(යොහාන් භාසුර)

ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (29) පෙරවරුවේ ද ව්‍යාකූල තත්ත්වයට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බවත් දුම්රිය පාලක මැදිරිය පැවසීය.

දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ ගම්පහ දුම්රිය ස්ථානය අසල දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වී ඇති බවත් ඒ හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් ඇති බවත්ය.