගස වැටී ඇත. ගසට යටවි සිටි කාන්තාවන් තිදෙනා වතු කම්කරුවන් පිරිසක් විසින් ඉවතට ගත්තද එක් අයකු රෝහලට රැගෙන එන විටත් මියගොස් සිටි බව පොලිසිය පවසයි .
ගස කඩා වැටුණු ස්ථානය දුෂ්කර ප්‍රදේශයක දුෂ්කර මාර්ගයක පිහිටි නිසා තුවාලකරුවන් රෝහල් ගත කිරිමට පැයක් පමණ ගතවි තිබේ .
මෙලෙස ඡීවිතක්ෂයට පත්ව ඇත්තෙ තමිල් චෙල්වී (46) වතුකම්කරු කාන්තාවක් බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතරම් තදින්ම වහිද්දී පෝර දැමීමෙන් ඵලක් තියේද?
අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ දෑතේ විරියෙනි රටවල් නැගුණේ ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන් මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