
(බන්දු තඹවිට සහ ලක්මි කුඩලිගම)
වැලිපැන්න ගල්මත්ත ප්‍රදේශයේදී පාසල් සිසුන් තිදෙනකුගේ පහර කෑමට ලක්ව මියගිය එක් දරු පියාගේ මෘතදේහය තැන්පත් කර තිබු සොහොන හාරා තම ස්වාමිපුරුෂයාගේ හිස ඇතුළු කොටස් රැගෙන ගොස් ඇති බව මියගිය අයගේ බිරිඳ වැලිපැන්න පොලිසියට අද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
2023 වසරේ පෙබරවාරි මස 14 වන දින ගල්මත්ත ප්‍රදේශයේදී පාසල් සිසුන් තිදෙනෙක් සමග ඇතිවූ ආරවුලකදී හෙල්මට් ප්‍රහාරයකට ලක්ව සිදුව දොන් රංග විරාජ් ජයසිංහ නමැති 35 හැවිරිදි එක්දරු පියකු මියගිය අතර ඔහුගේ දේහය අධිකරණ නියෝගයකට අනුව වැලිපැන්න පොලිස් වසමේ ගල්මත්ත ,කුරුදිප්පිට සුසාන භුමියේ කොන්ක්‍රීට් දමන ලද වලක භූමදානය කළේය.
එචික පටන් ඔහුගේ බිරිඳ සහ ඥාතීන් ඔහු වෙනුවෙන් ගුණානුස්මරණ පිංකම් පැවැත්වෙන දින වලදී සහ වෙනත් විශේෂ දිනවලදී එම සොහොන පවිත්‍ර කර පහන් දැල්වීම සිදුකර ඇති අතර මෙවර වෙසක් පොහොය වෙනුවෙන් ඔහුගේ සොහොන පවිත්‍ර කිරීමට පවුලේ ඥාති සොහොයුරන් දෙදෙනකු පැමිණි විට එම මිනී වල හරා තිබෙන බව දැක මියගිය අයගේ බිරිඳට දැනුම් දී ඇත.
අනතුරුව මියගිය අයගේ බිරිඳ වන පී.දිල්හාරි ප්‍රසාංගිකා යන අය එම ස්ථානයට පැමිණ පරීක්ෂා කර බලා වැලිපැන්න පොලිසියට පැමිණිල්ලක් කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාතෘකාව දැක්ක ගමන් අපි අහළ පහළ කීදෙනෙක් ඔය වගේ ඇතිද කියලා හිතෙනවා. කාලෙට අනුව හැඩ ගැහෙන්න වෙනවා. ඉල්ලන් කන දේවල් කරන්න හොඳ නෑ. ගුණවත් මිනිස්සු හොයන්න අමාරුයි දැන් කාලේ. විශේෂයෙන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයගෙන් පරිස්සම් වෙන්න වෙනවා.
මරණකරුට එක සහෝදරයෙක් හිටියනම් ඇති!
නඩුවට අවශ්‍ය සාක්කි වසන් කිරීමට ගත් උත්සාහයක් වගේ.
ඕක කට්ටඩියෙකුගෙ වැඩක් වෙන්න බැරිද?
හිසාතුලු කොටස් අරගෙන ගිය කීවට ඔය තියෙන්නේ හිස පේන්න. එම්බාම් කරලා තියෙනවා අවුරුදු ගානක් පවතින්න. මළ මිනියකට සාමාන්‍යයෙන් අන්දන්නෙ සුදු නේද.