
(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරුන් පත් කිරීම, වැඩ බලන ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක සහ සභාපති නිමල් සිරිපාද සිල්වා මහත්වරුන්ගේ පක්ෂ කටයුතුවලට බාධා කිරීම, සහ රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු ලෙස පිළිගැනීම වළක්වමින් වාරණ නිකුත් කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරි මාන්න මහතා අද (28) නියෝග කළේය.
එම පක්ෂයේ ලසන්ත අලගිය වන්න මහතා ගොනුකළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණ නිකුත් කෙරිණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ,ලේකම් කීර්ති උඩවත්ත, දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සරත් ඒකනායක,අමාත්‍ය විජයදාස රාජපක්ෂ,කීර්ති උඩවත්ත,අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ඇමති මහින්ද අමරවීර යන මහත්වරුන් වගඋත්තරකරුවන් කරමින් පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණ නිකුත් කෙරිණි.
පසුගිය 12 වනදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටු රැස්වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු පත් කිරීම නීති විරෝධී බවට තීන්දුවක් නිකුත් කරන්නයි ඉල්ලා මෙම නඩුව පවරා තිබිණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන් කන් බූරු....සින් සින්......දුවලා දුවලා ගිහින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති අල්ලලා ඵන්න.
මහලොකු ජනාධිපති නීතීඥයා ඉල්ලන් කන්නේ... දේශපාලුවන්ට මුට්ටි අල්ලලා ඔය ටයිටල් එක ගත්තාට වැඩ බැහැ...
සියලුම වාරණ නීති හදපු අයට නැහැ වාරණ...