
(චන්ද්‍රසේන ගමගේ)
හම්බන්තොට දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් 375 දෙනකුට ගුරු පත්වීම් ලබා දීමේ උත්සවය දකුණු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල නගර ශාලා ශ්‍රවනාගාරයේදී අද පැවැත්වුණු අවස්ථාවේ මනමාලියක ද පැමිණ තම ගුරු පත්වීමට අදාළ ලිපිය ආණ්ඩුකාරවරයා අතින් ලබා ගැනීම විශේෂත්වයක් විය.
අම්බලන්තොට ප්‍රදේශයේ දිලිණි මධුෂිකා නම් මනාලිය මෙලෙස ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අතින් තම පත්වීම ලබා ගත්තාය.
දිලිනි මදුෂිකා පැවැසුවේ තමන් මනාලියක වූ දිනයේම තමන්ට ගුරු පත්වීමක් ලැබීම ඉතාමත් සතුටු ගෙන දෙන අමතක නොවන සිද්ධියක් බවයි. තම මවුපියන් ද තමන්ට අධ්‍යාපනය ලබා දුන් ගුරුවරුන් ද මෙහිදී සිහිපත් කරන බව ඇය පැවැසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් ආණ්ඩුවක් ආවම උත්සවයට ගිය සල්ලි ආණ්ඩුකාරයන්ගෙන් අයකරගන්නා පුළුවන් වෙයි නේද ?
දිලිනි මදුශිකාගේ ජීවිතයේ වැදගත්ම අවස්ථා දෙකක් එකම දිනයේදී ඇයට ලැබීම තරම් වාසනාවක් මේ රටේ හැම යුවතියකටම ලැබෙන්නේ නැහැ .දිලිනිට අපේ සුභ පැතුම් .වාසනාවන්ත යුග දිවියක්
පත්වීම ගන්නු ආපු නිසා චාරිත්‍ර නැකැත් වලට කරගන්න බැරිවෙන්න ඇති. චාරිත්‍රවලට වඩා රස්සාව වැදගත් නිසා අය වඩා වැදගත් උත්සව වලට පැමිණ ඇත.
එතුමියට පත්වීම ලැබීම ගැන අප්‍රමාණ සතුටක් ලබමි. හැබැයි, ඒක එතුමියට ලැබුණේ සුදුසුකම් තිබුණු නිසාද, නැත්නම් ඔය වටේ ඉන්න අයගේ පක්ෂයට ගැතිකම් කරපු නිසාද දන්නෑ. මේවා දෙන අයගේ අම්මගේ, අප්පාගේ බූදලෙන් දෙන ඒවා නොවෙයි.