ශ්‍රී ලංකාව පළමු වටයෙන්ම ඉවතට ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු වටයේ තරඟ දෙකක් ඉතිරිව තිබියදීම ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් අද (2) ඉවත්වීමට සිදුවිය. 02 November 2023
හිරේ ඉන්න සැමියා බිරිය ලවා රජ ගේම් දීලා බෝගම්බර සිපිරි ගෙයි සිට සිය භාර්යාව සමග සම්බන්ධවී විදෙස් සංචාරක බෝකර් වරයකු ලෙස රගපාමින් අම්බලන්ගොඩ තිදෙනෙකුගෙන් වංචා සහගත ලෙස මුදල් ගිණුමට දමා ගත්තේ යයි කියන එම රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සැකකරුගේ බිරිය අද (2) පස්වරුවේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 02 November 2023
14 දියණියට පිහියකින් කෙටූ තාත්තා අත්අඩංගුවට මාතලේ ,පලාපත්වල කිරිගල්පොත්ත ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටින අවුරුදු 14ක් වයස දැරියකට පිහියකින් කොටා බරපතළ තුවාල සිදු කළේ යැයි කියනඑම දැරියගේ පියා මාතලේ මුලස්ථාන පොලීසිය විසින් ඊයේ (2)සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 02 November 2023
ශ්‍රී ලංකාවට ලකුණු 358 ක ඉලක්කයක් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 33 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ සත්කාරක ඉන්දියාව අතර මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේදී දැන් පැවැත්වෙන තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය පිල ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 357 ක් රැස්කිරීමට සමත්විය. 02 November 2023
පළාත් පාලන සේවකයෝ 4800ක් ස්ථිර සේවයට පළාත් සභා යටතේ ඇති පළාත් පාලන ආයතන වල මෙතෙක් ස්ථිර නැති සේවකයින් 8400 දෙනකු කැබිනට් අනුමැතිය ලැබුණු වහාම රජයේ ස්ථිර සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය. 02 November 2023
ඊශ්‍රායල විදේශිකයෝ දේශසීමා හරහා ඊජිප්තුවට ගාසා තීරයේ ඊජිප්තුව හා සම්බන්ධ රෆා දේශසීමාව, හමාස් සටන්කාමින්ගේ ප්‍රාණ ඇපයේ සිටි විදේශිකයන් සඳහාත්, තුවාල ලැබූ පලස්තීනුවන් සඳහාත් මේ වනවිට විවෘත වී ඇත. 02 November 2023
මැතිවරණ ක්‍රම වෙනස් කරන කොමිසමට ’’අත්තටු’’ දෙයි මෙරට මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු ආකාරය ගැන සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ බලතල වැඩි කිරීමේ ගැසට් නිවේදනය හෙට (3) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. 02 November 2023
දැන් බෝම්බ දැම්මා ඇති නේද? - බයිඩන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පළමු වරට ඊශ්‍රායලයට දන්වා සිටියේ මානුෂීය හේතූන් සැලකිල්ලට ගනිමින් ගාසා තීරයට එල්ල බෝම්බ දැමීම නැවැත්විය යුතු බවය. 02 November 2023
ඔටුන්න හිමි කුමරිය දිවුරුම් දෙයි ස්පාඤ්ඤයේ ඔටුන්න හිමි ලියොනෝර් කුමරිය, ඇගේ 18 වැනි ඡන්ම දිනය දා ස්පාඤ්ඤ ව්‍යවස්ථාවට අනුව දිවුරුම් දුන්නාය. 02 November 2023
මහියංගන - මහනුවර මාර්ගයට ගසක් කඩා වැටේ මහනුවර මහියංගනය ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් මතට පල්ලෙකැලේ ප්‍රදේශයේ දී විශාල ගසක් කඩාවැටීමෙන් එහි ගමන් ගත් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පැවසීය. 02 November 2023
ඉන්දියාවට ණය ගෙවන්න කෝටි විසි තුන් දාහක් වෙන් කරන්න යයි ඉන්දියානු ණය සහනාධාර යටතේ ඉන්ධන ආනයනය කිරීමට ගත් ණය පියවීම සඳහා රුපියල් කෝටි විසි තුන් දහස් එකසිය පනහක ( 23150) ප්‍රතිපාදන අනුමත කිරීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත. 02 November 2023
ගාසා ජන සංහාරය ඉවසනු බැරිව ක්‍රේග් ඉල්ලා අස් වේ ඊශ්‍රායල හමුදා ගාසා තීරයට ප්‍රහාර එල්ල කරමින් පලස්තීන ජාතිකයන් 9000 ක් ඝාතනය කිරීම ජන සංහාරයක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ නිව්යෝර්ක් කාර්යාලයේ අධ්‍යක්ෂකවරයෙක්ව සිටි ක්‍රේග් මොක්හිබර් ප්‍රකාශ කර ඇත. 02 November 2023
සීනි බද්ද ඉහළට:සීනි මිල නඟි සුදු සීනි ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා මෙතෙක් පැවැති සත 25 බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 50 දක්වා වැඩි කර ඇතැයි සීනි ආනයනයකරුවෝ පවසති. 02 November 2023
නාමල්ලා නඩුවකින් නිදහස් හෙළි නොකරන ආකාරයකින් රුපියල් කෝටි තුනක මුදලක් උපයා ගත් බවට හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පස්දෙනකුට එරෙහිව මුදල් විශූද්ධීකරණ පණත යටතේ පවරා ඇති නඩුවෙන් විත්ති වාචක නොකැඳවාම ඔවුන් සියළු දෙනාම නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (02) නියම කළේය. 02 November 2023
