කෑම බිල වැඩි කළාට මැති සබේ සේවකයෝ නොසතුටින් පාර්ලිමේන්තු සාමාන්‍ය සේවකයන්ගේ මාසික කෑම බිල තුන් ගුණයකට ආසන්න මුදලකින් වැඩි කිරීම සම්බන්ධයෙන් එම සේවකයෝ නොසතුටට පත්ව සිටිති. 22 May 2025
බාල තවත් පොහොර ගිරාඳුරුකෝට්ටෙන් අල්ලයි නියමිත ප්‍රමිතියෙන් තොර බාල පොහොර මිටි 161 ක් විකිණීමට හෝ ප්‍රවාහනය කිරීම සඳහා ළඟ තබා ගත් ගිරාඳුරුකෝට්ටේ පොහොර වෙළඳ සලකට අයත් ගබඩාවක මුද්‍රා තැබූ බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ බදුල්ල දිස්ත්‍රික් නියෝජ්‍යය අධ්යක්ෂ රෝහණ බණ්ඩාර පවසයි. 22 May 2025
ත්‍රිරෝදය හිටිහැටියේ ගිනි ගනී හාලිඇල නගරයේ බණ්ඩාරවෙල මාර්ගයේ දී ඊයේ (22) පස්වරුවේ ත්‍රිරෝද රථයක හදිසියේ ඇතිවූ ගින්නකින් ත්‍රිරෝද රථයට දැඩි ලෙස අලාභහානි වූ බව හාලිඇල පොලිසිය පවසයි . 22 May 2025
බස් කම්බස් කළ නුවරඑළියේ මෙහෙයුම නුවරඑලිය සිට පිට පළාත්වලට සහ සහ කෙටි දුර ලංගම, පෞද්ගලික සියලු බස් නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා ප්රමුඛ කණ්ඩායමක් අද සවස හදිසි පරික්ෂවකට ලක් කළහ. 22 May 2025
මාලිමාව චෝදනාවලින් ගලවා ගන්න දිලිත් තීරණයක් ගනී හොරු සමඟ ,නයි පෙන්වූ අය සමඟ එකතු වුනා යැයි මාලිමාවට ජනතාවගෙන් චෝදනාවක් එල්ල විය හැකි නිසා පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා ආණ්ඩුවට සහාය නොදී සිටීමට තම පක්ෂය තීරණය කළ බව පත් කළ මන්ත්‍රී දිලිත් ජයවීර මහතා (සර්වජන බලය) පාර්ලිමේන්තුවේදී අද (22)පැවසීය. 22 May 2025
රට බරපතළ ඖෂධ හිඟයක් මේ මොහොත වන විට රටේ බරපතළ ඖෂධ හිඟයක් පවතින බවත් එයට විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 22 May 2025
ලාල්කාන්තට ඊශ්‍රායලයෙන් ආරාධනයක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ ශ්‍රී ලංකාව සඳහා ඊශ්‍රායෙල් තානාපති රූවෙන් අසාර් මහතා අතර හමුවක් ගොවිජන මන්දිරයේදී පැවැත්විණි. 22 May 2025
’’කොරෝනා ගැන අනිසි බියක් එපා’’ දැනට ශ්‍රී ලංකාවේ නව COVID - 19 ප්‍රභේදයක් ව්‍යාප්තවීමේ අවදානමක් නොමැති බැවින් අනිසි බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පදනම් කරගනිමින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 22 May 2025
පිල්ලෙයාන්ගේ පෙත්සමට දින දෙයි නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජූනි 17 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය. 22 May 2025
’’ට්‍රම්ප්ට යවපු ලියුමට උත්තර එවලා නෑ’’ තීරු බදු ප්රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලියුමක් යැවූ නමුත් ඒකට ඇමරිකාවෙන් උත්තරයක් ලැබී නැතැයි පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 May 2025
කුණ්ඩසාල ප්‍රා.සභා හිටපු සභාපතිට ඇප සිය වැටුපෙන් උපයාගත නොහැකි දේපලක් සන්තකයේ තබා ගත්තේ යැයි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඒකනායක වලව්වේ අසේල සැකකරු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූ ජන ලක්මාලී මහත්මිය අද නියෝග කළාය. 22 May 2025
මාලිමා ආණ්ඩුව පාර්ලිමේන්තු සම්ප්රදාය කඩනවා පාර්ලිමේන්තුවට යම් රෙගුලාසියක් ඉදිරිපත් කළ යුත්තේ අමාත්‍යවරයා හෝ නියෝජ්‍ය අමාත්‍යවරයා බවට සම්ප්රදායක් පැවතුණත් මාලිමා ආණ්ඩුව එය කඩා දමා තිබෙන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී රවුෆ් හකීම් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 May 2025
වසර අවසානේ සංචිත ඩොලර් බිලියන 7.3ක් කරනවා මේ වසර අවසන් වන විට විදෙස් සංචිත ඩොලර් බිලියන 7.3ක් දක්වා වැඩිකර ගැනීමට අපේක්ෂා කරන බව කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මනෝජ් රාජපක්ෂ මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 May 2025
ලුණු මෙට්‍රික් ටොන් 600ක් ආවා ලුණු මෙට්‍රික් ටොන් 600ක් මේ වන විට ගෙනවිත් තිබෙන අතර ඒ ලුණු අද සිට මුදා හරින බව සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 May 2025
රනිල් කජු කෑවා වගේ මිනිස්සු ලුණු කන්නේ නෑ රනිල් කජු කෑවා වගේ මිනිස්සු ලුණු කන්නේ නැතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 May 2025
