හොරණ සෙරෙප්පු සමාගමකට වාරණයක් අසාධාරණ සහ අයුක්ති සහගතලෙස ලාභ ඉපයීමේ චේතනාවෙන් ජනප්‍රිය වෙළෙඳ නාම අනුකරණය කර පාවහන් යුවළක් නිෂ්පාදනය ,බෙදා හැරීම හා අලෙවිකිරීම වළක්වමින් හොරණ පාවාහන් නිෂ්පාදන සමාගමකට වාරණ නියෝගයක් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු පි.පි.රත්නායක මහතා නිකුත් කළේය. 20 May 2025
අපරාධ වැඩි පොලිස් කොට්ඨාස පනස් දෙකක් වැඩිපුර අපරාධ සිදුවන පොලිස් කොට්ඨාස පනස් දෙකක් හඳුනාගෙන තිබෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාලන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 May 2025
පුංචි සභා ලොක්කන්ට මැකෝගෙන් නියෝගයක් පළාත් පාලන ආයතනවල සභාපති සහ නියෝජ්‍ය සභාපතිවරුන් සභික නම් ගැසට් කිරීමෙන් සතියක් ඇතුළත පත් කරන ලෙස මැතිවරණ කොම්ෂන් සභාව පළාත් පාලන කොමසාරිස්වරුන්ට දැනුම් දී ඇත. 20 May 2025
නිධන් ගන්න ගිය 5ක් මාට්ටු ළිදක් කපන මුවාවෙන් නිධානයක් ගොඩ දැමීමට උත්සාහ කළ කාන්තාවක් ඇතුළු 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මාදම්පේ පොලීසිය කියයි. 20 May 2025
දේශබන්දු කමිටුව 28 යළි රැස්වේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කරන ත්‍රිපුද්ගල කමිටුව සිය ඉදිරි විමර්ශන කටයුතු සදහා ලබන 28 වැනිදා නැවත රැස්වීමට නියමිතය. 20 May 2025
අපේක්ෂක නම් භාගෙට භාගයක් තවම නෑ පළාත් පාලන මැතිවරණයේදී කොට්ඨාස මට්ටමින් ජයග්‍රහණය කළ අපේක්ෂකයන්ගෙන් සියයට හතළිහකගේ නම් ඒ ඒ දේශපාලන පක්ෂ මෙතෙක් බාරදී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 20 May 2025
කලුතර ගෙවල් බින්ද පිය පුතු මාට්ටු කලුතර ප්‍රදේශයේ නිවාස බිඳුම් රැසකට සම්බන්ධ පිය පුතු දෙපළක් අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. 20 May 2025
අදත් තද වැසි නිරිත දිග මමෝසම් තත්ත්වය දිවයින් හරහා ක්රමයන් ස්ථාපිත මවමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 20 May 2025
මෙරට සියයට 54ක් ණය බරින් මිරිකිලා නිදහස ලැබීමෙන් පසු මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල්වලින් සියයට 22 ක් ණය බරින් මිරිකී ඇති බවත් වර්තමානය වනවිට මෙරට පවුල් ඒකකවලින් සියයට 54.9 ක් ණය බරින් පීඩිත වී ඇති බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම සමීක්ෂණ වර්තාවක දැක්වේ. 20 May 2025
මීනගයා පීලි පනී කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ මීනගයා දුම්රියට ගල්ඔය සහ හබරණ අතර අද අලුයම හතරට පමණ වන අලියකු ගැටීමෙන් දුම්රිය පීලි පැන ඇති බව හබරණ පොලිසිය කියයි. 20 May 2025
ආසියානු රටවල නව කොවිඩ් ප්‍රභේදයක් ආසියානු රටවල් කීපයක ‘කොවිඩ් 19’ හෙවත් කොරෝනා වයිරස ප්‍රභේදයක් ඉතා වේගයෙන් ව්‍යාප්තවීමට පටන්ගෙන ඇතැයි විදෙස් සෞඛ්‍ය බලධාරීහු බිය පළ කරති. 20 May 2025
ට්‍රම්ප්ගෙන් පුටින්ට ඇමතුමක් රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමේ අරමුණින්, ඇමෙරිකා ජනාධිපති ඩොකල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ දුරකතන සංවාදයක් පැවැත්විණි. 20 May 2025
නැදිමාල වෙඩික්කරුවන් ආ යතුරු පැදිය හමුවේ දෙහිවල නැදිමාල ප්‍රදේශයේ පොලිතින් කඩයකට සිදුකළ වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණි බව කියන යතුරුපැදිය මීගොඩ කළුවලදෙනිය ප්‍රදේශයේ වෙල්යායක් අසල අතහැර දමා ගොස් තිබියදී හමු වූ බව මීගොඩ පොලිසිය පවසයි. 19 May 2025
පොලිස්පතිගේ විරෝධතා කමිටුව විසි කරයි විෂමාචාර සහ ධූරයේ බලතල අනිසි ලෙස භාවිත කරන ලදැයි කියන චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුව හමුවේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (19) පස්වරුවේ පළමුවරට පෙනී සිටියේය. 19 May 2025
ත්‍රිවිධ හමුදාවේ 12,434 කට උසස්වීම් 16 වන ජාතික රණවිරු දින සැමරුම නිමිත්තෙන් සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුමැතිය මත, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 217කට සහ සෙසු නිලයන් 12,217කට උසස්වීම් ලබා දීමට කටයුතු කර තිබේ. 19 May 2025
නව පත්වීම් ලැබූ රාජ්‍යතාන්ත්‍රිකයෝ අගමැති හමුවෙති ශ්‍රී ලංකාව වෙනුවෙන් නව පත්වීම් ලැබූ මහකොමසාරිස්වරු, කොමසාරිස්වරු සහ තානාපතිවරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (19) හමුවූහ. 19 May 2025
යුද විරුවන්ට ජනපති උපහාරය යුද්ධය ආශ්වාදයක් කරගෙන, යුද්ධයෙන් බලය ලබාගෙන එය ආරක්ෂා කර ගැනීම සඳහා මේ රට මහා ලේ ගංගාවක් බවට පත් කර එහි පීනමින් විඳින ආශ්වාදය හා සතුට ජනතාවට හෙළි කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. 19 May 2025
ප්‍රෝකෙයාර් සමාගමේ අධ්යක්ෂවරයකු රිමාන්ඩ් රැකියා විරහිත තරුණ තරුණියන් ලක්ෂ පහකට රැකියා ලබා දෙන බවට ප්‍රචාරය කරමින් රුපියල් කෝටි දාහකට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන පිළිමතලාවේ (Shade of procare pvt ltd.) ප්‍රෝකෙයාර් පුද්ගලික සමාගමේ අධ්යක්ෂවරයකු අද (20)දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජ ලක්මාලි මහත්මිය අද (19) නියෝග කළාය. 19 May 2025
රණවිරු දරුවන්ට පින් - සෙත් පතන්න අදහන සහ විශ්වාස කරන බුද්ධ දර්ශනයට අනුකූලව රණවිරු දරුවන් වෙනුවෙන් මේ මොහොතේ කළ හැකි උතුම්ම කාර්ය පින් සහ සෙත් පැතීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 19 May 2025
දේශීය කර්මාන්තවලට ආනයනවලින් ආරක්ෂාවෙන්න පනත් දේශීය කර්මාන්තකරුවෙක්ට කිසියම් ආනයනකින් බලපෑමක් ඇතිවන්නේ නම් ඉන් ආරක්ෂා වීමට පනත් දෙකක් හදුන්වාදී ඇති බවත් කර්මාන්තකරුවන්ට ඒ සඳහා වාණිජ දෙපාර්තමේන්තුව සමඟ කටයුතු කළ හැකි බවත් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (19) පැවසීය. 19 May 2025
මහනුවර ඩිපෝ හතක් දුම් සහතිකයට පිටුපාලා ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර ප්‍රාදේශිකයේ ඩිපෝ හතකට අයත් බස් රථ 566කින් 226කට වායු විමෝචන සහතික ලබාගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 19 May 2025
ගල්කිස්සේ ඝාතනය ලක්ෂ 10 කොන්ත්‍රාත්තුවක් ගල්කිස්ස මහ නගර සභාවේ සේවකයා වෙඩි ඝාතනය ලක්ෂ 10 කොන්ත්‍රාත්තුවක් මත සිදු වූ බවක් බව ගල්කිස්ස පොලිසිය කියයි. 19 May 2025
ඉසුරු සොයා මාස 5ට ලක්ෂයක් එතෙර ගිහින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී වසරේ මේ දක්වා කාළය තුළ විදේශ රැකියා සඳහා පිටත් වූ ප්‍රමාණය ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. 19 May 2025
‘‘සැබෑ රණවිරු සැමරුව ඔවුන් වෙනුවෙන් කැපවීමයි‘‘ සැබෑ රණවිරු සැමරුමක් යනු රට දැය වෙනුවෙන් කැප වූ රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් කැපවීම යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 19 May 2025
පොලිස්පති දේශබන්දු මැතිසභා කමිටුව ඉදිරියට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ අද සවස පෙනී සිටියේය. 19 May 2025
කොළඹ සරසවියේ ආචාර්යවරුන් පිරිසක් ගැන වාර්තාවක් ඉල්ලයි කොළඹ විශ්ව විද්‍යාලයේ ඇතැම් ඩිප්ලෝමා පාඨමාලාවන් සම්බන්ධ විභාගවලදී විවිධ අක්රමිකතාවයන් වන බවටත් සමහර ආචාර්යවරුන් ඔවුන්ට හිතවත් සිසුන්ට විභාගයට පෙර විභාගයට එන ප්‍රශ්න හෙළි කරන බවටත් කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කර වාර්තා කරන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම කොළඹ විශ්ව විද්‍යාලයේ වැඩබලන උපකුලපතිවරයාට දැනුම් දී ඇත. 19 May 2025
යුද හමුදාවේ 10,093 කට උසස්වීම් 16 වන රණවිරු දින සැමරුමට සමගාමීව යුද හමුදා කොමිෂන් නොලත් නිලධාරීන් සහ නිලධාරිණියන් 10,093 දෙනෙකුට අද (19) දින සිට බලපැවැත්වෙන පරිදි නිළ උසස්වීම් ලබාදී ඇත. 19 May 2025
වැඩබලන සුව ඇමති හංසක විජේමුණි වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය හංසක විජේමුණි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර ඇත. 19 May 2025
දිස්ත්‍රික්ක හතරකට වැස්සෙන් පීඩා ආපදා තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක පවුල් 187 කට අයත් පුද්ගළයින් 685 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 19 May 2025
මිලාන් ජයතිලකට ඇප දොම්පේ ප්‍රාදේශීය සභා බල සීමාවේ සංවර්ධනය කර විකුණන ඉඩම් සඳහා නියමිත ක්‍රියාදාමයෙන් තොරව පිඹුරුපත් අනුමත කරදීමෙන් රජයට රුපියල් තුන් ලක්ෂයකට අධික මුදලක් පාඩු සිදු කළේ යැයි කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී , දොම්පෙ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මිලාන් සජිත ජයතිලක මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද නියෝග කළාය. 19 May 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026