ජනපති ප්‍රසංග කලාකරුවන් හමුවෙයි රටේ ජනතාවට ජනතාවට අහිමි වී ගිය සංස්කෘතික ජීවිතය නැවත සමීප කරවීම වෙනුවෙන් එළිමහන් ප්‍රසංග පවත්වන කලාකරුවන් සිදු කරන මෙහෙය ඇගයීමට ලක් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 25 May 2025
විෂ දුම සොයන්න පොලිසියේ තෙවන ඇස RMVය ගනී වාහන විෂ දුම නිසා දිනෙන් දින ඉහළ යන සෞඛ්‍ය, පාරිසරික සහ දේශගුණික ගැටලු කළමනාකරණය ක්‍රමෝපාය යටතේ අධික විෂ දුම පිට කරන වාහන හදුනාගැනීම සඳහා පොලිස් සීසීටීවී කැමරා පද්ධතිය යොදා ගැනීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සැළසුම් කර තිබේ. 25 May 2025
හරිනි මාලිනියට අවසන් ගෞරව දක්වයි අග්‍රන්‍ය සිනමා වේදනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අද අවසන් ගෞරව දැක්වූවාය. 25 May 2025
එජාප අම්බලන්ගොඩ සංවිධායක අස්වේ ජනතා ප්‍රසාදයක් නොමැතිව දේශපාලනය කර පළක් නැති බැවින් තමා සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බව එක්සත් ජාතික පක්ෂයේ අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායක ජනිත් වික්‍රමතිලක මහතා අද පැවසීය. 25 May 2025
මාලනී ෆොන්සේකාගේ වර්ණ ඡායාරූපයක් හෙට පත්‍රය සමග සිංහල සිනමාවේ නිළි රැජින වූ හෙළ සිනමාවෙන් සමුගත් මාලනී ෆොන්සේකා මහත්මියගේ වර්ණ ඡායාරූපයක් ලංකාදීප පුවත්පත සමග හෙට රසික රසිකාවන් අතට පත් කෙරේ. 25 May 2025
සමගියේ හයකට සංවිධායක කම් එපා වේ පක්ෂ නායකත්වය හා ඉහළ තනතුරු දරන නිලධාරීන්ගේ අකටයුතුකම් හේතුවෙන් සමගි ජනබලවේගය පක්ෂයේ ආසන සංවිධායකවරුන් පස් දෙනකු එම තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපි පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වෙත භාරදී ඇතැයි එම පක්ෂ අභ්‍යාන්තර කටයුතු ආරංචි මාර්ග කියයි. 25 May 2025
මතුගම පුංචි මන්ත්‍රිවරු හතරක සජිත් සමග එක් වෙති මතුගම ප්‍රාදේශීය සභාවට තේරු පත් වූ මන්ත්‍රීවරු පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගයට සහාය පළ කළහ. 25 May 2025
මාලනීගේ අභාවයෙන් ඇතිවු හිඩැස පිරවිය නොහැකියි මාලනී ෆොන්සේකා මහත්මිය ප්‍රතිභාපූර්ණ රංගවේදිනියක ලෙස දශක ගණනාවක් මෙරට සිනමාව අර්ථෙයන්, රසයෙන් සහ රූපයෙන් පෝෂණය කර නික්මයාමෙන් දේශීය සිනමාවේ ඇතිවන හිඩැස නැවත පිරවිය නොහැක්කක් යැයි හැගෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය. 25 May 2025
ගිණුම් සංශෝධන යෝජනා 10 කට මුදල් සභාවේ අනුමැතිය අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු කිහිපයක අත්තිකාරම් ගිණුම් සීමා සංශෝධනය සඳහා ඉදිරිපත් කෙරෙන යෝජනා සම්මතයන් දහයක් සඳහා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමතිය හිමිවිය. 25 May 2025
කොළඹ ජාතික රෝහලට අධ්යක්ෂවරයෙක් නෑ මෙරට විශාලතම රෝහල වන කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ තනතුර පුරප්පාඩු වී මාස දෙකක පමණ කාලයක් ගතවී තිබුණ ද එම පුරප්පාඩුව පිරවීමට දේශපාලන අධිකාරීය අසමත්වීමෙන් ගැටලුකාරී තත්වයක් උද්ගතවී ඇති බව එම රෝහලේ වෛද්‍යවරු පවසති. 25 May 2025
කෘ.ස. නිලධාරියාගේ සිරුර ඇළක කිලිනොච්චිය , ගනේෂපුරම් ප්‍රදේශයේ ජලය සහිත ඇළ මාර්ගයක තිබී කෘෂිකර්ම සංවර්ධන නිලධාරියකුගේ සිරුරක් අද (25) උදෑසන සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි. 25 May 2025
පුංචි සභා 161ක සභිකයන් ගැසට් කෙරේ පළාත් පාලන ආයතන 161 ක සභිකයන් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට යොමු කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි 25 May 2025
පෞද්ගලික දත්ත පනත විවාදය 3 වැනිදා පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ලබන 3 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 25 May 2025
සුව ඇමති ඖෂධ හිඟයට හේතුව පහදයි වර්තමානයේ පවතින සමහර ඖෂධ වල හිඟයට හේතුව ගෙවුණු 2024 වසරේ නියමිත කාලසීමාව තුළ ඖෂධ මිලදී ගැනීම සම්බන්ධව තීන්දු තීරණ නිසියාකාරව නොගැනීම බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 25 May 2025
පළාත් සභා ඡන්දය කල් යයි පළාත් සභා මැතිවරණය තව වසරකින් පමණ කල් යනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය. 25 May 2025
