ගණේමුල්ල සංජීව ඝාතකයා රිමාන්ඩ් පාතාල කල්ලි සාමාජික ගනේමුල්ලේ සංජීව අධිකරණ විත්ති කූඩුවේදී වෙඩි තබා ඝාතනය කළේ යැයි කියන වෙඩික්කරු සහ ඔහුට ආධාර අනුබල දුන් පුද්ගලයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැඩි රැකවල් මධ්‍යයේ ඉදිරිපත් කළේය. 21 May 2025
සුව ඇමති ලෝක සෞඛ්‍ය සමුළුව අමතයි ලංකාව මෑතකාලීන ආර්ථික අර්බුද වලින් ගොඩ එමින් සිටිනුයේ මහජනතාවගේ ශක්තිය සහ ගෝලීය සුහදත්වය හා සහයෝගය ඇතිව බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 21 May 2025
කාන්තාවක් දුම්වැටි සමඟ ගුවන්තොටේදී හසු වෙයි රුපියල් හැට එක් ලක්ෂ විසි පන් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක අද(21) උදෑසන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 21 May 2025
බොල්ගොඩ ගඟට කුකුළු අපද්‍රව්‍ය දැමු අයියා මලෝ මාට්ටු බොල්ගොඩ ගඟට කුකුළු අපද්‍රව්‍ය කොටස් බැහැර කළ පුද්ගලයන් දෙදෙනකු අත් අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි. 21 May 2025
නගර සභා සේවකයා ඝාතනයට තවත් අයෙක් සැකපිට ගල්කිස්ස නගර සභාවේ සේවයේ නියුතුව සිටි 19 හැවිරිදි තරුණයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු ඊයේ (20) රාත්‍රී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසයි. 21 May 2025
නාමල්ගේ ක්‍රිෂ් නඩුවට දින දෙයි ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධි සාවද පරිහරණය කළේ යැයි අධි චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි නඩුවේ ’’පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය’’ සඳහා ජුනි මස 27 දින ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය අද(21)නියම කළේය . 21 May 2025
ගුවන්තොටුපළ ගොඩනැගිල්ලෙන් කෝටි 125ක් වතුරේ සියයට තිහක පමණ භෞතික ප්‍රගතියක් අපේක්ෂා කෙරැණු එහෙත් සියයට 5.44 ක අඩු ප්‍රගතියක් වාර්තා කළ කටුනායක ගුවන් තොටුපළ මගී පර්යන්ත ගොඩනැගිල්ල හා ආශ්රිත ඉදිකිරීමට අදාල කොන්ත්‍රාත්තුව සඳහා ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම තායිසේ සමාගමට රුපියල් තුන්කෝටි හැත්තෑ ලක්ෂයක් ගෙවීම් කර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණයවිය. 21 May 2025
’’ මම බෙංගාල බොක්ක ආක්‍රමණය කළ ජර්මානු නැවක් වගේ’’ ’’මම ගොඩක් වෙලාවට පළමු වන ලෝක යුද්ධ සමයේ බෙංගාල බොක්ක ආක්‍රමණය කළ ජර්මානු නෞකාවක් වගේ.ඒ නිසා මට ඕනෑම අයකු ඕනෑම වෙලාවක ඉලක්ක කරන්න පුළුවන්.මොකද මම කිසිම සංවිධානයක් නියෝජනය කරන්නේ නැහැ’’ යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 21 May 2025
කතානායකගෙන් මන්ත්‍රීන්ට පාඩමක් ස්ථාවර නියෝග අනුව මන්ත්‍රීවරයෙකු ක්‍රියා කරන ආකාරය ප්‍රශ්න ඉදිරිපත් කරන ආකාරය ඇතුළු කටයුතු සම්බන්ධයෙන් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී දැනුවත් කළේය. 21 May 2025
අධිවේගී මාර්ගවල ගෙවීම් අද සිට බැංකු කාඩ් මගින් අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන බස් රථවල බැංකු කාඩ් මගින් ගෙවීම් අද (21) සිට ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. 21 May 2025
රිය අනතුරින් අයෙක් මරුට : තිදෙනෙකු රෝහලේ පොළොන්නරුව බකමූණ පොල්අතුවාඩිය ප්‍රදේශයේ මාර්ගයේ නතර කර තිබූ ටිපර් රථයක ඊයේ(20) රාත්‍රී ත්රිීරෝද රථයක් ගැටී සිදු වූ අනතුරකින් එහි ගමන් ගත් පුද්ගලයකු මියගොස් තවත් තිදෙනකු බරපතළ තුවාල ලබා බකමූණ හා දඹුල්ල රෝහල් වලට ඇතුළත් කර ඇති බව බකමූණ පොලිසිය කියයි. 21 May 2025
නිධන් ගන්න ගිය පොලිස් සැරයන් අත්අඩංගුවට ගලේවෙල, අමුණයාය ප්‍රදේශයේ පුරාවස්තු ගොඩ ගැනීම සඳහා දඹුල්ල පොලිසිය තුළදී කැනීම් කිරීම් සැලසුම් කළ බව කියන පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 21 May 2025
නිරිත දිග මෝසම සක්‍රිය වේ නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 21 May 2025
ඩිෆෙන්ඩරය ගසක හැපී සෙබළු පහක් රෝහලට අම්පාර මහඔය සිට මින්නේරිය බලා ධාවනය කරමින් තිබූ මින්නේරිය කාලතුවක්කු පුහුණු පාසලට අයත් ඩිෆෙන්ඩර් රථයක් මනම්පිටිය කුඩාවැව ප්‍රදේශයේ පාරෙන් ඉවතට පැන සියඹලා ගසක ගැටී සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් සෙබළුන් පස්දෙනකු තුවාල ලබා පොළොන්නරුව සහ මනම්පිටිය රෝහල්වලට ඇතුළත් කර ඇති බව මනම්පිටිය පොලිසිය කියයි. 21 May 2025
'සමාජ පීඩනය හමුවේ ජනපති රණවිරු සැමරුම් උත්සවයට ගියා' ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික රණවිරු සැමරුමට සහභාගී නොවීමට සැලසුම්කර සිටි බවත් ඔහු එම උත්සවයට සහභාගී නොවන බව කලින්ම ප්‍රසිද්ධ කිරීම නිසා සමාජයෙන් එල්ල වූ පීඩනය හමුවේ ජනාධිපතිවරයා එම උත්සවයට අකමැත්තෙන් සහභාගී වූ බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍යවරයෙක් වන විමල් වීරවංශ මහතා අද (20) පැවසීය. 20 May 2025
නුවර වැව රක්ෂිතයේ හෝටල් - පිහිනුම් තටාක හදලා දේශපාලඥයන් ඔවුන්ගේ හෙංචයියන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන් 712ක් අනුරාධපුර නුවර වැව රක්ෂිතයේ ඉඩම් අත්පත් කරගෙන ගෙවල්,හෝටල් සහ පිහිනුම් තටාක ඉදිකර ඇතැයි ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසීය. 20 May 2025
කොළඹ ඇළ මාර්ග - කාණු කඩිනමින් පිළිසකර කරන්න උපදෙස් කොළඹ දිස්ත්‍රික්කයේ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගය පැතිරීම දක්නට ලැබෙන බැවින්, ඇළ මාර්ග සහ කාණු පද්ධතිය කඩිනමින් පිළිසකර කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය. 20 May 2025
පසුම්බි හොරා අල්ලන්න ගිය රෝහල් සේවකයාට තුවාල බොරැල්ල ආර්යා ළමා රෝහලට ඊයේ (20) දහවල් ඇතුළු වූ පුද්ගලයෙකු සාත්තු සේවිකාවන්ගේ මුදල් සොරාගෙන පලා ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. 20 May 2025
බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට අයත් බස් රථයක් රැඳවියෙකු සහ එම රැඳවියාගේ පවුලේ සාමාජිකයන් සමග වැලිගම නගරයෙන් බැහැර ස්ථානයකට යාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම බන්ධනාගාරයට අනියුක්තව සේවය කළ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුගේ සහ බන්ධනාගාර රියදුරෙකුගේ වැඩතහනම් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවසීය. 20 May 2025
’’ශ්‍රී ලංකන්’’ අක්‍රමිකතා හොයන්න කමිටුවක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව තිබෙන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කාර්යාලය මූලික කරගත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශවලට අද (20) උපදෙස් දුන්නේය. 20 May 2025
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ලෙස ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා පත් කරනු ලැබ ඇත. 20 May 2025
ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ හිටපු ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතා පත් කරනු ලැබ තිබේ. 20 May 2025
උතුරු පළාත් ප්‍රධාන ලේකම් පත් කරයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් උතුරු පළාත් ප්‍රධාන ලේකම් ලෙස තනුජා මුරුගේසන් මහත්මිය පත් කරනු ලැබ ඇත. 20 May 2025
ගුරු බඳවා ගැනීම් ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක් ශික්ෂණලාභී ගුරුවරුන් බඳවා ගැනීම සිදු කර තිබෙන්නේ පවතින ක්‍රමවේදයට අනුව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය. 20 May 2025
ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනයට නව ප්‍රධානියෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනයේ ප්‍රධාන නිලධාරී ලෙස ආචාර්ය මුදිත දර්ශන සෙනරත් යාපා මහතා පත් කරනු ලැබ තිබේ. 20 May 2025
නවසීලන්ත නියෝජ්‍ය අගමැති මෙරට සංචාරයක නවසීලන්තයේ විදේශ කටයුතු අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අගමැතිවරයා වන වින්ස්ටන් පීටර්ස් මහතා එළඹෙන 24 සිට 28 වැනිදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. 20 May 2025
රන් ආලේපිත අවියක් කතකගේ කාරයේ ඩිකියෙන් මතුවේ වැල්ලවත්ත හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ නිවසක් තුළ තිබි අඩක් රන් ආලේපිත ටි 56 වර්ගයේ ගිණි අවියක් සහ මැගසිනයක් සොයා ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි. 20 May 2025
රෝමයේ විනීත හිමි ලියෝ පාප්තුමා මුණ ගැසෙති ඉතාලියේ රෝමය ප්‍රීමා පෝර්තා ශ්‍රී බෝධි විහාරාධිපති බණ්ඩිරිප්පුවේ විනීත තිස්ස හිමියෝ 14 වෙනි ලියෝ පාප්තුමා සිය පෙට්රීන් අමාත්යයාංශයේදී 19 දා මුණ ගැසුනහ. 20 May 2025
ජනතාවට කොලේ වහලා විදුලි බිල වැඩි කරන්න සහය දෙන්නේ නෑ ජනතාවට කොලේ වහලා සීයට දහ අටකින් විදුලි බිල වැඩි කරන්න ආණ්ඩුවට හැකියාවක් නැතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 May 2025
EPF සේවා සීමාකරයි කම්කරු දෙපාර්තමේන්තුව සේවා සපයන සේවක අර්ථසාධක අරමුදල් පරිගණක දත්ත පද්ධතියේ හදිසි සහ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් දිවයින පුරා කම්කරු කාර්යාලවල කකටයුතු හෙට (21) සිට මේ මස 23 වැනිදා දක්වා සේවා සීමා කර ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 20 May 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026