
(අංජුල මහික වීරරත්න)
රට බින්දුවට වැටුණු අවස්ථාවේ ඒ තත්ත්වයෙන් ගොඩගෙන ඉදිරියට ගෙන ගිය නායකයා රනිල් වික්‍රමසිංහ වන බැවින් රට අරගෙන යා යුතු පාර දන්නේ එතුමා බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවැසීය.
රනිල් වසර පනහක දේශපාලන පළපුරුද්දක් සහිත නායකයකු බැවින් ඔහු රට වෙනුවෙන් පාවිච්චි කළ යුතුව තිබෙන බවද අබේවර්ධන මහතා සඳහන් කළේය.
රනිල්ට පාර්ලිමේන්තු එන්නට දැනට අවශ්‍යතාවයක් නැතැයි ද අබේවර්ධන මහතා කීය.
"සන්ධානයක් ගොඩනැගීමේ අරමුණ පොදු එකඟතාවයක් සඳහා සියල්ලන්ම එකට වාඩි වීමයි.එලෙස වාඩි වූ පසුව එකතු වෙන කණ්ඩායමට ආරක්ෂාව දිය හැකි පුද්ගලයා කවුදැයි ඒ කණ්ඩායම තීරණය කළ යුතුයි.ගුටි නොකා දේශපාලනය කළ හැකි පුද්ගලයා කවුදැයි තීරණය කළ යුතුයි" යනුවෙන්ද කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරමින් වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරේ ගියේ රටේ සල්ලි පාවිච්චිකරලා නේද? තවත් දීලා ආයේමත් හිරේ අරින්නද හදන්නේ...?
රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් කජු කාලා මහ බැංකුව හිස් කරපු කෙනෙක්ට පුළුවන්ද රටක් හදන්න.
බුදු අම්මෝ එපා... හොරු නැති රටක් කොච්චර ලස්සනයිද?
හයිය හත්තිය තිබුණා නම් සෙක්කුවට හරි පාවිච්චි කරන්න තිබුණා. කොහේද වෑල් හතරෙන් තුනක්ම හිරවෙලා නොවැ... කිරි පුස්සාගේ...!
අනිවාර්යයෙන්ම, එක තමයි මමත් කියන්නේ, ඔය දැන් ගෙවන්න බැරිව කල්දාගෙන ඉන්න වාණිජ ණය 70% විතර අරන් තියෙන්නේ සීයා නිසා අපි ඒ ණය වෙනුවට හිලව් කරගන්න සීයාව ඒ ගොල්ලන්ට බාර දෙමු රට වෙනුවෙන්...
කජු සීයා අපට එපා. කොට වජිරට හොරකම් කරන්න ක්‍රමයක් නැහැනේ දැන්...
මාරාන්තික ලෙඩ රෝග කන්දරාවක් තියෙන රනිල්ට පාඩුවේ නිදහසේ ඉන්ඩ දීමයි කළ යුත්තේ? එයාව පාවිච්චි කරලා මොනවා හරි වුනොත් තමුන් ඒකට වගකියනවාද?
ඔහෙට කැමැති විදිහකට පාවිච්චි කරගන්න, හැබැයි සාගල බිරිඳගේ අනුදැනුම ඇතිව, හොඳේ...
ඇයි මෙච්චර කල් මොකටද පාවිච්චි කරේ...?
රනිල්ව පාවිච්චි උනේ නම් මහබැංකු මංකොල්ලකාරයෝ රකින්ඩ, දූෂිත පවුල් පාලනේ උන්ව ආරාක්ෂා කරන්ඩ කියලා නම් අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ. 2048 රට ගොඩදාන්ඩ හිතාගෙන සුරංගනා කතා කියපු රනිල් ගැන කවර කතාද? දූෂිත දේසපාලුවන්ට නම් රනිල් නැතුවම බැරුවා?
මේ රට බංකොලොත් කලේ මොන පක්ෂ දෙකද UNP සහ ශ්‍රී ලංකා… රනිල්ට කරන්න තිබුනේ හොරාකපු උන්ගෙන් අරගන්න හැබයි, රනිල් කරේ බොරුවට “ඔයිල් නෑ, ගෑස් නෑ” කියලා පෝළිම් හදලා, රටේ බඩු මිල 400% වැඩිකරලා හොරාකාපු සල්ලි ජනතාවගෙන්ම අය කරගැනීම. හැබැයි ජනතාව මෝඩ නැහැ වජිර … රනිල් වගේ…
මේ යන්නේ නියම පාර මේක තමයි පාර. මෙච්චර කාලයක් එක එකාගේ පාරවල්වල ගිහින් අපි අමාරුවේ වැටිලා ඉන්නේ.