
(සුජිත් හේවාජුලිගේ)
සංවිධානාත්මක අපරාධ කල්ලි සාජිකයන් තමන් වහන්සේ ඝාතනය කිරීමට සූදානමක් පවතින හෙයින් ඇමැති ආරක්ෂක අංශ නිලධාරින් දෙදෙනකු ආරක්ෂාවට දෙන ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ආරක්ෂක ලේකම්වරයාට ලිපියක් යවමින් ඉල්ලීමක් කරති.
බුද්ධි අංශ නිලධාරීන්ද තම විහාරස්ථානයට පැමිණ එම තර්ජනය පිළිබඳව දැනුම් දුන් බවද උන්වහන්සේ ලිපියේ සඳහන් කර ඇත.
දීර්ඝ කාලයක් තිස්සේ රටේ පැන නැග ඇති ගෝලීය ත්‍රස්තවාදය හා බැඳුණු ඉස්ලාම් අන්තවාදය පිළිබඳව තමන් වහන්සේ කළ විවිධ හෙළිදරව් කිරීම් හේතුවෙන් බොහෝ අන්තවාදී ක්‍රියාකාරකම් නතර කරගැනීමට හැකි වූ බව කියන ඥානසාර හිමියෝ මේ තත්ත්වය යටතේ තමන් වහන්සේ ආරක්ෂාව පැත්තෙන් අවදානමට ලක්ව ඇති බවද පෙන්වා දෙති.
සුදුසු ආරක්ෂාවක් රජයෙන් ඉල්ලා සිටියද තවමත් එය ලැබී නොමැති බවද උන්වහන්සේ සඳහන් කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට පොලිස් නිලධාරීන් හාරකෝටි තිස් හතර ලක්ෂයක් ඕනෑ වෙනවා අලුත් සංගණනයට අනුව...
කිසිම ආරක්ෂාවක් දෙන්න එපා... හරියට තම ශීලය රකිනවා නම්, ධර්මයට අනුකුලව ජීවත් වෙනවා නම්, බුදුන් දෙසූ විදියට ධර්මයේ ආරක්ෂාව මොහුට ලැබේවි...
ජාතීන් අතර අසමගිය ඇතිවෙන විදියේ කරන්න පුලුවන් ඔක්කොම පව් වැඩ කරලා එනවා මෙතැන ආරක්ෂාව ඉල්ලාගෙන? කිසිම ආරක්ෂාවක් නොදිය යුතුමයි.
ඈහ්, මල හත්තිලව්වක්නේ හාමුදුරුවනේ... හැබැයි ඉස්සර ඔබ වහන්සේලා පට්ට චන්ඩි නේද? එතකොට කෝ දැන් ඒවා? මේ නිකමට අහන්නේ? අර වේවැල් පාරවල් එහෙම දෙනවා කිව්වානේ ඒ කාලෙ. ආයතනවලට ගිහින් තග දාපුවා මතකද?
“මරලා පව් පුරවා ගන්නේ නැහැ” කියලා කතාවක් තියනවනේ…
කිසිම ප්‍රශ්නයක් නෑ. ආපහු තිබ්බ නඩු ටික කැදවලා නීතිය හරියට කළානං සියලු ආරක්ෂාව එක්ක ඇතුලේම ඉන්න තිබ්බා. ආයෙත් ඕනෙම නං ගොං කතාවක් දෙකක් කියන්න. එකෙන්ම ඇතුලේ නොමිලේ ආරක්ෂාව සමග....
දෙන්න තමයි ඕන ආරක්ෂාව...
අපේ රටේ කතාවක් තියෙනවා " හොඳට නරකට දෙකට කටමය " කියලා. මේ හාදයා ( මේ සිල්වත් ස්වාමින්වහන්සේ කෙනෙක් නොවෙයි !!! උතුම්වූ බුදුන්වහන්සේගේ උතුම්වූ චීවරයට පාටින් සමාන කහ රෙදි කෑල්ලක් පටලවාගත්ත ජූජක බමුණෙක් පමණයි ) ගොටාභය කියන බයගුල්ලාට මුට්ටි අල්ලන කාලේ ,ජාති භේද අවුස්සපු කාලේ , බයගෝටාගේ පවර්ස් අරගෙන වාචාල කමට කෑ ගසමින් ,ජනතාව කුලප්පුකල බොරු චන්ඩියා අද ආරක්ෂාව ඉල්ලනවා ආණ්ඩුවෙන්. පොලිසිය හමුදාව ඉන්නේ මේවගේ රස්තියාදුකාරයින්ව ආරක්ෂා කරන්න නොවෙයි. ඥානසාර , තමුසේ ප්‍රංශයට ගිහින් ශි** වයි තමුසෙගෙ පුතාවයි බලලා එහෙට වෙලා ඉන්නවා.තමන් ඉල්ලන් කාලා තියෙන්නේ..තමන් වගේ පිස්සු බල්ලන්ව මරන්නනම් තමන්ගේ යම්කිසි සම්බන්ධයක් ඇති මත්ද්‍රව්‍ය පාතාලයත් එක්ක.හැබැයි ,කවුරුහරි මේකාගේ " අශිලාචාර වාචාල කට " කැපුවොත් " පව් " නැහැ.
