සිනමා කලාකරුවන්ට ණය යෝජනා ක්‍රමයක් මෙරට සිනමා කර්මාන්තයේ නියුතු කලාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් විශේෂිත ණය යෝජනා ක්‍රමයක් සකස් කිරීමට පියවර ගන්නා බව ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා පැවසීය. 07 April 2024
උත්සව සමයේ අත්‍යවශ්‍ය සේවා ගැන උපදෙස් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සහ රාමසාන් දිනය සමගාමීව යෙදී ඇති දීර්ඝ නිවාඩුව කාලයේ සෑම දිස්ත්‍රික්කයකම අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑමට කටයුතු කළ යුතු බවට රාජ්‍ය පරිපාලන, සේවදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිඛිතව දැනුම්දී තිබේ. 07 April 2024
ඕමන්තේදී කැබ් රියක් දුම්රියක ගැටෙයි වවුනියාව, ඕමන්ත පණ්රිකෙයිදකුලම ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී කැබ් රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇතැයි ඕමන්ත පොලිසිය පවසයි. 07 April 2024
මොරගහහේනේ වෙඩි තැබීමකින් දෙකක් මරුට මොරගහහේන තල්ගහවිල මාලොස් ඇළ හන්දිය ආසන්නයේදී තීරෝද රථයකින් ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකුට මෝටර්රථය කින් පැමිණි පුද්ගලයන් පිරිසක් වෙඩි තබා ඇතැයි මොරගහේන පොලිසිය කියයි. 07 April 2024
අල්ලස් චෝදනා එල්ල වූ ගල්කිස්ස එස්.සී.අයි.බී.ඕ.අයි.සී. නිදොස් කොට නිදහස් පාර්ශවයකට වාසිදායක වන අන්දමට පැමිණිල්ලක් විභාග කිරීම සඳහා රුපිල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා 25,000 ක් ලබාගත් බවට චෝදනා ලැබ සිටි ගල්කිස්ස පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සියළු චෝදනා වලින් නිදොස් කර නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කළේය. 07 April 2024
විදෙස් ණයෙන් කොටසක් ඉවත් කර ගන්න සාකච්ඡා ලංකාවේ විදේශ ණය ගෙවීම සඳහා 2042 වන තෙක් කාලය ලබා ගැනීමට සාකච්ඡා ඇරැඹූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ දී පැවසීය. 07 April 2024
ඊෂි කෑෂ්-එම් කෑෂ් මත් ද්‍රව්‍ය ජාවාරමුන් ගැන සෙවිල්ලෙන් ඊෂි කෑෂ් සහ එම් කෑෂ් භාවිත කරමින් මත්ද්‍රව්‍ය සඳහා මුදල් ගෙවන පුද්ගලයින් 198 දෙනකුගේ තොරතුරු ලබාගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 07 April 2024
කෙහෙළියට එරෙහි තවත් නඩුවක් 29 දා සිට විභාගයට අත්‍යවශ්‍ය නොවන අවස්ථාවක රූපවාහීනි සංස්ථාවට ජී”අයි” බට මිලදී ගෙන රජයට රුපියල් ලක්ෂ 10කට ආසන්න පාඩුවක් කළ බවට චෝදනා ලැබ සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි නඩුව අගොස්තු 29 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා තීරණය කළේය. 07 April 2024
කෝටි හතරක කුඩු සමඟ සංගීත ශිල්පියා අල්ලයි කොටහේන සුමිත්‍රාරාම මාවතේ නිවසක් වටලා රුපියල් කෝටි හතරකට ආසන්න වටිනා හොරයින් මත්කුඩු තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සංගීත ශිල්පියෙකු අත්අඩංගුවට ගත් බව ආදුරුප්පුවීදිය පොලිසිය කියයි. 07 April 2024
අපේ බීජ අපනයනයට සූදානම් ඉතිහාසයේ පළමු වරට මෙරට බීජ වර්ග කිහිපයක් අපනයනය සඳහා සූදානම් කර ඇතැයි කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නාය. 07 April 2024
මැණික් ගල් හතරක් ඉස්සූ සෙබලා මාට්ටු පුද්ගලයකුගේ රුපියල් ලක්ෂ 55 ක් පමණ වටිනා මැණික් ගල් 4 ක් හමුදා කඳවුර තුළට රැගෙන ගොස් මගහැර සිටි යුද හමුදා සෙබළා අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි. 07 April 2024
රාජ්‍ය සේවක වැටුප් 10 ට පෙර අප්‍රේල් මාසයට හිමි රාජ්‍ය සේවක වැටුප මේ මස දහවෙනිදාට පෙර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලා පිටිය මහතා පවසයි. 07 April 2024
හෙද සොහොයුරිය සිමෙන්ති ලොරියට බිලි රැකියාව නිමවා සිය සැමියා සමග යතුරුපැදියෙන් නිවස කරා යමින් සිටි කළුබෝවිල ශීක්ෂණ රෝහලේ හෙද සොයුරියක් සිමෙන්ති පැටවූ ලොරියකට යටවීමෙන් මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. 07 April 2024
මන්ත්‍රී තුනක් ඇමැති බංගලාවල බින්න බැහැලා ඇමති නිල නිවාසවල නීති විරෝධීව රැඳී සිටින මන්ත්‍රීවරුන් තිදෙනකු ඉන් ඉවත් කිරීමට කටයුතු කෙරෙමින් පවතින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ. 07 April 2024
