IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නඩත්තු නැති තේ වතුවල ගිවිසුම අවසන් කරයි

(අංජුල මහික වීරරත්න)

නිසි ලෙස තේ වතු නඩත්තු නොකරන වැවිලි සමාගම්වල ගිවිසුම් කාලය  අවසන් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා තේ මණ්ඩලයට උපදෙස් දුන්නේය.

රජයට අයත් තේ වතු කළමනාකරණය පෞද්ගලික  අංශයේ වැවිලි සමාගම් වලට බදු පදනම යටතේ පවරා දී තිබේ.  

නමුත්  බොහෝ වැවිලි සමාගම් තමන් විසින් බාර ගත් තේ වතු නිසි පරිදි නඩත්තු නොකරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට තොරතුරු ලැබී තිබේ.

 තේ  වගාවන් සඳහා  පොහොර යෙදීම රජය විසින් අනිවාර්ය කර ඇති අතර ඒ සඳහා සහනාධාර පදනම යටතේ තේ පොහොර ලබා දීමට ද පියවර ගෙන ඇතැයි අමාත්‍යාංශය පවසයි.

මෙම සහනාධාරය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් රුපියල් මිලියන 12,000ක මුදලක් වැය කරයි. අවශ්‍ය තරම් තේ පොහොර ද රජයට අයත් පොහොර සමාගම් මගින් නිෂ්පාදනය කර සපයා දී තිබෙන බව අමාත්‍යාංශය කියයි.



අදහස් (4)

නඩත්තු නැති තේ වතුවල ගිවිසුම අවසන් කරයි

wedage Thursday, 30 May 2024 03:55 PM

උඹ කිව්වා නේද බිත්තර පිටරටින් හෙනල්ලා දෙනවා කියලා .කෝ ඒ බිත්තර ?36 ට දුන්නු බිත්තර දැන් 48

:       3       7

ranjith Thursday, 30 May 2024 06:33 PM

ඊළගට තව පන්දම් කාර⁣යකුට කුනු කොල්ලයට දෙනවා හැරෙන්න වෙන මොනවා කරන්නද?

:       0       4

රනේ Thursday, 30 May 2024 08:01 PM

ඔයා තනිකරම කට කයිවාරු කාරයෙක්. පඩි වැඩිකරනවා කියල රට පටලවලා තියෙන්නෙ. ගෙදර යන්නත් බෑ මග ඉන්නත් බෑ, එහෙම නේ?

:       0       2

Bamunuarachchi Saturday, 01 June 2024 08:18 AM

සුද්දා දෙකොනින්ම හිනා වෙනවා ඇති. කැවුම් කන්න දක්ෂ වුණාට වතු පාලනය ඔබලාට කරන්න බැහැ කියලා. තව ටික දවසකින් සජබේ බලයට ආවාම තේ දළු නෙලන්න ආපු අය වතු අධිකාරීන් වෙලා වතුධිකාරින් තේ දළු නෙලන්න පටන් ගන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site