ඩෙංගු චිකුන් ගුන්යා ඉහළ යන අවදානමක් ඩෙංගු සහ චිකුන් ගුන් යා මෙරට සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස වර්ධනය වෙමින් පවතින බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා පැවසීය. 25 May 2025
ආණ්ඩුවේ කන්තෝරුවල අල්ලස් පොකුරු රජයේ ආයතනවල නිලධාරීන් හෝ සේවකයන් සාමූහික වශයෙන් එකතුවී කරන අල්ලස් ගැනීම්( අල්ලස් පොකුරු) වැඩි වී ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතා පැවසීය. 25 May 2025
වියදමෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට 27න් පසු නඩු මැතිවරණ වියදම් වාර්තා ලබන 27 වැනිදා රාත්‍රී දොළහට පෙර බාර නොදෙන පළාත් පාලන අපේක්ෂකයන්ට එරෙහිව අනිවාර්යයෙන්ම නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 25 May 2025
රජයේ රෝහල්වල ඖෂධ 45ක් නෑ රජයේ රෝහල්වල ඖෂධ වර්ග 180ක් හිඟ බවට සමහරුන් කරන ප්‍රකාශ අසත්‍ය බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය. 25 May 2025
වායු පිස්තෝලයකින් වෙඩි තියන්න ගිය අයෙක් අත්අඩංගුවට අකුරණ කුරුගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට වායු පිස්තෝලයකින් වෙඩි තැබීමට උත්සාහ කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 25 May 2025
පළාත් කීපයකට අදත් තදවැසි බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 25 May 2025
වල්අලි ප්‍රහාරයෙන් දරුවා මරුට ගෝමරන්කඩවල ඉඳිකටුව ප්‍රදේශයේදී සිදුවූ වල් අලි ප්‍රහාරයකින් හත් හැවිරිදි දරුවකු මරණයට පත් වූ බව ගෝමරන්කඩවල පොලිසිය කියයි . 25 May 2025
නවසීලන්ත නියෝජ්‍ය අගමැති දිවයිනට නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්සන්ට් පීටර්ස් ( Vinston Peters ) මහතා සිව් දින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණියේය. 25 May 2025
ජනපති මාලනී වෙනුවෙන් සොව පළ කරයි මාලනී තමන් සිටි යුගයට වඩා ඉදිරියෙන් සිටි රංගවේදිනියක බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අභාවප්‍රාප්ත අග්‍රගන්‍ය රංගනවේදනී මාලනී ෆොන්සේකා මහත්මියගේ වියෝව සම්බන්ධයෙන් ශෝක සටහනක් තබමින් පවසයි. 24 May 2025
නිළි රැජනට අවසන් ගෞරව දක්වන්න දින දෙකක් ප්‍රවීණ රංගන වේදිනී මාලනී ෆොන්සේකා මහත්මියෙගේ දේහය හෙට (25) දිනයේදී ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී හා අනිද්දා දින (26) නිදහස් චතුරස්‍ර මන්දිරයේදී මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබීමට නියමිතය. 24 May 2025
හෙදියෝ 3147ක් පත්වීම් ලබති හෙද සේවයේ 3147 දෙනෙක් කොළඹ අරලියගහ මන්දිරයේදී අද පත්වීම් ලැබූහ. 24 May 2025
විදුලි සූත්‍රය ක්‍රියාත්මක කළදාට අයි.එම්.එෆ් ණය හරි පෙර එකඟවූ ක්‍රියාමාර්ග වන විදුලිය උත්පාදනය කිරීමට වැයවන මුදලට සරිලන ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සහ පිරිවැයට සරිලන ලෙස විදුලිය ගාස්තුව ස්වයංක්‍රීයව සංශෝධනය වන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව සහතික කිරීම මත සිව්වැනි සමාලෝචනය සම්පූර්ණ කිරීමට විධායක කමිටුව රැස්වෙන දිනය නිශ්චිතව පැවැසිය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලී කොසැක් මහත්මිය ප්‍රකාශ කළේය. 24 May 2025
හිටපු ඇමැති දුමින්ද රිමාන්ඩ් වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේ දී පොලිස් භාරයට ගත් රන් පැහැති ටී 56 ගිනි අවිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ලබන 29 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගල්කිස්ස වැඩ බලන මහේස්ත්‍රාත් ශාන්ත කුමාර මහතා අද (24) නියෝග කළේය. 24 May 2025
ආණ්ඩුව කොළඹ බලය ඇල්ලූ කතාව බොරු මාලිමාව කොළඹ මහ නගර සභාවේ බලය ඇල්ලූ බව සඳහන් කරමින් ආණ්ඩුව ඔවුන්ට හිතවත් සමාජ මාධ්‍ය යොදාගෙන බොරු මාධ්‍ය ෂෝ එකක් කරන බව සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය. 24 May 2025
පොලිසිවලට CCTV කැමරා: මානව කොමිසමෙන් නිර්දේශයක් සීසීටීවී කැමරා සවිකරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර ඇත. 24 May 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026