සාපෙළ අපේක්ෂකයන්ට හැදුනුම්පත් කාර්යාල හෙට විවෘතයි
අපොස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය,ගාල්ල, කුරුණෑගල වවුනියාව මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල හෙට (4) පෙරවරු 8.30 සිට පස්වරු 1.00 දක්වා විවෘතව තබන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.