
(අංජුල මහික වීරරත්න)
චීන රජයේ ආධාර මත උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින අතර, ඒ වෙනුවෙන් වු පරිපූර්ණ ඇස්තමේන්තු මුල්‍ය ගිවිසුමට අත්සන් තැබීම අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ හා ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ උපදේශක Tang Yandi යන මහත්වරුන් අදාළ ගිවිසුමට අත්සන් තැබූහ.
චීන රජයේ ආධාර මත උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් 2023 අප්‍රේල් මස 23 වන දින යුවාන් මිලියන 240 ක මුදලක් වෙනුවෙන් ගිවිසුම් අත්සන් කිරීම සිදු කළද ඇස්තමේන්තු සකස් කිරීමේදී ව්‍යාපෘතිය සදහා නිශ්චිතවම වැය කිරීමට නියමිතව ඇති මුදල යුවාන් මිලියන 229 ක් වේ. ඒ අනුව වැය කිරීමට නියමිතව ඇති යුවාන් මිලියන 229 ක මුදල වෙනුවෙන් වු ගිවිසුම අත්සන් කිරීම සිදු කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධිකරණ ඇමති චීනය සමඟ ගිවිසුමක
kasun Thursday, 30 May 2024 03:55 PM
ඕනිම නඩුවක් ඉවර වෙන්න ඕනි කාල සීමාවක් නියම කරන්න බැරිද ?ඒක තමා හේතුව නඩු ගොඩ ගැහෙන්න .අධිකරණ ගණන වැඩි කරා කියලා වැඩක් නැහැ