(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

රුපියල් කෝටි 23 කට ආසන්න වටිනාකමකින් යුත් අම්බර් (තල්මස් කොටස්) කිලෝ 23 කට ආසන්න ප්‍රමාණයක් සමග ධීවරයන් දෙදෙනකු කන්දකුලිය ප්‍රදේශයෙදී   අද දින අලුයම අත් අඩංගුවට ගත් බව කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය කන්දකුලිය ප්‍රදේශයෙ පදිංචි අවුරුදු 40 සිමාවල පසුවන සැකකරුවන් දෙදෙනකු බව කියයි.

අදාල සැකකරුවන් මසුන් මැරිය සදහා ගොස් සිටියදි මුහුදේ පාවෙමින් තිබු මෙම අම්බර් නමින් හැදින්වෙන ( තල්මස් කොටස් ) තම යාත්‍රාවට දමා ගෙන රහසේ රැගෙන විත් සඟවා තිබු බව පරික්ෂණ වලදි තහවුරු වී තිබේ.

නාවික හමුදා බුද්ධි තොරතුරක් මත අදලා වැටලිම සිදුකර තිබු අතර වනජීවි නිළධාරීන් සමග පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් ඒකාබද්ධව වැටලිම සිදුකර තිබු බව කියයි.

ආරක්ෂක අංශ යොදා ගත් උපාය දූතයකු මාර්ගයෙන් මෙම අම්බර් මිළදි ගැනිමට යොදවා ඇති අතර ඒ අනුව මෙම අම්බර් තොගය අත් අඩංගුවට ගැනිමට හැකිවු බව කියයි.