කාත්තන්කුඩියේ හොර කච්චේරියක් වටලයි කාත්තන්කුඩි නොචිචිමුනේ,මඩකලපුව ප්‍රදේශයේ නිවසක රහසේ පවත්වාගෙන ගිය කූඨ ලේඛනාගාරයක් වටලා එහි සිටි පුද්ගලයක් අත්අඩංගුවට ගත්බව පොලිස් විශේෂකාර්ය බලකාය කියයි. 07 April 2024
අදත් ස්ථාන කීපයකට සවස තද වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් මහනුවර, නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 07 April 2024
ලිබර්ටි ප්‍රතිමාව දෙදරයි ඇමෙරිකාවේ නිව්යෝක් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි නගර රික්ටර් මාපකයේ ඒකක 4.8ක භූ කම්පනයකින් දෙදරා ගියේය. 07 April 2024
ලොව ළාබාලතම බිලියනපතිනිය 2024 ලෝකයේ බිලියනපතියන්ලේ ලැයිස්තුව ‘ෆෝබ්ස්’ ව්‍යාපාරික සඟරාව විසින් එළිදක්වා ඇත. එම ලැයිස්තුවේ, ළාබාලතම බිලියනපතියන් අතරේ සිටින 19 හැවිදිරි පාසල් සිසුවියක ද වන ලිවියා වොයිට් ලොව ළාබාලතම බිලියනපතියා වෙයි. 07 April 2024
මාවනැල්ලේදි පොලිස් වෙඩි පහරින් අයකු මිය යයි කඩුවක් ද රැගෙන මාවනැල්ල පදීදොර ගම්මානයේ වැසියන් බියට පත් කරමින් කාන්තාවක ඇපයට ගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිසියේ දෙදෙනකුට කඩුවකින් පහරදුන් පුද්ගලයකු පොලිස් වෙඩි පහරින් මියගොස් ඇතැයි පොලිසිය කියයි 07 April 2024
බවුසරය පෙරළී භූමිතෙල් පාර දිගේ ගලා යයි මාතලේ - ලග්ගල, විල්ගමුව, එළවනාකන්ද ප්‍රදේශයේ දී අද ඉන්ධන බවුසරයක් පෙරළීමෙන් එහි තිබූ භූමිතෙල් මාර්ග දිගට ගලා ගිය බව විල්ගමු පොලිසිය කියයි. 06 April 2024
එංගලන්තයෙන් ලංකාවට ලොකු හයියක් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති වත්මන් ආර්ථික ප්‍රගතිය හේතුවෙන් එක්සත් රාජධානිය විසින් සිය පුරවැසියන් සඳහා නිකුත් කර තිබූ ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය (Travel Advisory) 2024 අප්‍රේල් මස 05 වැනි දින සිට යාවත්කාලීන කිරීමට එක්සත් රාජධානිය කටයුතු කර තිබේ. 06 April 2024
71පුරෝගාමී සමාජවාදී සංවිධානයෙන් අනුරට ලිපියක් යළිත් වතාවක් මේ රට තුළ තරුණ කැරැල්ලක් ඇතිකර ලේ වැගිරීමක් සිදු නොවන තැනට වගබලා ගනිමින් වගකීම් සහගත දේශපාලනයක නිරත වන ලෙස 71පුරෝගාමී සමාජවාදී සංවිධානය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත 06 April 2024
අඩම්තේට්ටම් වූ යූඑන්පී පාක්ෂිකයන්ට වන්දි දේශපාලන පළිගැනීම් වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ. 06 April 2024
ඉන්දු-ලංකා පාර ගැන ඉන්දීය අදහස් මේ සතියේ ජනපතිට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදි කෙරුණු පසු ආනයන - අපනයන කටයුතු මෙන්ම සෙසු කටයුතු වලින් වැඩි වාසියක් ලැබෙන්නේ ශ්‍රී ලංකාවට බව රජය පවසයි. 06 April 2024
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට දැඩි ආරක්ෂාවක් කොළඹ 10 ටී බී ජයාමාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට මරදාන පොලිසිය විශේෂ ආරක්ෂාවක් යොදවා ඇත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා මරදාන පොලිසියට කළ පැමිණිල්ලක් අනුව මෙම ආරක්ෂාව යොදවා ඇත එහි තිබූ ලිපිගොනු වගයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් වැඩ බලන මහලේකම්වරයා මෙම පැමිණිල්ල කර තිබුණි 06 April 2024
ජාතික අලුත් සහල් මංගල්‍ය 57 වැනි වරටත් ජාතික අලුත් සහල් මංගල්‍ය 57 වැනි වරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී අද (06) දින පෙරවරුවේ පැවැත්විණි. 06 April 2024
බාල බෙහෙත් ගෙනත් කෝටි 15ක් වතුරේ ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 06 April 2024
දුප්පතුන් ලක්ෂ 57කට නැගලා ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය. 06 April 2024
අගනුවර නගර සභාවේ සේවක හිඟයක් ප්‍රධාන අගනගරය වන ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ පවතින දැඩි සේවක හිඟය නිසා එහි කටයුතුවලට බාධා පැමිණ ඇතැයි එහි ප්‍රකාශකයෙක් කීය. 06 April 2024
හරක් හොරුන්ට දැඩි දඬුවම් දෙන්න යයි හරකකු හොරකම් කරන පුද්ගලයකුට දැනට පවතින රුපියල් 10000 දඩ මුදල සංශෝධනය කරමින් රුපියල් ලක්ෂ දහය දක්වා වැඩි කර, හරක් හොරුන් හිරේ දමමින් ඇප නොදෙන මට්ටමට පනත සංශෝධනය කිරිමට නව පනතක් ගෙන එන බව කෘෂිකර්ම හා වැවිල් කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 06 April 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026