සීත අරණේ සුපුල් නාම මිලීන වී යයි ‘‘මම අද අවේ ආදරය සොයාගෙන ‘‘ආවා සොයා ආදරේ. මට මේ වගේ ආදරයක්. මට තේරෙන්නේ නෑ කොහොමද කියන්නේ කියලා. මට ගොඩාක් දේවල් කියන්න තිබෙනවා. මා වෙනුවෙන් වෙන්කරගෙන ආපු එක මට කෝටිකයක් වටිනවා. ඒ මොනවා වුණත් මට එක දෙයයි කියන්නේ තිබෙන්නේ මට හැමදාම ආදරය ලැබුණා ඒ වගේම මාත් ආදරය දුන්නා. ඒක මම නවත්වන්නේ නෑ.මම කොහොම හරි ඒ ආදරය රැක ගන්නවා. මම ආදරෙයි හැමෝටම‘‘ 24 May 2025
’’ගාඩ්’’ කළ යුතු අපරාධකරුවෝ 200ක් ප්‍රවාහනයේදී ආරක්ෂාව සැලසිය යුතු අපරාධකරුවන් 200ක් බන්ධනාගාරවල සිටින බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පැවසීය. 24 May 2025
හෙළ සිනමාවේ නිළි රැජිනගේ අවසන් කටයුතු නිදහස් චතුරශ්‍රයේදී හෙළයේ මහ රංගවේදනීය මාලිනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්රයේදී ලබන 26වැනිදා සඳුදා සිදු කිරීමට තීරණය කර ඇත 24 May 2025
හිටපු මන්ත්‍රීන් පහකට සොව පුදන විවාදය ලබන 06 අභාවප්‍රාප්ත මන්ත්‍රීවරුන් පස්දෙනකු වෙනුවෙන් ශෝකය පළ කෙරෙන ශෝක යෝජනා විවාදයක් ලබන මස 6 පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 24 May 2025
රොත්තක් ජපුර රෝහලෙන් පිනට බේත් අරං ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වූ ඇතැම් රෝගීන් ප්‍රතිකාර සඳහා මුදල් ගෙවා නැතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය. 24 May 2025
පුංචි සභා පිහිටුවීම අවුලක බොහොමයක් සභිකයන්ගේ ලයිස්තු තවමත් ලැබී නැති හෙයින් පළාත් පාලන ආයතන ලබන ජුනි මස 2 වැනිදාට පිහිටුවීම විශාල අභියෝගයක්වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය. 24 May 2025
මිලි මීටර් 75ට වැඩි තද වැසි අද බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 24 May 2025
මාතලේ සජබ සංවිධායක තුනක් ඉල්ලා අස්වෙති සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනකු ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව රත්තොට සජබ ආසන සංවිධායක හිටපු රාජ්‍ය අමාත්‍යය රජිත් අළුවිහාරේ මහතා පවසයි. 24 May 2025
සිංහල සිනමාවේ නිළි රැජින දිවිසැරිය නිමවයි සිංහල සිනමාවේ රැජින ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම සිය දිවි ගමන නිමා කළාය. මිය යනවිට ඇය 78 වැනි වියෙහි පසුවූවාය. 24 May 2025
නුවරඑළියේ බස් අනතුරක් 21ක් රෝහලට නුවරඑළියේ සිට කුරුණෑගල දක්වා දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් අනතුට ලක්වීමෙන් එම බස් රථයේ ගමන් ගත් 21 දෙනකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහා රෝහල ඇතුළත් කළ බව නුවරඑළිය පොලීසිය පැවසීය. 24 May 2025
තංගල්ල බස් අනතුරින් අයෙක් මරුට:13ක් රෝහලට තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ නෙටොල්පිටිය වැලිආර ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් ටිපර් රථයක ගැටී සිදුවූ අනතුරකින් එක් අයකු මියගොස් 15 දෙනකු තුවාල ලබා ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි . 24 May 2025
රට හදන්න ගත් ට්‍රිලියන 22ක් ගිය තැනක් නෑ පසුගිය රජයන් ලබා ගත් ණය මුදල්වලින් කෝටි විසි දෙලක්ෂයක් (ට්‍රිලියන 22ක්) ආගිය අතක් නැතැයි මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 May 2025
දිනකට ලක්ෂ 40ක අල්ලස් ගත් RMV ලොක්කෝ තුනක් රිමාන්ඩ් අප්‍රමාදීව වාහන ලියාපදිංචි කරදීම සහ පැවරීම් කටයුතු කරදීම වෙනුවෙන් මුල්‍ය ආයතන ඇතුළු මෝටර් රථවාහන දෙපාර්තමෙන්තුවට පැමිණී ජනතාවගෙන් එක් දිනක් තුළ අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ 40කට ආසන්න මුදලක් ඉල්ලා ලබාගත් බව කියමින් අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙකු ලබන මස 06 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද 23 May 2025
ඇමෙරිකා බද්ද ගැන කතා කරන්න ලංකා නියෝජියෝ වොෂින්ටනයට එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව ඇමරිකා තීරු බදු සම්බන්ධයෙන් වොෂින්ටන් ඩී.සී.හි පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් සහභාගී වීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි. 23 May 2025
අල්ලසට හිත ගිය සුරාබදු දෙන්නා වසර 28කට හිරේ හෙරොයින් ලඟ තබාගෙන සිටියදි අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනෙකුට නීතිය ලිහිල්ව ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් ලක්ෂ 1 1/2ක අල්ලසක් ඉල්ලීමේ චෝදනාවන්ට වරදකරුවන් වු සුරාබදු නියාමකවරු දෙදෙනකුට වසර 28 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා රුපියල් 20,000/- බැගින් දඩද අද (23) නියම කළේය. 23 May 2025
