
(අංජුල මහික වීරරත්න)
විවිධ කර්මාන්තවල සේවයේ යෙදෙන වයස අවුරුදු 55 සපිරුණු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් ලබාදිය හැකි වන පරිදි සකස් කෙරුණු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
“ගරුසරු” වැඩසහනට සමගාමීව සකස් කෙරෙන මෙම ක්‍රියාවලිය සඳහා නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම ද මේ වන විට ආරම්භ කර තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ට ක්‍රමයක්. ඒත් ඕක අවුරුදු හැට කරන්න. පනස් පහ කියන්නේ ශක්තිමත් වැඩ කරන වයස. සෑම මසකම අනිවාර්යයෙන් දායකත්වයක් බැරකරන ක්‍රමය ක්‍රියාත්මක කරන්න. බදු ගෙවන්නන්ට බරක් නොවන බව සහතික විය යුතුයි.
ප්‍රාදේශීය ජනමාධ්‍ය වේදීන්ටත් දෙන්න
ඡන්දයක් කිට්ටු වෙනකොට මෙයාට මාර අයිඩියා එන්නෙ...
අවස්ථාවාදී, ආත්මාර්ථකාමී දූෂිත දේශපාලුවෝ කියන කතා අපි ඕනෑතරම් අහලා තියෙනවා. ඔයාගේ පැටිකිරිය ගැනත් අපි හොඳට දන්නවා.