ඉතාම හොද අවස්ථාවක් බුද්ධාගමට උදාවන බව පේනව. කිසිම ආරක්ෂාවක් දේන්න එපා..
ආරක්ෂාවට පොලිස් නිලධාරියෙක් දුන්න කියමුකෝ හවසට අඩියක් එහෙම ගහල ඉන්න වෙලාවට පොලිස්කාරය හමුදුරුවොන්ගෙන් බෙර ගන්න පොලිස් කාරයට ආරක්ෂාවටත් උපාසකයෙක් හරි කවුරු හරි දමන්න වේවි ,
මේ හාමුදුරුවො කොච්චර නම් කිව්වද නැගෙනහිර දරුණු අන්තවාදයක් යනවා. දැන්ම වැලැක්කුවේ නැත්තන් විශාල විනාශයක් වෙනවා කියලා. ඒ කාලේ යහපාලනේ, මේ හාමුදුරුවන්ට ජාතිවාදී ලේබල් එක අලවලා, අන්තවාදීන් හුරතල් කරා. අන්තිමට හොඳම එකෙන් කෑවා. රට වැටෙන්නත් ප්‍රධාන හේතුවක් ඒක. ආපහු හොඳ පාරක් කෑවම තමයි අපේ හරක්ට තේරෙන්නේ.
ඔය නැති පවුරුෂයක් පෙන්නන්ත් පොරක් වෙන්නත් දගලන්නේ. මේ රටට මහා විනාශයක් කල මෙවැනි චීවරදරයන් කූඩු කරලා ආරක්ෂාව දුන්නානම් රටටත් සමාජයටත් යහපතක් වේවි
යම් යම් අඩුපාඩු සහිතව උනත් මුන්වහන්සේ කතා කළේ, හඬ නැගුවේ, හිරේ විලංගුවේ වැටුණේ තමන් වෙනුවෙන් නේද කියන කාරණාව නොතේරෙන කොමෙන්ටුවොන්ට ඉතිං මාක්ස් ලෙනින් චේ ගොවේරා අනුර කුමාර සරණ මිස දහම් සරණක් නම් නැත.
උන්වහන්සේට කරදරයක් උනොත් ඒක පාවිච්චි කරල ජාතිවාදය අවුස්සල හොරැ රෑල ආයෙ එනව. අනතුරක් තියනවනං ආරක්ෂාව දිය යුතුයි.
ජාතිවාදය ඇවිස්සෙනවට කැමති දෙගොල්ලක් ඉන්නව, 1.මුස්ලිම් අන්තවාදීන් 2. පොහොට්ටුවේ හොරු උන්වහන්සේව දෙගොල්ලගෙන්ම ආරක්ෂා කරන්න වෙනව
සිවුර ඇඳගත්තේ නිවන් යන්න, සසර කෙටි කරගන්න. දැන් මරණයට බය වෙලා…
මුළු දිවයිනේම හරක් මැරීම තහනම් කල යුතුයි.
මෙයාගෙන් ආරක්‍ෂා වෙනවා , ඒත් මෙයට ආරක්‍ෂාවක් අවශ්‍ය නොවේ.
ධර්මය රකින්න ආපු අයත්, ආණ්ඩුවට රකින්න වෙලා … සුදු ඇඳ ගත්ත , කලු චරිත තමයි ඔක්කොම
උපැවිදි කරවන්න…
''ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී''
මේක මාර විහිළුවක් වුණානේ.
ධර්මය රකින්නා ධර්මයෙන් රැකදෙයි, එය නොම දන්නා සසරේ මැරි මැරි උපදියි...!