IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


’’රට දෙපයින් නැඟී සිටියා පමණයි’’

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා විසඳීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

ආර්ථික වශයෙන් වැටී තිබු රට දැන් දෙපයින් නැගිට ඇවිඳීමට පටන් ගත්තා පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටක් ලෙස තවත් බොහෝ දුර යාමට ඇති බවත් ඒ සඳහා වෘත්තීය සමිති ව්‍යාපාරය ද කාලීන වෙනස්කම්වලට බදුන් වෙමින් ඉදිරියට පැමිණිය යුතු බවත් සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, දේශබන්දු  ලෙස්ලි දේවේන්ද්‍ර මහතාගේ වෘත්තීය දිවියට හැට වසරක් සැපිරීම නිමිත්තෙන් "ලෙස්ලි දේවේන්ද්‍ර සිංහාවලෝකනය" මැයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී  පැවති උත්සවයට එක් වෙමිනි.

රට ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙළ වෙනුවෙන් වු  සියලු වෘත්තිකයන්ගේ අදහස් සංවාදයට බදුන් කිරීම සඳහා මෙන්ම අනාගතයට ගැළපෙන ශ්‍රමිකයා නිර්මාණය කිරීම වෙනුවෙන්  “සේවක කේන්ද්‍රයක්” ඇති කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා ආණ්ඩුවෙන් වාර්ෂිකව මුදලක් වෙන් කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසිය. 



අදහස් (11)

’’රට දෙපයින් නැඟී සිටියා පමණයි’’

upali Thursday, 30 May 2024 12:29 PM

සිරිපාල යා නිදි

:       0       2

සෝමේ Thursday, 30 May 2024 12:45 PM

කවුද මේ ලෙස්ලි කියන්නේ ? , පිනාගේ ගොට්ටෙක් වෙන්න ඕනේ

:       0       2

බන්දු Thursday, 30 May 2024 01:06 PM

වැටි වැටි නැගිටිමු, තව අපි ණය ගමු!

:       4       7

Akila Thursday, 30 May 2024 01:24 PM

නිදහස ලැබුවට පස්සේ රට දෙපයින් තමයි හිටියේ අන්තිමට සුනාමි හොරුයි, මහා බැංකු හොරුයි ඇවිල්ල රට වට්ටන තුරු.

:       6       30

sanathThursday, 30 May 2024 02:33 PM

ඇයි රටේ තිබුණු 30 අවරුදු යුද්ධය, '71 සහ 88/89 ත්‍රස්ත කැරලි වලින් රටේ ආර්ථිකයට සිදුවුණු හානිය අමතක වුණාද?

:       0       0

පිටරටවැසියා Thursday, 30 May 2024 01:57 PM

අතීතයේ රජ කාලෙ පටන් පෘතුගීසි, ලංදේසි, ඉංග්‍රීසි කාලවලදීත් ලංකාව දෙපයින් නැඟී සිටියා...දියවන්නාවේ හිටපු සහ දැනට ඉන්න තක්කඩි හොරු රැළ තමයි, මේ රට හාන්සි කෙරෙව්වෙ...ගෑවිච්ච එවුනුත් එක්කම හැඳි ගෑවිලා යන්නම ඕන !!!

:       4       15

සෙනෙවිරත්න Thursday, 30 May 2024 02:02 PM

නැගි සිටියලු, බංකලොත්ලු මොනවද මේ එක එක දවසට කියන බයිලා?

:       5       9

ගමේ එකාලා Thursday, 30 May 2024 02:15 PM

රට බඩ ගාගෙන හිටියේ නැහැ .හොඳට තිබුණු අපේ රට මහාපරිමාණ හොරකම් වංචා දූෂණ නාස්තිය කරලා ,නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා හිඟාකන තත්ත්වයකට පත්කෙරුවේ බලලෝභී බඩගොස්තරවාදි දුෂිත දේසපාලුවෝ.

:       3       14

NAMAL Thursday, 30 May 2024 02:17 PM

ඡන්දයෙන් පැරදිලා ලැජ්ජ නැතිව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගපු උන් දෙන ටෝක් දැක්කම කොහෙන් හිනා වෙන්නද තේරෙන්නේ නෑ . 6 , 7 පාරක් අගමැති වෙලා ඉන්නකාලේ රට තව අගාදයට දැම්මා . පාස්කු ප්‍රහරය වෙනකොට රටේ අගමැති . දැන් අයිඑම්එෆ් ලෝන් එකයි , සංචාරක කර්මාන්තයි , පිටරට ඉන්න උදවියයි යවන මුදල් වලින් රට ගොඩ යනවා මිසක් මේ උන්දැලා කරපු දෙයක් නෑ.

:       6       13

Rata Perata Thursday, 30 May 2024 02:21 PM

ඇත්තටම මේ මනුස්සයා හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉන්න මෝඩයෝ කියලාද? බිලියන ගණන් වල ණය ගෙවන්න නැතුව. ඒ සල්ලි වලින් දේශපාලුවන්ට වාහන ගන්න අනුමැතිය දෙන ගමන් කියවනවා රට නැගිටිනවාලු. තියන ණය කන්දරාව පොලියත් එක්ක ගෙවන්න වුණ දවසට ආයෙත් රට හොබ්බෙන් තමයි යන්නේ

:       5       15

pakeer Thursday, 30 May 2024 03:52 PM

රට දෙපයින් නැගී සිටින අයත් ඉතින් ලෝක විනාශ වෙලා ආයෙත් සැරයක් අලුතින් මේ ලෝකේ බිහි වුණොත් තමයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site