(සුජිත් හේවාජුලිගේ)
මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයේ පහසුකම් ප්‍රමාණවත් නොවන හෙයින් තමන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව මන්ත්‍රීවරුන් පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පසුගියදා පැමිණිලි කර ඇත.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස බොහොමයක් ජරාවාස වී ඇති බවත් වර්ෂා කාලයේදී සමහර නිවාසවලට ජලය පවා කාන්දුවන බවත් එම මන්ත්‍රීවරුන් පෙන්වාදී ඇත.
වර්ෂා කාලයේදී සමහර වැසිකිළි උතුරන බව ද ඔවුන් ප්‍රකාශ කර ඇත.
මන්ත්‍රී නිල නිවාසවල මන්ත්‍රීවරයකුට පවුලේ සාමාජිකයන් සමග ජීවත්වීමට ප්‍රමාණවත් ඉඩකඩක් නැති හෙයින් එම නිවාස නවීකරණය කර දෙන ලෙසට ද ඔවුහු ඉල්ලා සිටිති. මේ සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් කළ විමසුමක දී ඔහු පැවැසුවේ මන්ත්‍රීවරුන් රැසක් ඒ සම්බන්ධයෙන් තමාට පැමිණිලි කර ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඉතින් උන්දැලට කාවහරි දාල ඕක හදාගන්න බැරිද ? නිකන්ම කාල පුරුදු වෙලා දැන් රුපියලක් වියදම් කරන්න කැමති නැහැ මුන්
ඔය කෙඳිරිගාන එකෙක්වත් ඕකේ නතරවෙලා නෑ. එන්නේ හදීසියකට වතුර ටිකක් මාරු කරගන්න, රියදුරුට-ගාඩ්ලට නතරවෙන්න විතරයි. මොනවා වුණත් හොඳට හදලා දුන්නොත් හොඳයි, අපු වෙලාවකට සැප පහසුවට වතුර ටික මාරු කරගෙන යන්න. එතකොටනෙ ජනතා සේවය හොඳටම කරන්නෙ !!!
කොන්ත්‍රාත් කාරයට කියන්න, එයත් තමන්ගෙ පවුලෙ අය වගේනේ.
ජරාව කන විදියට ඕවා හදාගන්න එක සුලු දෙයක් නේද?
ඉතින් කොච්චර හොඳද? ඔක්කෝම යමපල්ලොනේ... ඒ හැරත් හැම කෙනාම මරණින් පසු යන තැන අපාය නිසා දැන්ම පෙරහුරුවක් ලැබෙන එක කොතරම් අගය කළයුතුද? අපාය! නුඹලා විඳින්නේ සුරලෝ සැප... දුප්පත් මිනිස්සු අපා දුක් විඳින්නේ නුඹලා නිසා...
තෙමෙනවාලු... වැස්සට වැසිකිලි උතුරනවාලු... ඒවාවල ඉන්න බැහැයිලු. මොන පිස්සු කතාවක්ද මේ? සතෙක් හදද්දී ඒ සතාට අවශ්‍ය පරිසරය ලබාදෙන්න ඕනෑ. ඉතින් දියවන්නාවේ ඉන්න ඔය ජරාව කන ඌරන්ට ගැලපෙන පරිසරයක් තමයි ඔය කියන නිවාසවල තියෙන්නේ. ඒවාවල ඉන්න බැරි අය සත්ව උද්යානේ ඌරු කණ්ඩායමට එකතුකරන්න පුළුවන්, නමුත් එතකොට මේ දියවන්නාවේ ඌරන්ගේ තිබෙන ජරා පුරුදු... හොරකම, කප්පම් ගැනීම, ස්ත්‍රී දූෂණය, බොරු චන්ඩි පාට් දැමීම ... වැනි දේවල් සත්වෝද්‍යානයේ ඉන්න අහිංසක ඌරන් පුරුදු වෙනවා. ඒ නිසා තව මාස දෙක තුනක් ඔය කූඩු වලම තියන්න. ඊට පස්සේ ඡන්දෙ ප්‍රතිඵල අනුව රටේ ජනතාව තීරණය කරයි. ඕකුන්ව සත්තු වත්තට යවනවාද නැතිනම් මස් කඩේට දක්කනවාද කියලා.