විදුලි බිල සියයට දහඅටකින් ඉහළට විපක්ෂය විදුලි බිල සියයට තිස්පහකින් වැඩි වන බව කිව්වත් වැඩි වන්නේ සියයට දහ අටකින් බව නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 May 2025
උත්තේජක මර්දන ආයතනයට නව සභාපතිවරයෙක් ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් පත් කෙරුණු ආචාර්ය දුෂාන් ලලීෂ කහටපිටිය මහතා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතින් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පත්වීම් ලිපිය බාර ගත්තේය. 23 May 2025
RMV ලොක්කෝ තුනක් දිනකට ලක්ෂ 40ක අල්ලස් අරන් අප්‍රමාදීව වාහන ලියාපදිංචි කරදීම සහ පැවරීම් කටයුතු කරදීම වෙනුවෙන් මුල්‍ය ආයතන ඇතුළු මෝටර් රථවාහන දෙපාර්තමෙන්තුවට පැමිණී ජනතාවගෙන් එක් දිනක් තුළ අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ 40කට ආසන්න මුදලක් ඉල්ලා ලබාගත් බව කියන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනකු අල්ලස් කොමිසම අද අත්අඩංගුවට ගත්තේය. 23 May 2025
කොළඹ සරසවි නව උපකුලපති මහාචාර්ය අයි.එම්. කරුණාතිලක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය අයි.එම්. කරුණාතිලක මහතා පත් කර තිබේ. 23 May 2025
ඉන්ඩි ගෝ යානයක් මහා කුණාටුවකට හසුවෙයි දිල්ලි සිට කාශ්මීරයේ ශ්‍රීනගර් බලා පියාසර කළ ඉන්ඩි ගෝ ගුවන් යානයක් දැඩි කුණාටු තත්වයකට හසුවී විනාඩියක් තුළ අඩි 8500 පහළට පැමිණ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 23 May 2025
කෑම සටනින් මැතිසබේ සේවකයෝ ජය ගනිති රැපියල් 3600ක් දක්වා ඉහළ දැමුණු පාර්ලිමේන්තු සාමාන්‍ය සේවකයන්ගේ මාසික කෑම බිල රුපියල් 2500ක් දක්වා රුපියල් 1100 කින් අඩු කිරීමට පාර්ලිමේන්තු ගෘහ්‍ය කාරක සභාව අද (23) තීරණය කළේය. 23 May 2025
විදේශ ණය පනතට කතානායක සහතිකය විදේශ ණය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (23) සිය සහතිකය සටහන් කළේය. 23 May 2025
ගුවන් සේවා - ධීවර - ආයෝජන හිටපු සභාපතිවරුන්ට නඩු අල්ලස් චෝදනා යටතේ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ හිටපු සභාපතිවරයාට, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයාට සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අද (23) නඩු පැවරීය. 23 May 2025
ප්‍රධාන පොලිස් පරීක්ෂක 12කට ස්ථාන මාරුවීම් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 12 ක් සහ පොලිස් පරීක්ෂකවරු 4 ක් ස්ථානමාරුවීම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා අද (23) පැවසීය. 23 May 2025
කුඩු ප්‍රවාහන කුලිය ලක්ෂ 180ක් රැගෙන යද්දී මාට්ටු මත්ද්‍රව්‍ය තොගයක් ගැඹුරු මුහුදේ සිට ට්‍රෝලර් යාත්‍රාවක් ගොඩබිමට රැගෙන ඒමේ කුලිය වූ රුපියල් එක්කෝටි අසූ ලක්ෂකට ආසන්න මුදලක් ත්‍රිරෝද රියගින් රැගෙන ගිය දෙදෙනකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා ප්‍රකාශ කරයි. 23 May 2025
දැරියක අපයෝජනය කළ 62කේ පියකුට වසර 17ක සිරදඬුවම් ගර්භනී තත්ත්වයෙන් පසු වු බිරිඳ රෝහලට ගෙන ගිය අවස්ථාවේ පාසල් ගිය දියණිය නිවසට ගෙන ඒමට බාරකළ ලඟම හිතවතෙකු 07 හැවරිදි දියණියට බරපතල ලිංගික අපයෝජනය කළ බවට ඔප්පු වීම නිසා කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ගැහැණු දරුවන් පස්දෙනෙකුගේ පියෙකු වන 62 හැවරිදි විත්තිකරුවකුට වසර 17ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් අද (23) නියම කළේය. 23 May 2025
බූරු මූණා එස්.ටී.එෆ් හා ගැටේ බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන රවිදු සංකද සිල්වා හෙවත් බූරු මූණා යන රැදවියා සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් අතර ඇතිවු ගැටුමකදි තුවාල ලැබු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් දෙදෙනකුද බූරු මුණා ද ප්‍රතිකාර සඳහා අද දහවල් කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 23 May 2025
’’උතුරේ මිනිසුන්ගේ ඉඩම් රජයට එපා’’ උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් රජයට පවරා ගැනීමේ කිසිදු අරමුණක් රජයට නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවා ය. 23 May 2025
‘නෙක්ස්ට්’ වැසූ හේතුව මෙන්න කටුනායක ආයෝජන කලාපයේ නෙක්ස්ට් ඇඟලුම් ආයතනය වසා දමා ඇත්තේ ඩොලර් කෝටියක පාඩුවක් නිසා බව වැඩබලන කම්කරු ඇමති මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 May 2025
දෙකයි පනහට වැටුණු අපි මාස හතෙන් මිලියනයක් ඡන්ද ගත්තා දෙකයි පනහට වැටුණු අපි ඡන්ද මිලියනයක් ගත්ත එක ලොකු වර්ධනයක් යැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා:-(පො.ප) පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 May 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026