පාසල් දරුවන්ගේ පොත්වලට වට්ටමක් පාසැලේ විදුහල්පතිගේ නිර්දේශය මත පාසල් දරුවන් සදහා සියයට තිහක වට්ටමක් මත පාසල් අභ්‍යාස පොත් ලබා දීමට අද (02) දින සිට කටයුතු කරන බව රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති නිමල් ධර්මරත්න මහතා පවසයි. 02 November 2023
‘බදු පරිපාලනය කාර්යක්ෂම කළ යුතුයි’ වැට් බද්ද වෙනුවට දැනට බදු එකතු කරන ක්‍රමවේදය හෙවත් බදු පරිපාලනය කාර්යක්ෂම කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 02 November 2023
අපේ සෞඛ්‍යයට බංගලාදේශයෙන් හයියක් පිළිකා සහ වකුගඩු ඇතුළු අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 54ක ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන බව ශ්‍රි ලංකාව් බංගලාදේශ මහ කොමසාරිස් වැරෙක් අරිෆුල් ඉස්මලම් මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා අද දැනුම් දුන්නේය. 02 November 2023
සමෘද්ධියට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත් කෙරුණු සී.ඩී.කළුආරච්චි මහතා සෙත්සිරිපායේ පිහිටි එම දෙපාර්තමේන්තුවේදී ඊයේ (2) පෙරවරුවේ වැඩ බාර ගත්තේය. 02 November 2023
අයවැයට යෝජනා දෙන්න පෞද්ගලික අංශයට අවස්ථාව ආර්ථිකය ගොඩනැඟීම සඳහා පෞද්ගලික අංශයෙන් ලබාදෙන යෝජනා මෙවර අයවැයට ඇතුළත් කිරීමට අවධානය යොමු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 02 November 2023
සැමියාගේ වටිනා අංගයක් කැපූ බිරියගේ මනස බලයි යුද හමුදා සෙබළකු වන තම සැමියාගේ පුරුෂ ලිංගය ගිරයකින් කපා බරපතල තවාල කළැයි කියන රිමාන්ඞ් කර සිටි බිරිය රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය. 02 November 2023
ශ්‍රී ලංකාව පන්දු යැවීම තෝරාගනී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 33 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ සත්කාරක ඉන්දියාව අතර මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේදී දැන් පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා පිලේ නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දු යැවීමට තීරණය කළේය. 02 November 2023
කර්මාන්තකරුවන්ට අයවැයෙන් බැංකු ණය සහනයක් ඉදිරි අයවැයේදී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සඳහා බැංකු ණය සහන ලබාදීමට අදහස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 02 November 2023
නැවතී තිබූ ඉන්දු ලංකා ආර්ථික සාකච්ඡා අරඹයි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2018 වසරේ සිට අත්හිටුවා තිබූ ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම නැවත ආරම්භ කරමින් එහි 12 වැනි සාකච්ඡා වටය කොළඹ දී පැවැත්විණි. 02 November 2023
අරක්කු කොම්පැණි පහක බලපත්‍ර නවත්වයි හිඟ බදු ගෙවීම පැහැර හැරි මත්පැන් නිෂ්පාදන සමාගම් පහක බලපත්‍ර අත්හිටවූ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. 02 November 2023
ඉන්දියා රාජ්‍ය බැංකුවේ තවත් ශාඛාවක් ත්‍රි‘මලේ විවෘත වේ ලංකාවේ දෙදින නිල සංචාරක නිරත ඉන්දියානු මුදල් ඇමැතිනි නිර්මලා සීතාරාමන් මහත්මිය අද ත්‍රිකුණාමලයේ ස්ථාපිත ඉන්දියානු රාජ්‍ය බැංකුවේ ශ්‍රි ලංකාවේ පස්වන ශාඛාව විවෘත කිරිමට එක් විය. 02 November 2023
ගෙල කපා බිරිය මරලා කලවාන, පොතුපිටිය , රඹුක ප්‍රදේශයේ දී සැමියා තියුණු ආයුධයකින් ගෙල කපා විසින් සිය බිරිඳ ඝාතනය කර ඇති බව පොතුපිටිය පොලිසිය පැවසීය . 02 November 2023
උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී ගසක විශාල අත්තක් දුම්රිය මාර්ගයට කඩා වැටී බාධා සිදුව තිබූ බදුල්ල කොළඹ අතර දුම්රිය ධාවනය අද (2) පෙරවරුව වනවිට යථා තත්ත්වය ට පත් කල බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . 02 November 2023
පොල් මයිටාවාට ’’මාරයෙක්’’ දකුණු පළාතේ පොල් වගාවන් හි දරුණු ලෙස පැතිරී ගිය පොල් මයිටා (Aceria guerreronis) වසංගතය මැඩලීම සඳහා ලුණුවිල පොල් පර්යේෂණායතනය විසින් හඳුන්වාදෙන ලද විලෝපිත මයිටාවා ඉතාමත් සාර්ථක වී ඇති බව එම පර්යේෂණායතනය සඳහන් කරයි. 02 November 2023
තේ පෝර නිෂ්පාදන මිලටම මෙරට තේ වගාව සඳහා අවශ්‍ය පොහොර නිෂ්පාදන මිලටම ලබා දීමට රජයට අයත් පොහොර සමාගම් දෙක එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි. 02 November 2023
බොහෝ ප්‍රදේශවලට සවස්කාලයේ වැසි දිවයිනේ බොහෝ පළාත්වල අද(02) පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 November 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026