ලුණු එන්න ප්‍රමාදයි ලංකා ලුණු සමාගම ආනයනය කළ ලුණු තොගය දිවයිනට ළගාවීම දින කිහිපයක් ප්‍රමාද විය හැකි බව එම සමාගම පවසයි. 22 May 2025
රාජ්‍ය බැංකු දෙකක් ලාභ පෙන්වයි ලංකා බැංකුවේ සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 2024 වාර්ෂික වාර්තා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද(22)සිදු විය. 22 May 2025
කල්කුඩා සිසුහු ගුරුන් ඉල්ලා පාරට බසිති මඩකලපුව ඇති එකම සිංහල විද්‍යාලය වන කල්කුඩා ශ්‍රී සීලාලංකාර මහා විද්‍යාලයේ සිසුහු පිරිසක් පාසල් අධ්‍යාපන කටයුතු නිමවීමෙන් අනතුරුව, විද්‍යාලයට ස්ථිර ගුරුවරු ඉල්ලා නිහඬ විරෝධතාවයක් අද දහවල් විද්‍යාල ඉදිරිපිට සිදු කළහ. 22 May 2025
නීතිඥ ලක්මාලි ආර්ථික ආංශික කමිටුවේ සභාපති පුටුවට මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරිය ලෙස පත්වූවාය. 22 May 2025
කුණ්ඩසාලේ හිටපු සභාපතිවරයකු අත්අඩංගුවට සිය වැටුපෙන් උපයාගත නොහැකි දේපොළක් සන්තකයේ තබා ගත්තේ යැයි කියන කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පවසයි. 22 May 2025
විගණකාධිපති තනතුරට ජනාධිපති දුන් නම විසිවේ විගණකාධිපති තනතුරට ජනාධිපති අනුර කුමාර දීසානායක මහතා විසින් යෝජනා කෙරුණු නාම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (21) ප්‍රතික්ෂේප කර ඇත 22 May 2025
සක්විතිට - බිරිඳට වසර දහයක අත්හිටවූ සිර දඬුවම් සක්විති හවුස් කන්ට්‍රක්ෂන් මූල්‍ය ආයතනය පවත්වාගෙන යමින් රුපියල් කෝටි 16 කට අධික ජනතා මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ සක්විති රණසිංහට හා ඔහුගේ බිරිඳට වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා එම දඬුවම වසර දහයකට අත්හිටුවන බව නියෝග කළේය. 22 May 2025
ලුණු ප්රශ්නය අදින් ඉවරයි ලුණු ප්රශ්නය අදින් පසු අවසන් වන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 22 May 2025
මහ බැංකුව පොලී අනුපාත අඩු කරයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ(21) දින පැවැති රැස්වීමේදී මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කරමින් එක් දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 25කින් සියයට 7.75 දක්වා අඩු කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 22 May 2025
සරසවිවලට අලුත් නේවාසිකාගාර විශ්ව විද්‍යාල වල නේවාසිකාගාර වැඩි කිරීමට පියවර ගන්නා බව අගමැතිනී අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද පැවසුවාය. 22 May 2025
වීරකැටියේ ඉඩමකින් හෙරොයින් තොගයක් සොයාගනී වීරකැටිය අතුබොදේ ප්‍රදේශයේ ඉඩමක ටකරන් යට සඟවා තිබූ පොහොර උර දෙකක තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 100 කට ආසන්න ප්‍රමාණයක් අද සොයාගත් බව වීරකැටිය පොලිසිය පවසයි . 22 May 2025
පුංචි ආණ්ඩු සභිකයන් පත් කිරීමේදී එජාපයෙන් දැඩි තීරණයක් පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබා ගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. 22 May 2025
වවිනියාවේ නිවසකින් ගිනි අවි පතුරොම්-STF නිල ඇදුම් මතුවෙයි වවුනියාව, බෝගස්වැව සැළලිහිණිගම ගම්මානයේ නිවසක සඟවා තිබූ ගිනිඅවි රැසක් සඳහා යොදාගන්නා පතොරම් සහ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළෙකු නිල ඇඳුම් කිහිපයක් සමඟ පුද්ගලයකු ඊයේ (21) සවස අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි. 22 May 2025
පුරවසම් කුලම OIC අල්ලස් දැලේ පැටලෙයි ඉඩමක ආරවුලක් විසඳා කරදරයක් නොමැතිව එය පවත්වාගෙන යෑම සඳහා රුපියල් ලක්ෂ පහක අල්ලස් ගත් බව කියන පුරවසම් කුලම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඊයේ (21) අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 22 May 2025
‘කුෂ්‘ ගුවන් තොටෙන් පන්නන්න හැදූ හතරක් මාට්ටු රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සදහා වන ’’ රක්ත මාවත ’’ ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 22 May 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026