
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ගම්පහ යක්කල ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගිවීමට ගිය 14 හැවිරිදි සිසුවියන් තිදෙනකු ඊයේ (29) සවස සිට අතුරුදන් බවට පැමිණිලි ලැබී ඇතැයි යක්කල සහ වීරගුල පොලිසි පවසයි.
යක්කල පොලිසියට එක් පැමිණිල්ලක් ලැබී ඇති අතර අනෙක් පැමිණිලි දෙක වීරගුල පොලීසියට ද ලැබී ඇත.
එම සිසුවියන්ගේ මවුවරුන් මෙම පැමිණිලි කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
අතුරුදන් සිසුවියන් තිදෙනා ගම්පහ යක්කල ප්‍රදේශයේ පාසලක 9 වැනි වසරේ ඉගෙනුම ලබන මිතුරියන් බවත් ඔවුන් තිදෙනා පෙරේදා (29) රාත්‍රිය වනතුරුත් නිවෙසට නොපැමිණි බවත් සඳහන් කරමින් පැමිණිලි කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.
අතුරුදන් සිසුවියන් තිදෙනා ගැන අද (30) වනතුරුත් කිසිදු තොරතුරක් දැන ගැනීමට නොලැබුණු බව යක්කල සහ වීරගුල පොලිසි පවසයි. යක්කල සහ වීරගුල පොලීසිවල ළමා හා කාන්තා කාර්යාංශය සහ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු මෙී පිළිබද පරීක්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කාලෙ ළමයින් වැඩි දෙනෙක් ඉන්නෙ මිරිඟු දියේ පීන පීනා. අන්තිමට අහිංසක දෙමාපියන් ට තමයි දුක් ගින්දර . බලමු මේ ගැටිස්සියෝ තුන්දෙනා නටපු නාඩගම මොකද්ද කියලා. ජීව්ත හෝ ආත්මය විනාශ කරගෙන නැත්නම් එච්චරයි .
සමරිසි කට්ටියගේ මුසාබස්වලට රැවටිලා නොමග ගිහිල්ලා වත්ද?
තුන්දෙනෙක් නිසා කොහේ හරි යන්න ඇති ඇවිදින්න. දැන් ඉන්න ළමයි දෙමව්පියන්ට කියන්නේ නැතිව හිතුමතේ ගමන් යනවා. මේ අයත් එහෙම ගියාද දන්නේ නෑ... කිසිම කරදරයක් නැතිව ඉක්මනින්ම ගෙදර පැමිණෙන්න ලැබේවා. දෙමව්පියන්ට දුක් ගින්දර කොච්චර ඇද්ද?