
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොළඹ නුවර මාර්ගයේ බීමත්ව යතුරුපැදියක් පදවාගෙන හෝටලයක් ආසන්නයේ රැඳී සිටි පුද්ගලයෙකු හප්පා තුවාල සිදුකර එම යතුරු පැදිය ත්‍රී රෝද රථයක ද ගැටීම සම්බන්ධයෙන් එම යතුරු පැදිය පදවාගෙන ගිය පොලිස් පරීක්ෂකවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය පවසයි.
සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂකවරයා පොලිස් සුභසාධක කොට්ඨාසයේ රාජකාරී කරන අයෙකි.
මොහු රාජකාරී කටයුතු අවසන් කර සිය පෞද්ගලික යතුරුපැදියෙන් කොළඹ නුවර පාරේ ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බව පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් අද(29) පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් පරීක්ෂකවරයා අධිකරණ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ වෛද්‍යවරයා සැකකරු පරීක්ෂා කර බලා මුවින් මත්පැන් ගඳ වහනය වන බව සඳහන් කරමින් වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd