IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දුම්රියේ නැති වූ ගමන් මල්ල යළි ඉන්දීය තරුණියටම

 

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)


ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක සුඛෝපභෝගී  මැදිරියක ගමන් ගත් මේ රට සංචාරයක් සඳහා පැමිණ සිටි ඉන්දීය ජාතික අවුරුදු 24 ක් වයස තරුණියක් සතු  රුපියල් ලක්ෂ හතරහමාරක් පමණ වටිනා ලැප්ටොප් පරිගණකයක් සහ ඒවායේ උපාංග සහිත බෑගයක් අමතක වීමකින් දමා ගොස් තිබියදී එම බෑගය  දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරියකු විසින් සොයාගෙන එම තරුණියට භාරදී ඇත.

මෙම ආදර්ශමත් සත් ක්‍රියාව සිදුකර ඇත්තේ දුම්රිය ආරක්ෂක හමුදාවේ මාලිගාවත්ත කාර්යාලයේ රාජකාරී කරන සැරයන් කපිල මාරසිංහ(91075)මහතාය.

ගාල්ලේ සිට පැමිණි දුම්රිය මාලිගාවත්ත දුම්රිය අංගනයට ගාල් කිරීමට ගෙනා අවස්ථාවේ  නිරතව සිටි සැරයන්  මාර සිංහ මහතා  මැදිරියක රාක්කය මත තිබූ බෑගයක් රැගෙන  පැමිණ දුම්රිය ආරක්ෂක හමුදාවේ මාලිගාවත්ත ඒකකයේ ස්ථානාධිපති උප පරීක්ෂක නන්දන පෙරේරා මහතාට භාරදී ඇත.

ඉන්දීය ජාතික තරුණිය  බෑගය සොයා පැමිණීමෙන් පසු ඇයට භාරදෙනු ලැබිණි.

සැරයන් මාරසිංහ මහතාට හමුවූ එම බෑගය  පහසුවෙන්ම සඟවා තබා ගැනීමට හැකියාව තිබේදී එසේ නොකර එය තමාට බාරදීම ගැන ඉන්දීය ජාතික තරුණිය ඔහුට   ස්තුතිය පුදකර ඇතැයි කියති.

ලැප් ටොප් පරිගණකය ඇතුළු උපාංග සහිත මෙම බෑගය තමාට යළි හමුවේ යැයි කියා කිසිසේත් සිතුවේ නොමැති බව ද ඇය දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන් සමග සමඟ පවසනු ලැබුවාය.

මෙම බෑගය ඉන්දීය ජාතික තරුණියට භාරදීමෙන් පසු ඇය ඡායාරූපයකටද පෙනී සිටි අතර මෙම ඡායාරූපයේ සැරයන් මාරසිංහ, උප පරීක්ෂක නන්දන පෙරේරාසහ දුම්රිය ආරක්ෂක හමුදාවේ නිරෝෂා මහත්මියද සිටිති.

දුම්රිය ආරක්ෂක  හමුදාවේ අධිකාරි අනුර පේමරත්න සහ සහකාර අධිකාරී යූ . ඒකනායක(මාලිගාවත්ත) යන මහත්වරුන්ටද  මේ බව දැනුම් දී තිබේ.



අදහස් (3)

දුම්රියේ නැති වූ ගමන් මල්ල යළි ඉන්දීය තරුණියටම

chandima Thursday, 30 May 2024 11:48 PM

කවුරුවත් උස්සලද ?නැතිනම් අමතක වෙලාද ?

:       9       0

Keerthi Nelson Friday, 31 May 2024 02:09 AM

මෙය ඉතා හොඳ ක්‍රියාවක් සැරයන් මාරසිංහ මහත්මාය. ඔබගේ යහපත් ක්‍රියාවට ස්තූතියි. මෙය ශ්‍රී ලාංකික අප සැමට ඉතා හොඳ ආදර්ශයක් සපයා ඇත. ඔබ ඔබේ සේවා ස්ථානයට පමණක් නොව මුළු ලංකාවටම හොඳ නමක් ගෙන දෙනවා.

:       2       27

Dinesh Saturday, 01 June 2024 10:15 AM

මේක ඉන්දියාවේම ගමක්ද දන්නේ නෑ... ලංකාවේ සංචාරක කර්මාන්තය කඩාකප්පල් කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site