(යොහාන් භාසුර)
මැතිවරණ කල්දැමීම ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අද (28) පැවසීය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂයේ රැස්වීමකට සහභාගි වීමෙන් අනතුරුව නාමල් රාජපක්ෂ මහතා එසේ පැවසීය.
ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාලසීමාව දීර්ඝ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලික ප්‍රතිපත්තිවලට හානියක් බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයේ සිටි කාලයේදී වෙලාවට ඡන්ද පැවැත්තුවා මිස මැතිවරණ කල් නොදැමූ බවත් රාජපක්ෂ මහතා කීය.
දේශපාලන මෙන්ම රටක ස්ථාවරත්වය ඇති විය යුත්තේ ජනතා කැමැත්තෙන් මිස ඔවුන්ගේ හඬ ප්‍රමාද කිරීමෙන් නොවන බව ද නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණ ගැන කතාකරන්න කලින් හොරකම් කරපු සල්ලි දීලා ඉඳපන්, මොංගල් මූනා.
ඔයාලාගේ පිං නායකයාට කියන්න අර පිංගුත්තරයින්ගේ කට වැහුවේ නැත්නම් අනුර කුමාරගේ ඡන්ද ගොඩ වැඩිවෙනවා කියලා...
පින් ජනා... මෙයාලා කියන දේවල් දැන් ගණන් ගන්නේ නෑ.
අපි නොදන්න නාමල්, රාජපක්ෂ සෙට් එක ඔක්කෝම එකයි...
මිනිස්සුන්ට පාට දානවා .මෙයාලා තමයි මේවා පිටිපස්සේ ඉන්නේ.රටට කෙලවපු උන් තමන්ගේ වාසියට
රටේ දුප්පත් මිනිස්සුන්ගේ රුපියල පවා හොරා කාපු අය දැන් කතාව බෝධිසත්වයින් වගේ...!
ජනතාව ගැන නොතකා අවුරුදු 74 මාරුවෙන් මාරුවට එකතුවෙලා හොරා කෑවා .ගොන් ජනතාව රවටාගෙන